වම්බටු ගොඩක් තියෙන වෙලාවක එළවලු අපතේ නොදා හදා ගන්න පුලුවන් අපූරු කෑමක් මේ.
අවශ්‍ය දේවල්:
- වම්බටු
- ලියා ගත් රට ළූණු ගෙඩි 2
- පොල් කැබලි කප් ¼
- අමු රට කජු කප් ¼
- තල ඇට මේස හැදි 2
- සූදුරු තේ හැදි ¼
- තෙල් මේස හැදි 3 – 4ක්
- අඹරා ගත් සුදුළූණු බික් 3 – 4ක්
- අඹරා ගත් ඉඟුරු
- කරපිංචා
- මිරිස් කුඩු තේ හැදි 1 – 1 ½ ක්
- ගරම් මසාලා තේ හැදි ½ – ¾ ක්
- සියඹලා ඉස්ම මේස හැදි 1ක් පමණ
- ලුණු (රස අනුව)
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම පෑන් එකක් ලිප තබා රට කජු සාමාන්‍ය අඩු ගින්දරේ බැදෙන්න අරින්න.
- රට කජු සාමාන්‍ය ප්‍රමාණයට බැදීගෙන එනකොට ඒකටම සූදුරු ටිකයි, තල ඇට ටිකයි, පොල් කෑලි ටිකයි දා ගෙන කබලේ බැදලා නිවෙන්න තියන්න.
- පෑන් එකට තෙල් දමා රට ළූණු බැදගන්න
- ඒවා යන්තමින් රන්වන් පාට වී ගෙන එද්දී එයට ඉඟුරු, සුදුළූණු එකතු කර විනාඩියක් විතර තෙම්පරාදු කර ගන්න.
- ලිප නිවා ගෙන ඒකටම මිරිස් කුඩු , ගරම් මසාලා කුඩු, රස අනුව ලුණු එකතු කර කලවම් කර ගෙන නිවෙන්න තියන්න.
- කබලේ බැද ගත් රට කජු, සූදුරු, තල ඇට, පොල් කෑලි තෙම්පරාදු කරපු ලූණු මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දමා සියඹලා ඉස්මත් එයට දමා පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩර් කර ගන්න.
- දැන් වම්බටු හොඳින් සෝදා ගෙඩිය අගින් වෙන් නොවෙන සේ උඩින් හතරට පලා ගන්න.
- නැටි අයින් කරන්න එපා.
- හදා ගත් පේස්ට් එකෙන් වම්බටු වල මැද පුරවා ගන්න.
- භාජනයක් ලිපේ තබා තෙල් මේස හැදි 2 – 3ක් විතර දමා රත් වෙන්න තියන්න.
- තෙල් රත් වූ පසු කරපිංචා දමා යන්තමින් බැදුණු පසු පුරවපු වම්බටු ටික දාලා තෙල් වල දැවටෙන විදියට කලවම් කරන්න.
- ඉතා අඩු ගින්දරේ වම්බටු තැලෙන්නේ නැති විදියට සැරින් සැරේ කලවම් කරන ගමන් පියනකින් වහලා වම්බටු ටික තැම්බෙනකන් උයා ගන්න.