උදෑසනට පහසුවෙන් පිළියෙල කර ගත හැකි පෝෂණීය කැඳ වර්ග 4 ක්.

උදෑසන ආහාරය සදහා පෝෂණීය කැඳ වර්ගයක් එකතු වුණොත් එය පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යය සඳහා හොඳයි නේද?

දේශීය ආහාර වට්ටෝරු අතර කැඳවලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. පහසුවෙන් පිළියෙල කර ගත හැකි වගේම ගුණයෙනුත් ඉහළ මේ කැඳ වර්ග නිවාඩු දිනයක පිළියෙල කලොත් හැමෝම සතුට වේවි.

රුලං කැඳ

අවශ්‍ය දේවල්:

  • නැවුම් කිරි කෝප්ප 2
  • වතුර කෝප්ප 1
  • බටර් තේ හැඳි 1 1/2
  • ලුණු තේ හැඳි 1/4
  • රුලං පිටි කෝප්ප 1/3
  • සුදු සීනි මේස හැඳි 1

සාදාගන්නා ආකාරය:

  • මුලින්ම වතුර, කිරි, බටර් සහ ලුණු සාස්පානකට දාගෙන මද ගින්නේ රත්කරගන්න.හැදිගාමින් මේ මිශ්‍රණය නටවාගන්න.
  • ලිපෙන් බාලා,රුලං පිටි ඉතා ප්‍රවේසමෙන් එකතු කරගන්න.
  • මේ පිටි එකතු කරන විට කැට නොසෑදෙන ලෙස එකදිගට හැඳි ගාගන්න
  • මිශ්‍රණය නටනතෙක් විනාඩි දෙකක් පමණ සාස්පාන හොඳින් රත් කර ගන්න.
  • ගින්දර අඩුකර පියනකින් වසා මේ කැඳ එක ඝනකම් වනතුරු විනාඩි විස්සක් පමණ නටවා ගන්න.
  • සාස්පාන ලිපෙන් බා සීනි එකතුකරන්න.
  • විනාඩි කිහිපයක් නිවෙන්න හරින්න.

කිතුල්පිටි කැඳ

අවශ්‍ය දේවල්

  • කිතුල් පිටි ග්‍රෑම් 50 ක්
  • වතුර කෝප්ප හයක්
  • මිටි කිරි කෝප්ප දෙකක්
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  • අවශ්‍ය නම් සීනි

සාදන ක්‍රමය

  • කිතුල් පිටි වල ට වතුර මිශ්‍ර කර කැඳ පිස ගන්නා ආකාරයට හැදිගාමින් විනාඩි දහයක් පමණ තම්බා ගන්න.
  • ඉන්පසු එයට මිටි කිරි එකතු කර බුබුළු දමන තෙක් මඳ ගින්නේ තබන්න.
  • අවශ්‍ය තරමට ලුණු එකතු කර හැඳි ගා ලිපෙන් ඉවතට ගන්න .

කරපිංචා කැඳ

අවශ්‍ය දේවල්

  • පිරිසිදු කරගත් කරපිංචා කොළ ග්‍රෑම් 400ක්
  • කැකුළු හාල් ග්‍රෑම් 100
  • සිහින්ව කපාගත් සුදුළූණු ග්‍රෑම් 50
  • වතුර කෝප්ප තුනක්
  • උකු පොල් කිරි කෝප්ප දෙකක
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට

සාදන ක්‍රමය

කැකුළු හාල් වලට සාමාන්‍ය බතක් පිසින ආකාරයට වඩා තරමක් වැඩිපුර වතුර දමා එයටම සුදු ලුණු එකතු කර බත බෙරි වෙනතුරු තම්බා ගන්න .
සෝදා පිරිසිදු කර වතුර බේරා ගත් කරපිංචා කොළවලට වතුර කෝප්ප තුනක් සහ ඉතිරි සුදු ලුණු එකතු කර හොඳින් කොටා මිරිකා ගන්න.
බෙරි කරගත් බත පොල් පොල්කටු හැන්දක් ආධාරයෙන් හොඳින් පොඩිකර උකු පොල් කිරි එකතු කර, එය උතුරන විට මිරිකා ගත් කොළ ඉස්ම මිශ්‍ර කර ගන්න.
විනාඩි පහක් පමණ හොඳින් හැඳි ගා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරන්න .

කුරක්කන් පිටි කැඳ

අවශ්‍ය දේවල්.

  • කුරක්කන් පිටි ග්‍රෑම් 100
  • වතුර කෝප්ප 1
  • දී කිරි කෝප්ප එක හමාරක්
  • සව් ග්‍රෑම් 50 ක්
  • ලුණු කුඩු රස අනුව

සාදන අයුරු

  • කුරක්කන් පිටි මැටි භාජනයකට දමා වතුර සුළු ප්‍රමාණයක් එක් කර පිට්ටු සාදන ආකාරය ට පිටි කැට සාදා ගන්න.
  • භාජනයක් ගෙන එයට දියකිරි දමා ලිප තබා උතුරු වන්න.උතුරන අතර තුර එයට ලුණු ,පිටි කැටිති මිශ්‍ර කර හැඳි ගාමින් තම්බා ගන්න.
  • තැම්බුණු පසු මිටි කිරි එකතු කරමින් යළිත් හැඳි
  • ගා ලිපෙන් බා ගන්න.
  • ඉන් පසු වීදුරුවලට දමා ගන්න .

ඡායාරූප – රෙශානි ජයවර්ධන,නිලුක්ෂිකා සඳමාලි,සචින්තනා අමරසිංහ (Smartlady facebook සමූහයේ Food photography තරඟයට ඉදිරිපත් කළ ඡායාරූප)

Related Articles

Don't Miss


Latest Articles