පරාටා අපි හැමෝම කැමති රසවත් කෑමක්.කඩෙන්ම පරාටා කන්න පුරුදු වෙලා ඉන්න ඔබට මේ අරන් ආවේ වෙනස් රස පරාටා රෙසිපි තුනක්. ගෙදර හැමෝම මේ රසවත් පරාටා ආසාවෙන් රස විඳිනවාට සැක නෑ.
අල පරාටා

අවශ්‍ය දේවල්:
- අල
- ලොකු ළූණු
- අමු මිරිස්
- කරපිංචා හා කොත්තමල්ලි කොල
- සුදු ළූණු
- මිරිස් කුඩු ටිකක්
- ගරම් මසාලා
- කහ ස්වල්පයක්
- සූදුරු
- රස අනුව ලුණු
- පාන් පිටි හෝ ආටා පිටි
- වතුර
- ගී ඔයිල්
සාදාගන්නා ආකාරය:
- කැමති ප්‍රමාණයක් අල අරගෙන හොඳින් තම්බා ගන්න.
- පොතු අයින් කර හොඳින් පොඩි කර ගන්න.
- එයට සිහින්ව කැපූ ළූණු, අමුමිරිස්,කරපිංචා හා කොත්තමල්ලි කොළ, සුදුළූණු,මිරිස් කුඩු,ගරම් මසාලා,කහ,සූදුරු සහ රස අනුව ලුණු දමා මිශ්‍ර කරන්න.
- කුඩා බෝල සකසා ගන්න.
- පාන් පිටි හෝ ආටා පිටි අරගෙන එයට ලුණු ටිකක් දමා හොඳින් කලවම් කරන්න.
- වතුර ටික ටික දමා මෘදු පිටි මිශ්‍රණයක් අනා ගන්න.
- තෙල් ටිකක් අතේ ගා ගෙන එයින් පිටි බෝල හදා ගන්න.
- පිටි ඉස ගත් ලෑල්ලක පිටි බෝල තබා තුනී කර ඒ මැදට සැකසූ අල බෝල තබා කවර් කරන්න.
- රෝලින් එකකින් තුනී කර ගන්න
- තැටියක් රත් කර ගෙන පරාටා එක දමා ගී ඔයිල් ආලේප කරන්න.
- දෙපැත්තේම ගී ඔයිල් ආලේප කර ගනිමින් පුළුස්සා ගන්න.
ගාලික් පරාටා

අවශ්‍ය දේ
- පාන් පිටි කප් 2.
- රුලං කප් 1/4.
- ලුණු තේ හැදි 1.
- තෙල් මේස හැදි 2.
- බේකින් පව්ඩර් තේ හැදි 1/2.
- සීනී තේ හැදි 1.
- වතුර කෝප්ප එකක්
සාදන ආකාරය:
භාජනයකට මේ සියල්ලම දමා වතුර ටික ටික දමමින් ඩෝ එක අතේ නොඇලෙන මෘදු ඩෝ එකක් ලෙස සකසා විනාඩි විස්සක් රෙදි කඩකින් වසා පසෙකින් තබන්න.
සුදු ළූනු මිශ්‍රණය සැකසීම
- චොප් කළ සුදු ළූණූ බික් 4.
- බටර් මේස හැදි 3.
- කරපිංචා මේස හැදි 2
- ඔරිගානෝ තේ හැදි 1/4.
- කෑලි මිරිස් කුඩු තේ හැදි 1/4.
මේ සියල්ලම කළවම් කරන්න
බටර් ද දිය කර ගන්න.
- අනා ගත් ඩෝ කුඩා බෝලවලට කඩා ගන්න.
- ඒවා බෝල කර පසෙකින් තබා ගන්න.
- තුනී කරන මතු පිටට පිටි ටිකක් ඉස පිටි බෝලය උඩටත් පිටි ඉස ගෙන හොඳින් තුනී කර ගන්න.
- තුනී කර ගත් පරාටා එක මතු පිටට සුදු ළූණූ මිශ්‍රණය තවරා ගන්න
- එය නවා ගන්න.
- හොඳින් තුනී කර ගන්න.
- දෙපැත්තේ තෙල් තවරා තැටියක දමා පුළුස්සා ගන්න.
චීස් පරාටා

- පාන්පිටි කෝප්ප 2
- ලුණු ස්වල්පයක්
- තෙල් මේස හැඳි 2
- ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්
සාදා ගන්නා ආකාරය
- පාන්පිටි, ලුණු හා තෙල් දාලා වතුර දමමින් සොෆ්ට් ඩෝ එකක් අනාගන්න.
- එයට තෙල් ටිකක් දමා මිනිත්තු හතලිහක් වසා ගන්න.
- ඉන්පසු පිටි ටිකක් ඉස ගත් තැටියක ඩෝ එක දමා
- කුඩා බෝල සකසන්න.
- ඒ බෝල වල ඔයිල් ගා විනාඩි දහයක් වසා තබන්න.
- විනාඩි දහයකට පසු බෝල එකින් එක තුනී කරගන්න.
- ගී ඔයිල් තවරාගන්න.
- මොසරැල්ලා චීස් මැදට දමා නවා ගන්න.
- තුනී කර තැටියක දමා පුළුස්සා ගන්න.