Mini Stories

අමිල නිවසට ආවේ හිස ගිනිගෙන වගේ. සුජීවා ගේ කඳුළු පිරුනු ඇස් අමිලට මතක් නොවෙන මොහොතක් තිබුනේ නෑ. තරුණ වයසේදීම අම්මාගේ ආදරේ අහිමි උනාට පස්සේ ඇත්තෙන්ම අම්මා කෙනෙක් වගේ සියලුමදේ හොයලා බලලා හැම වැඩකදීම තමන්ට ශක්තියක් වූනු සුජීවාව විවාහ කර ගන්න සූදානම් වීම දැන් ගෙදර ලොකුම ප්‍රශ්නය බවට පත්වෙලා. අමිල...
"ලොකු උනාම කවුද වෙන්නේ?" හැම පොඩි දරුවෙක්ම මුහුණ දෙන ප්‍රශ්නය.ඩොක්ට කෙනෙක්, ටීච කෙනෙක්, ලෝයර් කෙනෙක් වගේ විවිධ උත්තර ලැබෙන ප්‍රශ්නය.මම හැමදාමත් ඒ ප්‍රශ්නයට දුන්නේ එකම උත්තරයක්. "මට ඕනෑ නිළියක් වෙන්න." ඒ උත්තරේට ලැබුණු ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නෑ.ඒක ගෑනු ළමයෙක්ට නොගැලපෙන හීනයක්.සමහරු එහෙම කිව්වා.පුංචි කාලේ කියපු කතාව තවදුරටත් නොගැළපෙනවා කියලා මගේ...
මං පුස්තකාලයට ගොඩ වුණේ හැන්දෑවෙ තුන පහුවෙද්දී .පුස්තකාලය වහන්න පැය දෙකක්ම තියෙන නිසා නිදහසේ පොත් තෝරා ගන්න මට ඕන තරම් වෙලාව තිබුනා. සතියේ දවසක් නිසා ඒ තරම් සෙනඟ නොහිටිය පුස්තකාලෙ මගේ හිතට ගෙනාවේ සැනසිලිදායක හැඟීමක්. පොත්වල සුවඳ තැවරුනු රාක්ක අතර මං ඇවිද්දේ කියවන්න පුළුවන් විදිය නවල් එකක් හොයන්නයි ....
"අපේ අක්කගෙ කොලුවා ඊයේ කෙල්ලක් උස්සන් ආවනෙ" අපේ ගෙදර අත් උදව්වට ඉන්න මල්ලිකා ගෙට ගොඩ උනේ එහෙම කියාගෙන.නරියෙක් කුකුල් පැටියෙක් උස්සන් ආවා වගේ සරල කතාවක්. අම්මත් මමත් මූණට මූණ බලා ගත්තා. "කෙල්ලගෙ ගෙදරින් හොයයි කියලා අපේ ගෙදරනේ තියාගත්තෙ.මාත් ටිකක් පරක්කු වුනේ ඒකයි නෝනා" ආදරයකට උදව් කරන එක නරක වැඩක් නෙමෙයි.ඒත් මට මතක...
අපේ කැදැල්ල ආදරය උතුරා යමින් තිබූ තැනකි.සතුට බෝ වූ තැනකි.අප සෑම මොහොතක්ම ගෙවූයේ සතුටිනි.ආදරය සහ සතුටට නිදසුනක් ඕනෑ නම් අපේ පවුල එයට ප්‍රමාණවත් විණි. මමත් වරුණත් හඳුනා ගත්තේ සරසවියේ දී ය.සියල්ල සතුටින් අහවර විණි.අප විවාහ වී අපේම නිවසක් ඉදි කළෙමු.කුඩා දියණිය අපේ ලෝකයට සතුට රැගෙන ආවා ය.ඇයට දෑවුරුද්දක් වෙද්දී අක්කා...
ශානිකා කන්නාඩියෙන් පෙනෙන තමන්ගේ රුව දිහා බලාගෙන හිටි හිස් හැඟීමකින් . කන්නාඩියෙන් පෙනෙන උඩරට මනාලියට , ඇත්තටම තමන් ආදරය කළ කල පෙම්වතාව විවාහ කර ගන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා හිතුනා. මහා සෙනගක් මැද්දේ දිවුරුම් දීලා ශානිකා ජනිත් ව විවාහ කරගත්තෙ තාත්තගේ කැමැත්තට. අම්මා නැති වුන දවසේ ඉඳලා තමන් වෙනුවෙන්...
"ඔයාගේ කට්ලට්ස් සැන්විචස් ටික නම් මාර රසයි සමා.." රාධිකා මම ලඟින් වාඩි වුණේ එහෙම කියාගෙන.මම හිනාවෙලා එයා දිහා බැලුවා. රසයි නම් තමයි..ඒත් අනේ ඕව හැදුවේ මම නෙමෙයි." මම එහෙම කියද්දී කෞෂි පුටුව කරකවලා අපේ පැත්ත හැරුණා.කෑම සම්බන්ධයෙන් කතාවක් තිබුණොත් එයා අනිවාර්යෙන්ම එතන. "එහෙනම්? දසුන්ලගෙ අම්මද හැදුවෙ..ඇත්තටම රසයි අනේ.." කෞෂිත් කියනවා.මට ඒවා කරන්න වෙලාවක් නොතිබුණු...
සතුටින් ඉපිලෙන හිතත් අරගෙන මං කාර් එකට නැග්ගෙ යන්තම් පාන්දර හතර පහු වෙද්දි. අම්මයි තාත්තයි ඉස්සරහ සීට් එකේ ඉඳගෙන තොරතෝංචියක් නැතිව සතුට බෙදා ගන්න කොට මං පිටිපස්සෙ සීට් එකට වෙලා මං රැයක් දවාලක් නැතුව කැපවෙලා දිනාගත්ත කුසලානයත් එක්ක තනි උනා.හිතේ කැකෑරෙන අසීමිත වේදනාවක් එක්කයි මං ගායන තරඟයේ අවසන් වට...
"දික්කසාදෙන් පස්සේ ජීවිතේ ලේසි නෑ.." මට එසේ පැවසුවේ ළඟම උදවිය ය.එය අසත්‍යයක් නොවන බව දනිමි.තාත්තා කෙනෙකුගේ ආදරය අහිමි දරු දෙදෙනෙකි; තනි ගැහැනියකි.පවුල යැයි කියන්නේ මෙතැන් පටන් අප තිදෙනා ට ය. "ගෙවල් කුලී දීලා දරුවන්ගේ ඕනෑඑපාකම් බලන්න ඔය පඩිය මදි.ඔයා ගෙදර එන්න ලොකු දුවේ.." අම්මා මගෙන් ඉල්ලුවා ය.නමුත් ඈත ගම්මානයක ජීවිතය දරුවන්ට පහසු...
"තේරුමක් නෑ…" ඒ පණිවිඩය ගිහාන්ට යවපු මම ෆෝන් එක පැත්තකට දැම්මා.ඇඳට වැටිලා අඬනවා ඇරෙන්න වෙන විසඳුමක් මට නෑ.ප්‍රමාදය කාටවත් සතුටක් නෙවෙයි.ඒත් මම හිටියේ සතුටින්. මේ වතාවේ මගේ ඔසප් වීම සතියකට පරක්කු වුණා. ඒක මොනතරම් සතුටක් ද? මම අපේ පුංචි පැටියා යවන පාසල පවා තීරණය කරන තරම් සිහින වල කිමිදෙමින් හිටියේ. ඒත් රතුපාට කියන්නේ...