යෝනියෙන් පිටවන ශ්‍රාවයන්ගේ වර්ණයෙන් හා ස්වභාවයෙන් හෙළිවන තොරතුරු.

යෝනි ශ්‍රාවය (Vaginal discharge )සාමාන්‍යයෙන් සිදුවන දෙයක්.රෝගී තත්වයක් නොමැති නම් සෑම කාන්තාවකටම මෙය සිදුවෙනවා.නමුත් විවිධ අවස්ථාවන් වලදී මෙය විවිධ පැහැයෙන් සහ ස්වරූපයෙන් යුතු වෙනවා.නමුත් එහි පැහැය කිසියම් රෝග තත්වයන් පිලිබඳ අනාවැකි කීමට සමත් බව ඔබ දන්නවාද? ඉතින් අපි ඒ ගැන දැනුවත් වෙමු.

සාමාන්‍ය විදියට යෝනි ශ්‍රාවය වන්නේ කෙසේද?

  • සාමාන්‍යයෙන් යෝනි ශ්‍රාවය සුදු පැහැති හෝ අවර්ණ පෙනුමක් ගන්නවා.
  • ඒ වගේ ම කිසිදු දුර්ගන්ධයක් නැහැ.
  • යෝනි ශ්‍රාවයේ පරිමාව වෙනස් විය හැකි වගේම එය දියරමය හෝ තුනී හෝ ඝන වෙන්නට පුළුවන්.
  • ඒ වගේම විවිධ වේලාවල් වලදී යම් යම් වෙනස් වීම් ඇතිවිය හැකියි .එය හරිම සාමාන්‍ය තත්වයක්.

සාමාන්‍යයෙන් යෝනි ශ්‍රාවයන් මේ ආකාරයෙන් දකින්නට පුළුවන්.

1.වියලි ලෙස

මෙය ඉතාමත් වියලි තත්ත්වයේ පවතින අතර ලිංගික එක්වීමේදී අසීරුතා ඇති කරනවා .ඒ වගේම මේ කාලයේදී ගැබ් ගැනීමේ හැකියාව ඉතාමත් අඩුයි .නමුත් එය රෝගී තත්ත්වයක් නෙවෙයි .බොහෝ විට ඔසප් චක්‍රය ට දින කිහිපයකට පෙර මෙවැනි තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය යි.

2.ක්‍රීම් ස්වභාවයෙන් යුතුව

මෙහිදී ඇලෙන සුළු සහ වඩාත් දියරමය ස්වභාවයක් ගන්නවා .මෙය සාමාන්‍ය තත්ත්වයක් .

3.බිත්තර සුදුමද ආකාර

නූලක් ලෙස ඇදෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා .ගැටිති ලෙස තිබෙන්න පුළුවන් .ඩිම්බ මෝචනය වන දින ආසන්න වන විට මෙ වැනි ස්වභාවයක් ගන්නවා.

4.ලිහිසිමය ස්වභාවය

ඩිම්බ මෝචනය ආරම්භ වීමට දින කිහිපයකට පෙර යෝනි ස්‍රාවය ලිහිසිමය ස්වභාවයක් ගන්නවා.

5.සුදු පැහැ ස්වභාවය

මෙයත් ඉතාමත් සාමාන්‍ය තත්ත්වයක් .නමුත් කැසීමක් හෝ යම්කිසි ගන්ධයක් තිබේ ද කියා ත්,යෝනි මාර්ගය ආශ්‍රිතව කිසියම් වේදනාවක් ඇති වෙනවා ද සැලකිලිමත් විය යුතුයි.එසේ නම් ප්‍රතිකාර අවශ්‍ය වෙනවා .

6.පැහැදිළි හා දියරමය ස්වභාවය

මෙය සාමාන්‍ය තත්ත්වයක් .මාසයේ ඕනෑම වේලාවක මෙලෙස පිටවෙන්නට හැකියි.බොහෝ විට දැඩි ලෙස ව්‍යායාම කිරීමෙන් පසු මෙවැනි තත්ත්වයක් දකින්නට හැකියි.

7.දුඹුරු හෝ ලේ සහිත

ඔසප් වීම අවසන් වූ ආසන්නයේ මෙලෙස ඇති වෙන්නට පුළුවන් .ඊට අමතර ව අනාරක්ෂිත ලිංගික සම්බන්ධකමක් පවත්වා ඇත්නම් එය ගැබ් ගෙන ඇති බවට සලකුණක් විය හැකියි.එය අධික ලෙස පිට වේ නම් ගබ්සාව ක් වෙන්නට ත්පුළුවන් .එම නිසා නිසි පරීක්ෂාවක් ලබා ගෙන ප්‍රතිකාර ලබා ලබා ගැනීම ඉතාමත් වැදගත් .
එසේම ආර්තවහරණයෙන් පසු එය ගැබ් ගැබ්ගෙල පිළිකාවක සලකුණක් ද විය හැකියි.

8.කහ පැහැති ස්වභාවය

කිසියම් ආසාදන තත්ත්වයක් නිසා මෙලෙස කහ පැහැය ඇති වෙන්නට පුළුවන්.යම් කිසි දුගදකින් යුක්ත විය හැකියි .ලිංගික රෝගයක් නිසා ත් මෙවැනි තත්ත්ව ඇති වෙනවා .කහ පැහැති ස්වභාවය සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා ඉක්මනින් පරික්ෂා කර ගැනීම වඩාත් සුදුසුයි.

9.කොළ පාට ස්වභාවය

මෙය බරපතළ බරපතළ ආසාදන තත්ත්වයක් නිසා ඇති විය හැකි දෙයක්.ඒ නිසා ඉතාමත් ඉක්මනින් වෛද්‍යවරයා හමුවිය යුතුයි.

යෝනි ශ්‍රාවයේ වෙනසක් ඇතිවීමට මේ හේතු බලපාන්නට පුළුවන් .

1.උපත් පාලන පෙති
2.ගැබ් ගෙල පිලිකා
3.ලිංගික රෝග
4.දියවැඩියාව
5.ගැබ් ගැනීම
6.යෝනි ආසාදන
7.ප්‍රතිජීවක භාවිතය
8.විවිධ බැක්ටීරියා ආසාදන නිසා
9.ආතතිය නිසා

ඉතින් නිතරම මෙවැනි තත්ත්ව පිළිබඳ සැලකිලිමත් සිටීමෙන් මෙන්ම යෝනි පෙදෙස ආශ්‍රිතව පිරිසිදුව තබා ගැනීමෙන් බොහෝ ලෙඩ රෝග රැසකින් වලකින්නටත් පුළුවන් .

Related Articles

Don't Miss


Latest Articles