දරුවන්ට කුඩා කාලයේ සිටම Swimming ඉගැන්වීම දරුවාගේ සංවර්ධනයට මේ තරම් වැදගත් බව දන්නවාද?

පොඩිත්තන්ට පිහිනුම් ඉගැන්වීම කෙරෙහි දෙමාපියන් වෙනදාට වඩා වැඩි උන්නදුව ක් දක්වනවා.නමුත් බොහෝ දෙමාපියන් අනේ අපේ පුතා ට සෙම,මෙයා තාම බයයි වතුර ට ,ආදී වශයෙන් පවසමින් දරුවන් පිහිනීමෙන් ඈත්කර තබනවා.ඉතින් ඒ නිසාම අප හිතුවා පුංචි දරුවන්ට පිහිනීමේ ඉගෙනීමේ වාසි ගැන කතා කරන්න.

පිහිනීම ඉගෙන ගැනීමට වඩාත් සුදුසු ම වයස මොකක්ද ?

The American Academy of Pediatrics නිර්දේශය වන්නේ ක්‍රමානුකූල පිහිනුම් පාඩම් ඇරඹීමට සුදුසු වයස අවුරුදු හතර හෝ ඉන් ඉහළ අය බවයි .නමුත් කිසියම් දරුවෙකු ඊට අඩු වයසේ දී පිහිනීම නුසුදුසු බව නොවේ ඔවුන් පවසන්නේ .ක්‍රමානුකූලව විෂයක් වශයෙන් ඉගෙනීමට සුදුසු ආරම්භක වයස අවුරුදු හතර ලෙසයි ඔවුන් දක්වන්නේ.
නමුත් අවුරුදු 1 සිට 4 දක්වා විවිධ ක්‍රීඩා ආදිය මඟින් පිහිනීම ට දරුවන් යොමුවීමේ වරදක් නැහැ.

පිහිනීම නිසා ලැබෙන වාසි මොනවාද?

1.ශක්තිමත් මස් පිඬු වර්ධනය වීම.Builds storng muscles

පිහිනීමේ දී දරුවාගේ ශරීරය kicks, pushes,pulls,streches ආදී සියලුම ඒ දේවල් භාවිතය මඟින් ජලයෙ ඉදිරියට යාමට lසිරුර හැඩ ගස්වනවා

2.හදවතේ නිරෝගීතාවය වගේම නිවැරදි ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වයක් ඇති වීම.
Improve Heart health and vital organ function

පිහිනීමේ දී වඩාත් කාර්‍යක්ෂම ඔක්සිජන් හුවමාරුවක් සිදු වෙනවා.හෘදයේ නිරෝගී ක්‍රියාකාරීත්වය සදහා එය ඉතාමත් වැදගත් .

3.වෙනත් කුසලතා වර්ධනය කිරීම.
Promote other vital skills

පිහිනීම නිසා දරුවාගේ සමබර තාවය,අවධානය රඳවා ගැනීමට පුරුදු වීම ,අවයව අතර මෙන් ම බාහිර පරිසරය සමග ද මනා සම්බන්ධීකරණය ආ දිය වර්ධනය වනවා.හසුරු කුසලතා වර්ධනය කිරීමේ බෙහෙවින් උපකාරී වෙනවා . මුල් ළමාවිය සංවර්ධනයේ දී පිහිනීමේ යෙදෙන දරුවන් අනිත් අනෙක් දරුවන්ට වඩා වර්ණ ගැන්වීම් ,රේඛා සහ හැඩ තල ඇදීම් ,කොළ කැබලි කැපීම ආදිය ඉදිරියේ සිටින බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

4.ශරීරයේ බර පාලනය වීම. Weight management

පිහිනීමේ දී සිදුවන සමස්ත ශරීර ක්‍රියාකාරිත්වය නිසා ඉතා හොඳින් ශරීරයට ව්‍යායාම ලැබෙනවා .අනවශ්‍ය තරබාරුව ඇති වෙන්නේ නැහැ .ළමා වියේ ඇති වන දියවැඩියාව ඇතුළු බොහෝ ලෙඩ රෝග ලෙසකින් වැළකීමේ හැකියාව තිබෙනවා .

5.බුද්ධිමය කුසලතා වර්ධනය වීම. Promote intelligence

පිහිනීම ඉතාමත් ධනාත්මකව මොළයට බලපානවා.2012 දී Griffith University මගින් කළ අධ්‍යයනයකදී හෙළිවූයේ එය බුද්ධි වර්ධනයට සහ සංජානනයේ සංවර්ධනයට (cognitive development ) මහත් සේ දායක වන බව යි .

6.මානසික ආතතිය දුරු වීම.Stress buster.

ශාරීරිකව මෙන්ම මානසිකව ද සැහැල්ලු වීම ,වෙහෙස දුරු වීම ,පිහිනුම් නිසා ලැබෙන ඉහළතම වාසිය. එදිනෙදා ජීවිතයේ ආතතියෙන් ඉහිල් වීම සතුටින් සිටින දරුවෙකු මෙන් ම නිරෝගී මනසකින් යුතු දරුවෙකු නිර්මාණය කිරීමෙහි ලා ඉවහල් වෙනවා.

7.Improve social skills.

Swiming pool එකකදී දරුවා ඉන්නේ හුදෙකලා ව නෙවේ.ඉතින් ඒ නිසාම ඉතාමත්ම ඉක්මනින් ඔහු හෝ ඇය සමාජය සමග සම්බන්ධතා හසුරුවාගැනීමට වගේම ආගන්තුක මිනිසුන් කෙරෙහි බය නොවී ප්‍රතිචාර දැක්වීමට ඉගෙන ගන්නවා.

දැන් ඔබට පැහැදිලියි නේද ?අප දරුවාට swiming ඉගැන්විය යුත්තේ වතුරේ දී ඔහුගේ ආරක්ෂාව සැලසීම සඳහා පමණක් නො වන බව.එය ඔහුගේ ශාරීරික මානසික වර්ධනය ට මේ විසල් මෙහෙයක් ඉටු කරනවා.

Related Articles

Don't Miss


Latest Articles