වෙනස් රස කිහිපයකින් සැන්විච් රෙසිපි

sandwich කියන්නේ ලොකු පොඩි ඕනම කෙනෙක් බොහොම කැමති ආහාරයක්. වෙනස් රස කිහිපයකින් සැන්විච් රෙසිපි කීපයකුයි අද අපි ඔබට කියන්නේ

Prawns sandwiches 

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • ඉස්සන් 250g
  • ලුණු ස්වල්පයක්
  • ගම්බිරිස් කුඩු ස්වල්පයක්
  • බිත්තර 2 
  • තක්කාලි සෝස්
  • සෝයා සෝස්
  • කෝන්පිටි ස්වල්පයක් 
  • බටර්
  • තෙල්
  • පාන් පෙති 
  • තක්කාලි පෙති
  • ලූනු පෙති
  • සලාද කොල

හදන්නෙ මෙහෙමයි

මුලින්ම ඉස්සන් හොඳින් සුද්ද කර එයට ලුණු, ගම්මිරිස්, බිත්තර, තක්කාලි සෝස්, සෝයා සෝස් සහ කෝන්පිටි ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

ඉන්පසුව ඉස්සන් පැය භාගයක් පමණ වසා තබන්න

පැය බාගයකට පමණ පසුව ඉස්සන් ගැඹුරු තෙලේ බැදගන්න

දැන් පාන් පෙතිවල බටර් තවරා ලූනු පෙති, තක්කාලි පෙති ,සලාද කොල අතුරා ඒ මතින් බැදගත් ඉස්සන් අතුරා සැන්විච් සකස් කරගන්න 

Cheese and coconut sambol sandwiches 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

  • කලින් සකස් කර තෙම්පරාදු කරගත් පොල් සම්බෝල
  • චීස් පෙති
  • බටර් 
  • පෙති පාන්

හදන්නේ මෙහෙමයි

පාන් පෙතිවල බටර් තවරා ගෙන ඒ මතින් පොල්සම්බෝල අතුරා ගන්න 

ඉන්පසුව චීස් පෙති තබා තවත් පාන් පෙත්තකින් වසාගන්න

අවශ්‍ය නම් ටෝස්ට් කිරීම , ග්‍රිල් කිරීම හෝ පෑන් එකක් මත තබා ටෝස්ට් කිරීමද කළ හැකියි

Honey and apple sandwiches 

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • සිහින් පෙති කපාගත් ඇපල්
  • කුරුදු කුඩු
  • මී පැණි
  • බටර් 
  • පාන්

හදන්නේ මෙහෙමයි 

මුලින්ම පාන් පෙතිවල බටර් තවරා ගන්න

බටර් තවරාගත් පාන් පෙති මතට ඇපල් පෙති අතුරන්න

මී පැණි වලට කුරුඳු කුඩු ස්වල්පයක් එකතු කර අතුරා ගත් ඇපල් මත තවරා ගන්න

අවශ්‍යනම් පාන් පෙති ටෝස්ට් කරගන්න 

Fish and cheese sandwiches 

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • තම්බා පොඩි කරගත් කැමති මාළු වර්ගයක්
  • තම්බාගත් අල ගෙඩියක්
  • තම්බාගත් කැරට් අලයක්
  • ග්‍රේට් කරගත් චීස්
  • ලුණු ස්වල්පයක්
  • ගම්බිරිස් කුඩු ස්වල්පයක්
  • බටර් 
  • පාන්

හදන්නෙ මෙහෙමයි

මුලින්ම තම්බා පොඩි කරගත් මාළු වලට අල සහ කැරට් එකතු කර තවත් හොඳින් පොඩි කර ගන්න

ඉන්පසුව එයට ලුණු සහ ගම්මිරිස් රස අනුව එකතු කරගන්න 

පාන් පෙතිවල බටර් තවරා සකස් කර ගත් මිශ්‍රණය පාන් පෙති වල තවරන්න

දැන් එයට උඩින් චීස් අතුරා ගන්න

සකස් කරගත් සැන්විච් ටෝස්ට් කරගන්න.

ඔබේ උදෑසන ආහාර වේල්වලට මේ සැන්විච් රෙසිපී එකතු කරගන්න අමතක කරන්න එපා

Related Articles

Don't Miss


Latest Articles