කන්න අකමැති කොහිල රසවත් ව පිළියෙල කර ගත හැකි ක්‍රම.

කොහිල කියන්නෙ ඉතාමත්ම ඉහළ ඔසු ගුණයෙන් යුතු ආහාරයක්.දලු,අල ආහාරයට එක්කර ගැනීමට පුලුවන්.කොහිල වර්ග කිහිපයක් තියෙනවා.එනම් අල සහිත කොහෙද කොහිල වැල් සහිත කොහිල ලෙසින්.

කොහිල වල ගුණ

  • කොහිල වල ඇති තන්තුමය ස්වභාවය නිසා ශරීරයට ඉතාමත් හිතකරයි .මලබද්ධය අර්ශස් රෝග වැනි රෝගවලට ගුණදායක යි.
  • බඩ පුරවා දැමීම ,සිරුරේ අප්‍රාණික බව හිසරදය,කෑම අරුචිය,බඩවැල් තුළින් ලේ ගලා යාම ,වැනි තත්ත්වයන්ට ඉතාමත් ගුණදායකයි .
  • කොහිල අල ආහාරයට ගැනීම නිසා අක්මාවේ එන්සයිම ස්‍රාවය මනාව ක්‍රියාත්මක වනවා .විෂ නැසීමේ ක්‍රියාවලියට එය පහසුවක් වනවා.
  • අධික ලෙස මත්පැන් පානය කරන අය විෂ සහිත ආහාර ලබා ගන්නා අය කොහිල  ආහාරයට ගැනීමෙන් ආහාරයට ගැනීමෙන් අක්මාවට සිදුවන හානිය තරමක් හෝ අවම කර ගන්නට පුළුවන් .

කොහිල වලින් සාදා ගන්නට සාදා ගන්නට පුළුවන් ආහාර

කොහිල අල වෑංජනය

  • කොහිල අල තරමක් විශාල ලෙස කැබලි වලට කපාගන්න.
  • එයට බැදගත් තුනපහ, මිරිස්. කුරුඳු. ගම්මිරිස්, රතුලූනු, අමුමිරිස් උළුහාල් ,ගොරකා, සුදුලුනු ආදිය දමා පොල්කිරි මිශ්‍ර කර බොහෝ වේලාවක් පිස ගන්න.
  • පොලොස් තරමටම රසවත් ලෙස පිළියෙල කර ගන්නට පුළුවන්.

කොහිල අල සලාදය

  • මෝරා නැති ලපටි කොහිල අල තෝරා ගෙන හොඳින් පිරිසුදු කර සිහින්ව කපාගන්න.
  • එයට රතුළූණු අමු මිරිස් උම්බලකඩ ගම්මිරිස් පොල් දෙහි ලුණු යොදා මිශ්‍ර කරන්න.

කොහිල අල කැඳ.

  • මේ සඳහා හීනටි සහල් ඉතාමත් ගුණයි .
  • එම සහල් වලින් හොඳින් බෙරි වෙන තෙක් බතක් උයා ගන්න.
  • රට කොහිල අල යුෂ පොල් කිරි සහ ලුණු මිශ්‍රකර මිශ්‍ර කර කැඳ වශයෙන් සාදා ගන්නට පුළුවන්.
  • ඒ වගේම පොල් කිරි නැතුවත් මෙම කැඳ වර්ග සාදා ගන්නට පුළුවන් .

කොහිල දලු ව්‍යාංජනය

  • ළපටි කොහිල දලු කැබලි වලට අතින් කඩා එයට රතුළූණු අමු මිරිස් කරපිංචා උම්බලකඩ සහ ලුණු එකතු කර මිටි කිරි ස්වල්පයක් දමා මඳ ගින්නේ පිස ගන්න .

කොහිල දලු මැල්ලුම

  • පළමුව ළපටි කොහෙද දළු කටු ඉවත් කර පිරිසිදු කර ගන්න.
  • පසුව සිහින්ව කපා පොල් රතු රතුළූනු අමු මිරිස් අවශ්‍ය තරම් ලුණු දමා මලවා ගන්න පුළුවන් .

Related Articles

Don't Miss


Latest Articles