ස්ටුඩන්ට් වීසා ඉල්ලුම් කිරීමේදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු ගැන ඔබ දැන්වත්ද?

”ඇප්ලයි කලාට තාම වීසා නම් ලැබුණේ නැහැ , කොහොම වෙයිද මන්දා.. ස්ටුඩන්ට් වීසා ගන්න නම් ඒ හැටි අමාරුවක් නැතිලු. මේ පිටරට යන්න ඉන්න බොහෝ දෙනෙකුගෙන් ඇසෙන කතාවක්. ඇත්තටම මොකද්ද මේ වීසා කියන්නේ. අපිට හිතුණා පොඩ්ඩක් හොයලා බලන්න.

වීසා කියන්නේ කිසියම් රටකට ඇතුල් වීමට අවසර දෙන ලියවිල්ලක්. ඉතින් ඉගෙන ගන්න පිටරට යනවානම් ඔබ ඉල්ලන්න ඕනා ස්ටුඩන්ට් වීසා. ඉතින් ඔබ තෝරගත්ත පාඨමාලාවට අනුව ඉගෙනගන්න යන්න අදහස් කරන රටට අයිති විදේශ තානාපති කාර්යාලයට හෝ කන්සියුලර් කාර්යාලයට ගිහින් වීසා ලබා ගන්න අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුළුවන්. අධ්‍යාපන වීසා ලබා ගන්න ක්‍රියාවලිය ඒ ඒ රටේ නීති අනුව වෙනස් වෙනවා.

වීසා ගන්න නම් ඒ සඳහා තිබෙන වීසා අයදුම්පත ඇතුළු අනිවාර්ය කර තිබෙන ලියකියවිලි සියල්ල ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. මේ ගැන සියලු විස්තර විදෙස් ඉගෙනුම සඳහා තෝරා ගන්නා රටේ තානාපති කාර්යාලයේ නිල වෙබ් පිටුවේ තියෙන නිසා බොහොම නිවැරදිව ඒ කටයුත්ත කරගන්න පුළුවන්.

වීසා ලබා ගැනීමේදී මේ ගැනත් සැලකිලිමත් වෙනබව මතක තියාගන්න

  • ඔබේ සැබෑ අවශ්‍යතාවය

බොහෝවිට වීසා අනුමත කරගනිද්දී සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ රටේ නිතිවිරෝධිව රැඳී ඉන්නට ඔබට අදහසක් තියෙනවද කියලා ඔවුන් සොයා බලනවා.ඔවුනට දැනගන්නට ඕනා ප්‍රධානම කාරණය වන්නේ ඔබ සැබෑ ලෙසම ශිෂ්‍යයෙක්ද කියලයි.ඒ නිසා එය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කිරීම හරිම වැදගත්.

  • ඉංග්‍රීසි භාෂාව

ඇතැම් රටවල් ශිෂ්‍යභාවය දෙද්දී ඉංග්‍රීසි භාෂා දැනුම අයදුම්කරන්නාට තිබෙනවාද කියා සොයා බලනවා. සුදුසුකම් මැන බලන IELTS, TOFEL වගේ කඩඉම් විභාග වලින් සමත්වී ඇත්නම් ඔබට එය විශේෂ සුදුසුකමක් වනවා.

  • ආර්ථික තත්වය

ඔබේ සම්පුර්ණ අධ්‍යාපන වියදම්,නවාතැන් සහ කෑම බීම වියදම්,සඳහා ඔබට වියදම් කිරීමට මුදල් තිබේද කියා ඔවුන් සොයා බලනවා.

මෙන්න මේ ගැනත් සැළකිලිමත් වෙන්න

  • වීසා ලැබෙනතුරු ගුවන් ගමන් බලපත්‍ර, වෙනත් බඩු භාණ්ඩ සූදානම් කරගන්න එපා. සමහර විට අවසාන මොහොතේ වීසා ප්‍රතික්ෂේප විය හැකියි.
  • සමහර රටවල අධ්‍යාපන වීසා ලබා ගැනීමට කාලයක් ගතවන නිසා ඉල්ලුම් කිරීම මාස කිහිපයකට පෙර සිදුකිරීම ඉතාමත්ම සුදුසුයි.
  • අධ්‍යාපනය සඳහා යන බව සහතික කිරීමට අවශ්‍ය ලියකියවිලි සියල්ල කලින්ම සුදානම් කරගන්න.

අයදුම් කිරීමේදී ඇතිවන ගැටළු සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාලය හෝ කන්සියුලර් නිලධාරියෙක් අමතන්න.

– චම්මි –

 

Related Articles

Don't Miss


Latest Articles