ඉස්සෝ කන්න කැමති ඔබට ඉස්සෝ කරිය වගේම රසවත් කෑමක් තමයි ඉස්සෝ අච්චාරු. කල්තබා ගන්න පුලුවන් ඉස්සෝ අච්චාරු හදලා රස බලන්න අපූරු රෙසිපි එකක් තමයි මේ..
අවශ්‍ය දේවල් මේ..
- ඉස්සෝ 1kg
- චොප් කර ගත් සුදුලූණු
- චොප් කර ගත් ඉඟුරු
- අමු මිරිස්
- කහ කුඩු
- මිරිස් කුඩු මේස හැදි 4
- වතුර
- විනාකිරි කප් 1
- ලුණු
- තල තෙල්
- අබ ඇට මේස හැදි
- වියළි උළුහාල් තේ හැදි
- කරපිංචා
හදා ගන්නේ මෙහෙමයි..
- ඉස්සෝ පොතු ඇර සුද්ද කර කහ කුඩු ,මිරිස් කුඩු මේස හැදි 1, විනාකිරි මේස හැදි 2, ලුණු එක් කර විනාඩි 30ක් පමණ තබන්න.
- තල තෙල් ලිප තබා රත් කරන්න.
- ඉස්සෝ රන්වන් පාට වෙනතුරු බදින්න.
- ඒ භාජනයේම සුදු ළූණු බැද ගන්න.
- එයටම ඉඟුරු, අමු මිරිස්, කරපිංචා එකතු කර රන්වන් පාට වනතුරු බදින්න.
- කහ කුඩු, මිරිස් කුඩු සහ ලුණු දමා කලවම් කරන්න.
- වතුර එක් කර පිස ගන්න.
- විනාකිරි සහ බැදගත් ඉස්සන් මේ මිශ්‍රණයට එකතු කරන්න.
- උළුහාල් සහ අබ ඇට බැදගෙන බ්ලෙන්ඩර් කර මේ මිශ්‍රණයට එකතු කරන්න.
- අච්චාරුව හොඳින් කලවම් කර ජීවාණුහරණය කල බෝතලයක ගබඩා කර ගන්න.