පෙඟුණු මල්පෙති

චරිත්‍රා කුමනාකාරයේ ගැහැණියකද යන්න මිහිකට සිතාගන්නට නොහැකි විය. ඇය තමාට පෙම් නොකර බවටත් ඇය පෙම් කරන්නේ ඇය අලුතෙන් බැඳුන නම නොදත් තරුණයාට බවත් මෙතෙක් දිනක් තමා සිතා හුන් අන්දම වැරදි බව මිහිකට තේරුම් ගියේ පෙර දින රැයේ ඇය තමා සමග හැසිරුණ ආකාරය නිසාවෙන්‍ ය.  තමා මෙහි එන්නට පෙරත් ඇය තමා සමග...
අම්මාගේ හත් දවසේ දානය වෙනතුරුත් මෙහි රැඳී සිටින්නට හැකියාවක් ලැබුනේ නිවසේ සිට සේවය කරන්නට කාර්‍යාලයෙන් ලැබුණ අවසරය නිසාවෙනි. කොවිඩ් වසංගතය සමග කරළියට ආ වර්ක් ෆ්‍රොම් හෝම් සංකල්පය මෙවැනි අවස්තාවලදී තවමත් භාවිතා කරන්නට ඉඩ ලැබීම හොඳය. නොඑසේනම් මේ කටයුතු සියල්ල අතරමග දමා රැකියාව සඳහා පිටත්ව යාම හෝ පඩි රහිත නිවාඩු...
මිහිකට එන්නට හැකි වූයේ තෙවන දිනයේදීය.ඉතාම වෙහෙස මහන්සි වී, මුදල් ගෙවා වෙන් කරවාගත් ගුවන් අසුනේ වාඩි වී හුන් මිහිකගේ සිතේ පිටරටක හිඳ ලංකාවට යන ලංකා පුරවැසියෙකුගේ සිතේ තිබෙනු ඇතැයි අප සිතන සැනසුමේ ජායාවක්වත් නොවුණි.දුකක්ද නොවුනි.සිත තිබුනේ අමුතුම ආකාරයේ හැඟීම් ගොන්නක් සහ අන්ධකාරයක් පුරවා ගෙනය. සිත නිහඬය. අනෙක් අතට දොඩමලු...
මම ලොකේශන් එක දාලා තියෙන්නේ,නුවරට යන්න තියෙන්නේ” කියමින් චරිත්‍රා පික් මී යෙදවුම ඔස්සේ ඇනවුම් කරගත් කුලී රියට නැග්ගේ තමා නුවර යන බවට මිහිකට පණිවිඩයක් තබා ලහිරුට දුරකතන ඇමතුමක් ලබා දෙමිනි. චරිත්‍රා උන්නේ දරාගත නොහැකි කම්පනයකි. තමා ඇයගේ පුතුව තම ජීවිතයෙන් මුදා හරින්නට යන බව පවසන්නට සිතා ගත් මොහොතේම එය වළක්වනු පිණිස මෙන්...
චරිත්‍රා කතාකරන්නට උවමනා යැයි පණිවිඩයක් එවා තිබුණද ඒ කුමටද යන්න ගැන මිහිකට වගක් තිබුනේ නැත. මේ එවන් දේ ගැන ලතවෙන්නට මොහොතක් නොවේ. තමාට ඇය සමග විසඳාගන්නට කෙතරම් ප්‍රශ්න තිබුණද අම්මා පිළිබඳව සිතද්දී මේ සියලු ප්‍රශ්න වැටෙන්නෙ දෙවන තැනටය.චරිත්‍රා සමග කුමනාකාරයේ ගැටලු තිබුනද මේ ඒවා පසෙක ලා ඇයට සිදු වී ඇති දේ...
චරිත්‍රාට අනුව තමන් ජීවිතයේ සියලුම දේ උපයාගත්තේ මහන්සි වීය. ඉතින් ඇයට අනුව ළහිරු සමග ආදරයෙන් බැඳීමේ කිසිදු වරදක් නැත. කාලය වේවා සමාජය වේවා කවුරුන් මේ ආදරයට බාධා පැමිණුවද ඒ සියල්ල බිඳ දමමින් ඉදිරියට යන්නට චරිත්‍රා සූදානම් ය. ළහිරු යනු අතැර ගත හැකි පුද්ගලයකු නොවේ. අනෙක් අතට තමන්ට නොපෙනෙන ඈත රටක හිඳගෙන මිහික කුමනාකාරයේ...
මිහික නින්දෙන් අවදි වූයේ තිගැස්සීය. රැයේ සිහින දැකීම මිහිකට ඉතා හුරුපුරුදු දෙයකි. මතක ඇති කාලයේ පටන් සිහින් නොදැක්ක නින්දක් ගැන මතකයක් මිහිකට නැත. සැමදාම නින්දේදී අමුතු ආකාරයේ හීන දකින මිහිකට ඒ සිහින සියල්ලම උදෑසනදීත් ඉතාම හොඳින් මතක තිබේ. ඇතැම් සිහින සැබෑ ජීවිතයේදී විය හැකි දේවල් දැයි සිතෙන තරමටමට අරුම පුදුම සහහත...
“ඔයා ඇයි මට ආදරේ කරන්නේ” හනි බීච් එකේදී හමුවෙමු යැයි කියා ළහිරු කෙටි පණිවිඩයක් එවා තිබුනේ සැඳෑවේය. ඇඟට අසනීප යැයි කියා නිදාගන්නට ගිය මිහික ඉතින් අවදිවනු සැක සහිත නිසා ඔහුට කියන්නට හේතු කාරණා නොසොයා මේ ගමන නිදහසේ ගොසින් එන්නට හැක. එය සිතට සැනසුමකි. මිහික කතා කරන සෑම මොහොතකම අවස්තාව ශේප් කරගන්නට අවශ්‍ය කරන...
හිමිවෙද්දී හිමිවන්නටත්, අහිමිවෙද්දී අහිමිවන්නටත් ජීවිතය සෑදී ඇති බව තේරුම් ගන්නට මිහිකට දැන් හැකිය. කොයි මොහොතේ කෙසේ නින්දට ගියා දැයි නොදත් මිහික උදෑසන ඇහැරුණේ පෙරදා රැයටත් වඩා විඩාබර සිතකිනි. ගතකිනි. රාත්‍රියේ හඬා වැටීම නිසා ඉදිමුණ නෙත් සහිතවම ඇඳ මත වැටී තවත් මද වේලාවක් මිහික සිටියේ දුරකතනය ගෙන අසනීප නිසා අද රාජකාරියට පැමිණිය...
“සමහරුන්ට අනුව ආදරේ කියන්නෙ අරක්කුයි, බයිට් එකයි වගේ. අරක්කු විතරයි නම් තියෙන්නෙ බීලා නිකා ඉන්නවා.බයිට් එක විතරයිනම් තිබ්බෙ කාලා නිකා ඉන්නවා. දෙකම තියෙනම් කාලා බීලා නිකා ඉන්නවා.  ඒත් මන් කැමතියි මගේ ආදරේ සිගරට් එකයි ගින්දරයි වගේ වෙනවට. පත්තු කරන්න බැරුව කොහොමද සිගරට් එකේ නියම ත්‍රිල් එක භුක්ති විඳින්නෙ? ඒ වගේම...