ස්ට්‍රෙච් මාක්ස් බොහෝ කාන්තාවන්ට හරිම හිසරදරයක්. ලස්සනට අඳින්න බාධා කරනවා වගේම ඔබේ ආත්ම විශ්වාසයටත් ස්ට්‍රෙච් මාක් නිසා ගැටලු ඇති වෙන්න පුලුවන්.
හැබැයි ඕනෑම දේකට විසඳුම් තියනවා. අපි අද ස්ට්‍රෙච් මාක්ස් වලට විසඳුම් හොයා ගමු.
ස්ට්‍රෙච් මාක්ස් කියන්නේ මොනවාද?
සම ඇදීමෙන් පැල්ලම් හට ගැනීම ස්ට්‍රෙච් මාක් කියලා හඳුන්වන්න පුලුවන්.ඔබේ සුන්දරත්වයට සහ පැහැපත් කමට මෙමඟින් බාධා ඇති වෙනවා.
ස්ට්‍රෙච් මාක්ස් හට ගන්නේ කාටද?
- කෙට්ටු වී හිඳ මහත් වෙන අයට
- මහත අඩු කර කෙට්ටු වෙන අයට
- දරු ප්‍රසූතියට මුහුණ දුන් කාන්තාවන්ට
- අහිතකර ආලේපන වලින් මුහුණේ හට ගන්නා ස්ට්‍රෙච් මාක් ද තිබෙනවා.
කළ හැකි ස්වභාවික සත්කාර මොනවාද?
ස්වභාවික සත්කාරවලින් කෘතිම ආලේප වලට වඩා ඇත්තටම ප්‍රතිඵල ලැබෙනවා.මේ ආලේපන වලට කලින් සමට ස්ක්‍රබ් එකක් කරලා ඉන්නත් අමතක කරන්න එපා. ගැලපෙන ස්ක්‍රබ් එකක් තෝරා ගන්න හැටි අපි මීට කලින් ඔබට කියා දීලා තියෙනවා.
ඊට පස්සෙ මැරුණු සම ඉවත් වෙලා අලුත් සම මතු වෙනවා.ඉන්පසු ස්ට්‍රෙච් මාක් නිසා අවපැහැ වෙලා රැළි වැටුණු සමට මෙහෙම ප්‍රතිකාර කරන්න.
දෙහි

දෙහි වල ඇසිඩ් තිබෙන නිසා මෘදු බ්ලීචින් ගතියක් තිබෙනවා. මුහුණට සහ සමේ මෘදු තැන්වලට මේ ප්‍රතිකාරය එතරම් සුදුසු නැහැ. යොදනවා නම් මී පැණි හෝ සීනි ස්වල්පයක් සමඟ යොදන්න. විනාඩි දහයකින් සෝදා හරින්න.
බිත්තර

බිත්තර සුදු මදයේ ප්‍රෝටීන් තිබෙනවා. සමේ ඇදෙන සුළු බව ඉන් වැඩි වෙනවා. නැවත සම යථා ස්වභාවයට පත් වෙනවා. ආලේප කර විනාඩි විස්සකට පසු සෝදා හරින්න.
ඔලිව් තෙල්

ඔලිව් තෙල් වල කොලජන් තිබෙනවා. සමේ පෝෂණය සහ තෙතමනය ආරක්ෂා කරනවා. සමේ ලේ ගමනාගමනය වැඩි කරනවා. ඒ නිසා ස්ට්‍රෙච් මාක් වලට හොඳ ප්‍රතිකාරයක්.ස්ට්‍රෙච් මාක්වල ආලේප කර මිනිත්තු තිහකට පසු සෝදා හරින්න.
බ්ලැක් ටී

බ්ලැක් ටී වල විටමින් B12, ඛනිජ ලවණ තිබෙනවා. බ්ලැක් ටී බෑග් උණු වතුරේ බහා තබා ආලේප කරන්න. විනාඩි විස්සකින් සෝදා හරින්න.
අල යුෂ

අල යුෂ මුහුණේ ස්ට්‍රෙච් මාක් වල ආලේප කර විනාඩි විස්සකට පසු මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න.සිරුරේ ස්ට්‍රෙච් මාක් වලටත් මෙය ගැලපෙනවා.
කෝමාරිකා

කෝමාරිකා සිසිල් නිසා සමේ ඇදෙන සුළු බව සමේ තෙතමනය ආරක්ෂා කරනවා. කෝමාරිකා ජෙල් වඩා සුදුසුයි. කෝමාරිකා මුහුණේ සහ ඇඟට දිනපතා ආලේප කරත් ගැටලුවක් නැහැ.
කොකෝ බටර්

කොකෝ බටර් සමේ රැලි ගතිය ඉතා හොඳින් පාලනය කරනවා. මාස දෙකක් නොකඩවා ආලේප කිරීමෙන් ඔබට ස්ට්‍රෙච් මාක් සහමුලින්ම නැති කර ගන්න පුලුවන්. කොකෝ බටර් වලට කුරුලෑ ඇති විය හැකි නිසා මුහුණේ ආලේප කරන්න නම් එපා.
ආමන්ඩ් ඔයිල්

සීනි, ආමන්ඩ් ඔයිල්, දෙහි එකට මිශ්‍ර කර දිනපතා ආලේප කරන්න. මෙය පැල්ලම් ඉතා හොඳින් අඩු කර ගත හැකි ප්‍රතිකාරයක්. මුහුණට නම් දිනපතා කරන්න එපා.
