fbpx

කියවන්න පොතක්

ලෝරා ඉන්ගල්ස් පොත් කියවන අපි බොහෝ ආදරය කරන චරිතයක්. ඒ Little house කතා මාලාව නිසා.ඒත් ලෝරාට තරමටම අපි ලෝරාගේ අම්මා වූ කැරොලයින්ටත් ආදරය කරනවා. මේ කැරොලයින්ගේ කතා මාලාවත් අපට කියවන්නට ලැබීම අපූරුයි නේද? කැරොලයින් ක්විනර් උපදින්නේ 1839 දී. චාලට් සහ හෙන්රි ක්විනර්ගේ දියණියක් වන...
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් කියන්නේ ගැහැණු ළමයෙක් මුණ ගැසිය යුතුම චරිතයක්. ලෝ ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ඔබ කොහොමටත් අසා ඇති. අද අපි ඔබට කියන්නේ ලෝරාගේ අපූරු ජීවිත අන්දරය ගැන යි. මේ පොත් පෙළ ලියැවෙන්නේ කතාවේ ප්‍රධාන චරිතය ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් අතින් මයි. සිතුවම් නිර්මාණය...
ප්‍රංශයේ ජීවත්වු කල්පනා වික්‍රමසූරිය සහ ඇයගේ කුඩා පුතු හසීල් කිසිම සාක්ෂියක් අති දක්ෂ මිනීමරුවෙකු අතින් ඝාතනයට වෙනවා. ගෘහ මුලිකයා වූ භාතිය වික්‍රමසූරිය ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් භාරයට පත් වෙනවා.මිනීමරුවා සොයා යෑමේ පරීක්ෂණය භාරවන්නේ ප්‍රංශ අපරාධ විමර්ශන කොට්ඨාසයේ දක්ෂතම රහස් පරීක්ෂිකාව වූ "නතාලි මුණියේ" ට.
ඔබ ඉදිරියේ ඇතිප්‍රහේලිකාව ගැන හිතන්නඔබට උදව් කිරීමටවචන මඟ බලා හිඳී. මුතුහර පාසල් යන දරුවෙක්.ඔහු ප්‍රහේලිකාවක් පුරවන කතාන්දරය යොවුන් සාහිත්‍ය කෘතියක් බවට පත් කරන්නේ වර්තමානයේ ජනප්‍රියම සාහිත්‍යධරයෙකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා. ජීවිතය කියන්නේ ප්‍රහේලිකාවකට. අපි එය හැකි ලෙස පුරවන්න උත්සාහ දරනවා....
ගුරු ගීතය ශ්‍රී ලංකාවේ පාඨකයන්ගේ නොමඳ අවධානය දිනා ගත් කෘතියක්.එය උන්මාදයක් වන තරම් බව ප්‍රසිද්ධ පොත් සමූහ දෙස බලද්දි වැටහී යන දෙයක්. දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් "ගුරු ගීතය" ලෙසින් සිංහල බසට අනුවාදය කරන්නේ කිර්ගීසියානු බසින් රචිත චිංගීස් අයිත්මාතව් නම් ප්‍රකට රුසියානු සාහිත්‍යකරුවාගේ "පළමු...
හද්ද පිටිසර ගමක පාසලින් ආරම්භ වන 'මල්ලිගේ විත්ති' කෙළවර වන්නේ නගරයේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙන් ය. හාස්‍ය රසයෙන් අනූන ළමා සාහිත්‍ය කෘතියක් වන මල්ලිගේ විත්ති අප බොහෝ දෙනෙකුගේ ළමා විය හැඩ කළ කෘතියක්. දඟකාර කුඩා පිරිමි දරුවෙක්ගේ අත්දැකීම් ඇසුරෙන් මේ කෘතිය ලියන්නේ...
කීර්ති වැලිසරගේ මහතා රචනා කළ ගරුඩ මුහුර්තය 2017 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට සහ ගොඩගේ සම්මානයට නිර්දේශ වී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වෙනවා. නූරි, මාලිම්බඩ, මාගල ආදී ප්‍රදේශ වල ට ගිය ගමනකදී මේ කෘතිය සඳහා වස්තු බීජය සිතෙහි ඇති වූ බව කතුවරයා පවසනවා. ශතවර්ෂයකට පමණ...
තරුණයෙකුගේ යතුරු පැදියකට හදිසියෙන් රූමත් තරුණියක ගොඩ වෙයි. ඇය පලා යන්නියකි.තරුණයාට ද කතාවක් ඇත. අඳුරු අතීතයක් ඇත.තරුණියට ස්වකීය කතාන්දරය ඔහු සමඟ කියන්නට සිදු වේ. මං මුලා වී ගිය තරුණිය රැකවරණය පතන්නේ ද ගැටුම් ඇති කරගන්නේ ද හෙටක් ගැන වගක් නැති තරුණයෙකු සමඟ.ගිරි දේවි නවකතාව...
"පරිවාර කන්‍යාවියන් විසින් වට කරනු ලදුව වාසල මුල්ලේ වකුටුවී කන්තල වසා සිටි ප්‍රමිලා හැරී බලද්දී දොර අභියස සිටි යුධ වීරයාගේ උදාර පෞරුෂ ලීලාව ඕ දැක ගත්තාය . එතරම් ඖදර්ය පෞර්ෂයක් ඇය දස්කොන් කෙරෙන් කවරදාවත් දැක තිබුණේ නැත . හේ කවියෙකි.නිවුණු මිනිසෙකි.
මල් පෙත්තේ, මල් පෙත්තේඋතුරු දෙසට - දකුණු දෙසටබටහිරටත් නැගෙනහිරටඉගිල ඉගිල මෙහැම දෙසටකැරකීලා ඇවිත් බිමටම කියන දෙය කර දෙන් මට" පුංචි ශේන්යාට හත් පෙති මල ලැබෙන්නේ ඇය බොහොම කරදරයක වැටිලා ඉන්න වෙලාවක.අම්මාගෙන් ගුටියක් කන්න ඔන්න මෙන්න වෙලාවක.



error: