විනාඩි කිහිපයකින් සකසා ගත හැකි Easy Breakfast Recipes

උදෑසනට ලේසියෙන්ම පාන් වලින් හදාගන්න පුළුවන් Easy Breakfast Recipes කීපයක් තමයි අද අපි ඔබට ගෙනාවේ.

Grilled butter and banana fingers 

අවශ්‍ය වෙන්නේ මේ දේවල්


  • පාන් පෙති
  • බටර්
  • කෙසෙල්
  • සීනි
  • චොකලට් සෝස්

හදන්නේ මෙහෙමයි

  • මුලින්ම පාන් පෙති වල හොඳින් බටර් තවරා ගන්න 
  • දැන් බටර් තවරගත්ත පාන් පෙති මැදට දිග අතට පෙති කපාගත් කෙසෙල් ගෙඩි අතුරා එයට උඩින් සීනි ටිකක් ඉසින්න 
  • එයට උඩින් තවත් බටර් ගාගත් පාන් පෙත්තක් තබා කෙසෙල් ගෙඩියෙ මහතට දිග තීරු කපාගන්න.
  • ඉන්පසුව කපාගත්ත පාන් තීරු යන්තම් තෙල් තවරා ගත් ග්‍රිල් පෑන් එකක තබා දෙපැත්තම ග්‍රිල් කරගන්න.
  • අවසානයට අවශ්‍ය පරිදි චොකලට් සෝස් ටිකක් එකතු කරගන්න 

Rainbow sandwich

 
අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

  • පාන් ගෙඩියක්
  • කැරට් ග්‍රෑම් 200
  • බීට් රූට් ග්‍රෑම් 200
  • සලාද කොළ ග්‍රෑම් 100
  • අබ ක්‍රීම් මේස හැඳි 2
  • බටර් ග්‍රෑම් 300
  • බිත්තර 3
  • රස අනුව ලුණු ගම්මිරිස් කුඩු


හදන්නේ මෙහෙමයි

  • මුලින්ම කැරට්, බීට්, බිත්තර වෙන වෙනම තම්බාගන්න
    තම්බා ගත් අමුද්‍රව්‍ය වෙන වෙනම භාජන වලට දමා, අබ ක්‍රීම් මේස හැන්දක් හා බටර් ග්‍රෑම් 100 බැගින් එකතු කර , මිශ්‍ර කරගන්න.
  • ඒවාට රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරගන්න.
    ඉන්පසුව පාන් පෙති ගෙන ,එක් පෙත්තක් උඩට කැරට් මිශ්‍රණයෙන් ලේයර් එකක් අතුරා තවත් පෙත්තකින් වසන්න.
  • ඒ පාන් පෙත්ත මතට බීට් මිශ්‍රණයෙන් ලේයර් එකක් අතුරා තවත් පාන් පෙත්තකින් වසන්න.
  • ඉන්පසුව බිත්තර මිශ්‍රණයෙන් ලේයර් එකක්ද දමා, ඒ උඩට සලාද කොළයක් තබා තවත් පාන් පෙත්තකින් වසන්න

Cucumber with cheese Sandwich 

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • පෙති කපා ගත් පාන්
  • සිහින් පෙති කපාගත් සැලඩ් කියුකම්බර් (කොළපාට පිපිඤ්ඤා)
  • චීස් වෙජස් 4
  • බටර් මේස හැඳි 1 – 2
  • රස අනුව ලුණු ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

මුලින්ම චීස් වලට බටර් ස්වල්පයක්  සහ ගම්මිරිස් කුඩු එක් කර ක්‍රීම් ගතියට එන තුරු හොඳින් මිශ්‍ර කරගන්න

ඉන්පසුව එම මිශ්‍රණය පාන් පෙති වල තවරාගන්න

චීස් තවරාගත් පාන් පෙත්තක් මත පිපිඤ්ඤා පෙති අතුරා ඒ මත තවත් චීස් තවරාගත් පාන් පෙත්තක් තබා සැන්ඩ්විච් කරන්න

දැන් පාන් වල වාටි කපා ඉවත් කර පාන් පෙති දෙක කැමති ආකාරයට දෙකට හෝ හතරට කපා ගන්න

 Easy Breakfast Recipes

ඔබත් කාර්යබහුල අයෙක් නම් මේ Easy Breakfast Recipes අද සිටම උත්සහා කරන්න.

Related Articles

Don't Miss


Latest Articles