විලාසිතා කිරීමේ දී උස ගැන ප්‍රශ්නයක් කර ගත යුතු නැහැ. උස අඩු වැඩි කර පෙන්වන් ඕනෑ තරම් ක්‍රම තිබෙනවා. තරමක් උසින් අඩු යුවතියක් නම් පහත දක්වා ඇති අයුරින් ඔබේ සිරුරේ උස නිරූපණය වන ආකාරයට විලාසිතා කිරීම තුලින් උස වැඩි කර ඔබේ පෙනුම වැඩි කර ගත හැකියි.
ඔබ තරමක් උසින් අඩු නම් බෙල්ල ද තරමක කෙටි ස්වරූපයක් ගන්නා හෙයින් කොලරය සහිත blouse සහ කමීස තෝරා ගැනීම වඩාත් සුදුසුයි. කොලරය නොමැති රවුම් හැඩැති T Shirts, අත් රහිත කමිසමඟින් අත්වල දිග සහ ගෙල පෙදෙස තරමක් උස් කර පෙන්වයි. ඉණෙන් පහළට වූ තරමක් දිග කුර්තා කමිස සහ කලසම් ඇඳීමෙන්ද සිරුරට උස ස්වභාවයක් ගෙන දෙයි.



කෙටි සාය විලාසිතා, High Waist සාය හා කලිසම් විලාසිතා ඇසුරෙන් උස් වූ පෙනුමක් ලබාගත හැක. කෙටි ගවුම් විලාසිතා ඔබේ සිරුරට වඩාත් ගැළපෙන අතර දණහිස මට්ටමෙන් තරමක් ඉහළට වනසේ හැඩවුණු ගවුම් විලාසිතා එක් කර ගත හැක.
පාවහන් විලාසිතා තෝරා ගැනීමේදී පැතලි අඩි සහිත පාවහන් පැලඳීම හැකි තරම් අඩු කර අඩි උස පාවහන් පැලඳීම තුලින් ඔබේ ඇඳුමට වැඩි එළියක් මෙන්ම උසින් වැඩි ස්වරූපයක්ද එක් කර ගත හැක.




ආභරණ පැලඳීම මඟින්ද ඔබේ සිරුරට මනා උස්වූ පෙනුමක් එක් කර ගත හැක. මාල පැළඳීමේදී ගෙලටම සවි නොවෙන දිගු ස්වභාවයක් ගන්නා මාල තෝරා ගැනීම සුදුසු වන අතර තරමක් දිගු (tussle) හැඩැති කරාබු විලාසිතා තෝරා ගත හැක. රවුම් හැඩැති විලාසිතා භාවිත කිරීමෙන් වැලකීම ද වැදගත්වේ. ඔබ පලඳින බඳ පටිය තරමක් කැපී පෙනෙන වර්ණයකින් යුතු වීමත් උචිත වන්නක්.



කොණ්ඩා විලාසිතා තෝරා ගැනීමේ දී ද මෙන්ම උසින් වැඩි ස්වරූපයක් ගෙන දෙන විලාසිතා එක් කර ගැනීම මඟින් ඔබේ පෙනුමට වැඩි එළියක් එක් කරයි. සාමාන්‍ය ගමනකට පෝනිටේල් විලාසිතාව වැනි කෙස් කඩා හැලෙන පරිදි සැකසීම උචිත වන අතර උත්සව අවස්ථාවන්වලදී කොණ්ඩය තරමක් උස්වන අයුරින් කොණ්ඩා විලාසිතා යොදා ගැනීමත් සුදුසුවේ.
විලාසිතා තෝරා ගැනීමේ දී ඉණ පෙදෙස ආවරණය වන ගෙල දිගු බව පෙන්වන විලාසිතා තෝරා ගැනීම තුලින් ඔබ එක්වරම උසින් අඩු අයකු බව යමෙකුට තීරණය කිරීම අපහසු වනු ඇත. මේ අයුරින් ඔබේ සිරුරේ උස නිරූපණය වන ආකාරයට විලාසිතා කිරීම තුලින් උස වැඩි කර ඔබේ පෙනුම මනාව ඔප්නංවා ගත හැක