ගෑස්ට්‍රයිටීස් මේ වන විට බොහොම සුලබ තත්ත්වයක් වෙලා තිබෙනවා. රෝග මූලය විවිධ විය හැකි වුවත්, වැරදි ආහාර පුරුදු ගැස්ට්‍රයිටිස් උත්සන්න කරනවා. මෙය ඉතා පීඩාකාරී තත්ත්වයක්. ගෑස්ට්‍රයිටීස් සමඟ බඩ පුරවා දැමීම, බඩේ කැක්කුම, වමනය, හිසරදය ආදී බොහෝ අපහසුතා ඇති විය හැකියි. ගෑස්ට්‍රයිටීස්වලින් සහනයක් ලැබීමට හැකි ආහාර රාශියක් තිබෙනවා. අපි ඒවා කිහිපයක් හඳුනා ගනිමු.
තන්තු බහුල ආහාර

තන්තු බහුල ආහාර ආහාර ජීර්ණයට ඉතා ගුණදායකයි. එනිසා එය ගැස්ට්‍රයිටීස්වලට සුවයක් ලබා දීම පුදුමයක් නොවෙයි.
ඔබ ආහාරයට එක් කර ගත යුතු තන්තු බහුල ආහාර
අලිගැටපේර, ඩුබායි වට්ටක්කා, බණ්ඩක්කා, නිවිති, ලෙමන්, කැරට්, ඇපල්, පෙයාස්
හොඳ මේදය සහිත ආහාර

අධික මේදය සහිත ආහාර ගැස්ට්‍රයිටිස් සඳහා ගුණදායක නොවුණත්, මේ හොඳ මේදය සහිත ආහාර ඉතා ගුණදායකයි.
සැමන් මාලු, අලිගැටපේර, චියා ඇට, විවිධ නට් වර්ග සහ ඔලිව් ඔයිල් මේ සඳහා ගත හැකියි.
ප්‍රෝබයෝටික් සහිත ආහාර

ප්‍රෝබයෝටික් කියන්නේ සිරුරට හිතකර බැක්ටීරියාවක්. එය ගැස්ට්‍රයිටිස්වලට ඉතා ගුණදායකයි මෙන් ම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට ද උදව් වෙනවා.
ප්‍රෝබයෝටික් අඩංගු, සපයා ගැනීමට පහසුම ආහාරය වන්නේ යෝගට් ය.
ආම්ලික නොවන පලතුරු සහ එළවලු

ආම්ලික එළවලු සහ පලතුරු ගැස්ට්‍රයිටිස් සඳහා කොහෙත්ම සුදුසු නෑ. ආම්ලික නොවන ඒවා තෝරාගත යුත්තේ එනිසායි.
ඔබේ ආහාරයට එක් කල ගත යුතු ආම්ලික නොවන එළවලු හා පළතුරු
පිපිඥ්ඥා, කොමඩු, වට්ටක්කා, සලාද කොළ, ගෝවා, නිවිති මේ සඳහා සුදුසුයි. තක්කාලිසහ දෙහි වර්ග ඉතා අගුණයි
අධික කුලුබඩු සහ මධ්‍යසාර අඩංගු නොවෙන ආහාර

ගැස්ට්‍රයිටිස් සහිත අයෙක්ට අධික කුලුබඩු යෙදූ ආහාරත්, මධ්‍යසාර අඩංගු ආහාරත් එක සේ අයහපත්. ඒවායෙන් තොර ආහාර වේලක් ලබා ගැනීම ඔවුන්ට සුදුසුයි.
උදාහරණයක් ලෙස,
අධික ගම්මිරිස්, මිරිස් යෙදූ ආහාර මඟ හැර සිටීම ඉතාම වැදගත්.
ගැස්ට්‍රයිටිස් දීර්ඝ කාලීන ව පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්යයෙන් කළ යුතු වෙනවා. ඒ අතර මෙවැනි ආහාර රටාවකට හුරු වීමෙන් ඔබට ගැස්ට්‍රයිටිස් වලට සහනයක් ලබා ගන්නට හැකි වේවි.