Health

මීයෝ කැරපොත්තෝ හුනෝ කුහුඹි ආදී සතුන්ගෙන් ආරාක්ෂා වන්න අප නිතරම කෘමි නාශක භාවිතා කිරීමට පුරුදු වෙලා ඉන්නවා.ඒ නිසාම මෙවැනි වස විස නිසා ඇතිවන හදිසි අනතුරු හරිම සුලබ දෙයක් වෙලා තියෙනවා.ඒ වගේම කොතරම් සුලබද කියනවානම් මේවයින් ආරාක්ෂා වන උපක්‍රම භාවිතා කිරීමටවත් කවුරුවත් එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.ඒ නිසයි අද...
අපේ රටේ විවිධත්වයෙන් යුතු පළතුරු බහුලව තිබුණත් අපි නිතරම වගේ පුරුදු වෙලා ඉන්නේ පළතුරු වර්ග කිහිපයක් පමණක් අනුභව කරන්නයි. කෙසෙල්, අඹ, පැපොල්, පැණි කොමඩු,අන්නාසි, ‍කිලෝ පේර අද අප රටේ බහුලව ආහාරයට ගන්නා පළතුරුයි. නමුත් පිටරටට ආවේණික පළතුරු වර්ග ද ඉහළ මිලකට වෙළෙඳ පොළෙන් මිළ දී ගන්නට පුළුවනි. නමුත් මෙම...
ගොඩක්දෙනා හිතන්නෙ උදෑසන ආහාරයට යෝගට් එකක් හෝ දොඩම් යුෂ වීදුරුවක් කියන්නෙ සෞඛ්‍ය සම්පන්න තෝරාගැනීමක් කියලයි. අවාසනාවකට බොහොම සුළු පිරිසයි මේ වගේ ආහාර උදෑසන හිස් බඩට කන එක එතරම් හිතකර නොවන බව දන්නෙ. ඒ නිසා මෙන්න මේ කෑම උදේට වර්ජනය කරන්න යීස්ට් අඩංගු ආහාර - පෆ් පේස්ට්‍රීස්, ෂෝට් ඊට්ස් ආදී ආහාරවල...
වර්තමානයේ ගෘහණියන් කෘතීම ආහාර වලින් තොරව ස්වාභාවික ගුණයෙන් පිරිපුන් ආහාර  තෝරා ගැනීමට දක්වන කැමැත්ත මහත් සේ ඉහළ ගොස් තිබෙනවා.ජන මාධ්‍ය ඔස්සේ  ඒ සඳහා ලැබෙන ඉඩ සේම,පෝෂණය පිලිබඳ  ඇතිවන කතිකාව සමහරවිට එයට හේතු විය හැකියි.ඉතින්  දරුවාගේ සේම පවුලේ පෝෂණය ගැන මනා සැළකිල්ලක් දක්වන ඔබ වෙනුවෙන් කතුරුමුරුංගා වල ගුණාගුණ ගැන කතා...
ආහාර පිළියෙළ කරන හැම ගෘහනියක් ම වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ තමන් සකස් කරන ආහාර වේලේ පිරිසිදුකම, පෝෂණීය වටිනාකම සහ රසය ගැනයි. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ වුණත් සමහර වෙලාවට පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා, රුචි අරුචිකම්, විශේෂයෙන් ම කුඩා දරුවන් සහ වයස්ගත පුද්ගලයන් ඉන්නා විට ඔවුන්ට වඩාත් ගැළපෙන ආහාර වට්ටෝරු ගැන ඇය...
දේදුන්න ගැන ලොකු පුංචි කවුරුත් අහල තියෙනවා. හැම කෙනෙක් ම එක පාරක් හරි දේදුන්න දැකලත් ඇති. ඒත් කවද හරි ඔබ දේදුන්නක් කාල තියෙනවද? රස වගේම ගුණ ගැනත් හිතල ආහාර අනුභව කරන හැම කෙනෙකුට ම දේදුන්නක් කෑවා වගේ හැඟීමක් ඇතිවෙන්න ඕනෙ කියලයි පෝෂණවේදීන් කියන්නේ.කොහොමද ඔබ ගන්නා ආහාර වේල දේදුන්නක් කරගන්න...
සමහර පිරිමින් හිතන්නේ පවුලට අවශ්‍ය දරුවන් ගණන තීරණය කිරීම තමන්ගේ අයිතියක් කියායි. විවාහයෙන් පසු සැමියාත් බිරිඳත් දෙදෙනාම එක්වී එකඟතාවයකින් ගතයුතු තීරණ සැමියා තනිව ගැනීම නිසා බොහෝ බිරින්දෑවරුන්ට සැලසුම් නොකළ ගැබ්ගැනීම්වල විත්තිකාරිය වන්නට සිදුවෙනවා. මේ නිසා ඇතැම් අවස්ථාවල නීතිවිරෝධී ගබ්සාවන් කරන්නට පවා යොමුවන විවාහක කාන්තාවන් සිටිනවා. මෙය කිසිසේත්ම යහපත් තත්වයක්...
ජීවිතේ කවද හරි දවසක ඔබටත් මස්පිඬු පෙරලීමේ වේදනාව දැනිලා තියෙනවාද? සාමාන්‍යයෙන් ලෝකේ ජීවත්වෙන මිනිස්සුන්ගෙන් 95%කට ම ශරීරයේ කොතැනක හෝ මස්පිඬු පෙරළීමක් ජීවිතයේ එක් වරක් හෝ ඇති වෙන්නට ඉඩ ඇති බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. ශරීරයේ කිනම් හෝ ස්ථානයක් අතපය හෝ ඉන් කොටසක් නවනවිට සංකෝචනය වෙනවා. එසේ සංකෝචනය වෙන අවයවය නැවත දිග...
දරුවෙකු පිළිසිද ගත් විට කාන්තාවන්ට ඇතිවන උදෑසන අපහසුතා අතරින් ඔක්කාරය,වමනය ප්‍රධාන ස්ථානයක් ගන්නවා. අද අපි කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඔබ මුහුණ දෙන උදෑසන ඔක්කාරයට කළ හැකි ප්‍රතිකාර ගැනයි. දරුවකු පිළිසිඳ ගත් විට උදෑසන ඇති වන ඔක්කාරය අයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආම්ලෝද්ගාරය ලෙස හදුන්වයි. මවගේ සිරුරෙහි ඇති වන හෝමෝන...
පාරාදීසයේ පලතුර ලෙස සැලකෙන දෙළුම් (pomegranates) යනු මිහිපිට ඇති වඩාත්ම ගුණදායක පලතුරුවලින් එකකි. රසවත් යුෂ පිරි දෙළුම් හුදු පලතුරක් පමණක් නොවේ. ආයුර්වේදයට අනුව දෙළුම් යනු අගනා ඖෂධයකි. මේ ඔබට දෙළුම් ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි දේවල්- පෝෂණයෙන් අධිකයි විටමින් ආකරයක් වන දෙළුම්වල විටමින් A, C, E සහ ෆෝලික් අම්ලය යහමින් අඩංගුයි. ග්‍රීන්...