කියවන්න පොතක්

තනුජා අයගම මහත්මිය ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍ය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන සාහිත්‍යවේදිනියක්.1997 වසරේදී ''චූටි කවිතරු'' කෘතිය ප්‍රකාශයට පත්කරමින් කතුවරියක වූ ඇය පළමුවරට වරට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමිකර ගත්තේ 2012 දී. බොහෝ වසරවල රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ ළමා සාහිත්‍ය වෙනුවෙන් සම්මානය හිමි වන්නේ ඇගේ නමට.පියාගේ කවීත්වය නිසා උපන් සාහිත්‍යමය...
මං ඉපදුණේ කොහොමද?" අපේ ළමා කාලයේ අපි නිතරම අහපු ප්‍රශ්නයක් මේ.දැන් අපේ දරුවන්ටත් නිතරම නැගෙන ප්‍රශ්නයක් දරුවෙක් අම්මාගේ බඩ ඇතුළේ හැදුණු බව පොඩි දරුවෙක්ට කියන එක නරක බව හිතන අම්මලා පුරුදු වෙලා ඉන්නේ රෝස කැලේ සහ සුරංගනාවියන්ට වැඩේ පවරන්න. එතකොට පොඩිත්තෝ එන්නේ රෝස කැලෙන්.නැත්නම් සුරංගනාවියන් අම්මා අතටම බබා පරිස්සමින් දීලා යනවා. මේ...
“එහෙනම් අපි බලමුකෝ කිසි කමකට නැති මේ අවලම් බිත්තිය ඇතුළෙ තියෙන්නේ මොනවද කියලා.” යළිත් වරක් ප්‍රේරකය ඇදි ඈ, මෙවර යකඩයෙන් තැනුණු පුරාවස්තුව වෙතට අවධානය යොමුකරමින් ඒ වටා ඇති පෙදෙසට ලේසර් කදම්භය එල්ල කළාය. යළිත් වරක් බමනය වූ ලේසර් කිරණ මඟින් ස්ථර වශයෙන් බිඳ දැමූ වැලිගල දූවිලි බවට පුපුරවා හැරෙන්නට විය....
බාණ කුසුම් ලියැවෙන්නේ යුග දෙකක් හරහා.සිත්තර පරම්පරාවකට අයත් නිබ්බුතා නම් තරුණිය වටා මෙහි ප්‍රථම භාගය ලියැවෙනවා. රූමත් සරාගී නිබ්බුතා දහ අටවැනි සියවසට අයත් තරුණියක්.ආචාරී කුලයට අයත් ඇය ගොවිගම කුලයේ රන් බණ්ඩා සමඟ විවාහ වීම නිසා සැමියාගේ තාඩන පීඩන වලට ලක් වන්නියක්.දරුවන් නැතිකමින් ද පීඩා විඳින ඇය ඉතා සංවේදි ලිංගික...
ලෝරා ඉන්ගල්ස් පොත් කියවන අපි බොහෝ ආදරය කරන චරිතයක්. ඒ Little house කතා මාලාව නිසා.ඒත් ලෝරාට තරමටම අපි ලෝරාගේ අම්මා වූ කැරොලයින්ටත් ආදරය කරනවා. මේ කැරොලයින්ගේ කතා මාලාවත් අපට කියවන්නට ලැබීම අපූරුයි නේද? කැරොලයින් ක්විනර් උපදින්නේ 1839 දී. චාලට් සහ හෙන්රි ක්විනර්ගේ දියණියක් වන ඇය ජෝසප්, හෙන්රි,මාර්තා,එලිසා සහ තෝමස් යන...
ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් කියන්නේ ගැහැණු ළමයෙක් මුණ ගැසිය යුතුම චරිතයක්. ලෝ ප්‍රකට ලිට්ල් හවුස් කතා මාලාව ඔබ කොහොමටත් අසා ඇති. අද අපි ඔබට කියන්නේ ලෝරාගේ අපූරු ජීවිත අන්දරය ගැන යි. මේ පොත් පෙළ ලියැවෙන්නේ කතාවේ ප්‍රධාන චරිතය ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් අතින් මයි. සිතුවම් නිර්මාණය කරන්නේ Garth Williams විසින්. එක්සත් ජනපදයේ...
ප්‍රංශයේ ජීවත්වු කල්පනා වික්‍රමසූරිය සහ ඇයගේ කුඩා පුතු හසීල් කිසිම සාක්ෂියක් අති දක්ෂ මිනීමරුවෙකු අතින් ඝාතනයට වෙනවා. ගෘහ මුලිකයා වූ භාතිය වික්‍රමසූරිය ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් භාරයට පත් වෙනවා.මිනීමරුවා සොයා යෑමේ පරීක්ෂණය භාරවන්නේ ප්‍රංශ අපරාධ විමර්ශන කොට්ඨාසයේ දක්ෂතම රහස් පරීක්ෂිකාව වූ "නතාලි මුණියේ" ට. 12.12.12 සමාජ ජාල සහ ඉන් ඔබ්බට...
ඔබ ඉදිරියේ ඇතිප්‍රහේලිකාව ගැන හිතන්නඔබට උදව් කිරීමටවචන මඟ බලා හිඳී. මුතුහර පාසල් යන දරුවෙක්.ඔහු ප්‍රහේලිකාවක් පුරවන කතාන්දරය යොවුන් සාහිත්‍ය කෘතියක් බවට පත් කරන්නේ වර්තමානයේ ජනප්‍රියම සාහිත්‍යධරයෙකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා. ජීවිතය කියන්නේ ප්‍රහේලිකාවකට. අපි එය හැකි ලෙස පුරවන්න උත්සාහ දරනවා. නමුත් එය පුරවා ගත යුත්තේ ආයාසයෙන් නොවන බව දරුවන්ට වටහා...
ගුරු ගීතය ශ්‍රී ලංකාවේ පාඨකයන්ගේ නොමඳ අවධානය දිනා ගත් කෘතියක්.එය උන්මාදයක් වන තරම් බව ප්‍රසිද්ධ පොත් සමූහ දෙස බලද්දි වැටහී යන දෙයක්. දැදිගම වී. රුද්‍රිගු මහතා විසින් "ගුරු ගීතය" ලෙසින් සිංහල බසට අනුවාදය කරන්නේ කිර්ගීසියානු බසින් රචිත චිංගීස් අයිත්මාතව් නම් ප්‍රකට රුසියානු සාහිත්‍යකරුවාගේ "පළමු ගුරුවරයා" (The First Teacher) නම් නවකතාවයි....
හද්ද පිටිසර ගමක පාසලින් ආරම්භ වන 'මල්ලිගේ විත්ති' කෙළවර වන්නේ නගරයේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙන් ය. හාස්‍ය රසයෙන් අනූන ළමා සාහිත්‍ය කෘතියක් වන මල්ලිගේ විත්ති අප බොහෝ දෙනෙකුගේ ළමා විය හැඩ කළ කෘතියක්. දඟකාර කුඩා පිරිමි දරුවෙක්ගේ අත්දැකීම් ඇසුරෙන් මේ කෘතිය ලියන්නේ ගුණදාස ලියනගේ මහතා විසින්. ඉරිදා ලංකාදීප පුවත්පතට 'ලොකු අයියා" යන අන්වර්ථ...