අඹ කන්න අලුත්ම විදියක් – Mango Puff Puff

අඹ කියන්නේ කොයි කවුරුත් කැමති රසවත් පළතුරක්. අඹ වලින් හදා ගන්න පුලුවන් රසවත් අතුරුපසක් ගැනයි මේ.

අවශ්‍ය දේවල් මෙන්න මේවායි..

  • මඳක් ඉදුණු අඹ
  • පාන් පිටි කෝප්ප 1
  • සීනී කෝප්ප 1/3
  • පොල් තෙල් ටිකක්
  • බේකින් පවුඩර් තේ හැදි 1/2
  • ලුණු තේ හැදි කාලක්
  • සාදික්කා කුඩු ටිකක්
  • බ්ලෙන්ඩ් කරගත් සීනි කෝප්ප 2
  • බැද ගැනීමට පොල් තෙල් අවශ්‍ය තරම්

හදා ගන්නේ මෙන්න මෙහෙමයි..

  • අඹ ගෙඩිය පොතු ඉවත් කර කෑලි කපා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.
  • බ්ලෙන්ඩ් කරද්දී වතුර දමන්න එපා.අවශ්‍ය වන්නේ ගණකම් මිශ්‍රණයක්
  • ලොකු භාජනයකට පාන් පිටි, බේකින් පවුඩර්, අඹ, දුඹුරු සීනී, තෙල් මේස හැදි 2, සාදික්කා සහ ලුණු දමා හොඳින් කලවම් කරගන්න.
  • මේ මිශ්‍රණය පැය බාගයක් පමණ තබා ගන්න.
  • තෙල් කෝප්ප හතරක් පමණ භාජනයකට දමා තෙල් හොඳින් රත් කර ගන්න.
  • මිශ්‍රණයෙන් තේ හැන්දක් පමණ ගෙන තෙල් භාජනයට දමා බැද ගන්න.
  • එක් වරකට බෝල හතර පහක්ම භාජනයේ බදින්න පුලුවන්
  • හැම වෙලාවෙම ගැඹුරු තෙලේ බැද ගැනීම අනිවාර්යයි.
  • මේ විදිහට බැදගත් බෝල ලොකු කඩදාසි කවරයකට දමා ඒ කවරයට කුඩු කරගත් සීනී ටිකත් දමා හෙමින් කවරය හොලවන්න.
  • එතකොට සීනී ටික මේ බෝල වල හොදට තැවරෙනවා

ඔන්න මැන්ගෝ පෆ් පෆ්… කාලා බලන්න.. වෙනස් රසක් නේද?

Related Articles

Don't Miss


Latest Articles