පොඩි දරුවන්ට Vitamin C ලබාදීම වැදගත් වන්නේ ඇයි?

විටමින් අතර ජනප්‍රියම විටමින් වර්ගය හෝ සියලුම දෙනා ට හරිම සමීප ම විටමින් යාලුවා  විටමින් සී (Vitamin C )කියලා කිව්වොත් මම හිතන්නේ ඒක හරිම නිවරැදි යි.අප එතරම් ම විටමින් සී ගැන කතා කරනවා.ඉතින් අපි හොයලා බලමු විටමින් සී පොඩි දරුවන් ට අත්‍යවශ්‍ය ඇයි කියලා?

හැබැයි මතක තියා ගන්න කුඩා දරුවන්ට පමණක් නොවේ විටමින් වර්ග වැඩිහිටියන්ටත් අවශ්‍යයි සහ ස්වාභාවික ආහාර වලින් ඒවා ලබා ගැනීම තමයි වඩාත්ම සුදුසු.

විටමින් C නිසා ඇති වාසි ?

සෙම්ප්‍රතිශ්‍යාව වළැක්වීම

ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනා ලෙස ක්‍රියා කිරීම සඳහා විටමින් සී ඉතාමත් වැදගත් මෙහෙයක් ඉටු කරනවා.අධ්‍යයන මගින් පෙන්වා දෙන්නේ හොඳින් විටමින් සී ලබා ගන්නවා නම් සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යාව පවතින කාලය 21% කින් පමණ අඩු කර ගත හැකි බවයි.ඒ වගේම පහසුවෙන් සෙම්ප්‍රතිශ්‍යාව වල දෙන්නෙත් නැහැ .

සම නිරෝගීව පවත්වාගැනීම ට

විටමින් සී ගැනීම නිසා ප්‍රතිශක්තිකරණය වර්ධනය වනවා සේම පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි සිදු වනවා.ඒ වගේම සම වියලීමකින් තොරව පවත්වා ගැනීමටත් හරිම වැදගත්.

තුවාල සුව වීමට

පොඩි දරුවන් සහ තුවාල අතර තියෙන සම්බන්ධය ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.ඉතින් වැටුනු,සීරුණු තුවාල පැස වන්න දෙන්නෙ නැතුව ඉක්මනින්ම සුව කිරීමේ හැකියාව vitamins  C වලට තියෙනවා.විටමින් C මගින් සියුම් රුධිර නහර ශක්තිමත් කිරීම ට සමත්.ඒ නිසා තුවාලය පැසවන්නේ නැතිව ඉක්මනින් ම සුව වනවා.

විදුරුමස් රෝග

බොහෝ විට දත්වල විවිධ ඌණතා ඇති වීමට පෝෂණ ඌණතා බලපානවා.ඉතින් විටමින් සී නිසි පරිදි ගන්නවා නම් විදුරුමස් රෝග ඇති වන්නේ නැහැ.

යකඩ අවශෝෂණය පහසු කරනවා.

සිරුරට යකඩ අවශෝෂණය කිරීම සඳහා විටමින් සී ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

පිළිකා අවදානම

නිසි පරිදි විටමින් සී ලබා ගැනීම නිසා පිළිකා අවදානම සේම කොලෙස්ටරෝල් ,හදවත් රෝග ආදියෙන් ද දරුවා ආරක්ෂා වෙනවා.විටමින් සී නිතරම ශරීරයේ හිතකර කොලෙස්ටරෝල් මට්ටම  නිසි ලෙස තබා ගැනීම කෙරෙහි ක්‍රියා කරනවා.ඒ වගේ ම ඔක්සි කාරකයක් ලෙස ක්‍රියා කරමින් free radicals හෙවත් නිදහස් ඛණ්ඩ මගින් සිදුවන හානිය වළක්වනවා.

ළමුන්ට දිනකට විටමින් සී කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය ද?

Age    1-3 yrs

Girl -15mg
Boy-15mg

Age 4-8 yrs

Girl -25mg
Boy-25mg

Age 9-13 yrs

Girl -45mg
Boy-45mg

Age 14-18yrs

Girl -65mg
Boy-75mg

Vitamin C අඩංගු ආහාර

  • දෙහි ,නාරං ,දොඩම්  වැනි පැඟිරි කුලයේ පළතුරු (citrus fruits)
  • Black currents
  • ස්ටෝබෙරි strawberries
  • නිවිතිspinach
  • බ්‍රොකලි broccoli
  • බේක් කල අල (baked potatoes )
  • තක්කාලි tomatoes
  • පේර guava
  • කිවි ️kivis

මීට අමතරව මස්,නූඩ්ල්ස් ,පැස්ටා,යෝගට්,ටෝෆු,බිත්තර,කිරි,මාලු,චීස් වැනි ආහාර වලත් vitamin c අඩංගු වෙනවා.

විටමින් සී අඩුවීම නිසා ඇති වන රෝග

1.තුවාල සුව සුව වීම සඳහා බොහෝ කාලයක් ගත වනවා.

2.දුර්වල විදුරුමස්

3.නිතරම ඇතිවන කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව

4.වියළි සහ ඉරි තැලුණු සම

5.වියළි හිස කෙස්

6.දත් වල ගැටලු

7.නාසයෙන් ලේ ගැලීම

ඉතින් විටමින් C  කියන්නේ එදිනෙදා ජීවිතය ට අත්‍යවශ්‍ය ම වගේම අපේ පරිසරයෙන් පහසුවෙන් සොයාගත හැකි ස්වාභාවික ආහාර මගින් ලබා ගන්නට පුළුවන් දෙයක් බව පැහැදිලි යි නේද ? ඒ නිසා දරුවන් ගේ දෛනික විටමින් අවශ්‍යතා වන් කෙරෙහි අපට පෙරට වඩා දැන් අවබෝධයක් ඇතිව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්.එහෙම නේද?

Related Articles

Don't Miss


Latest Articles