පතිදම්වැල්

නාවල අනුපගේ නිවසට හැරෙන තැන සිට කෙතරම් දුර ඇවිද ආවේදැයි උශාලිට මතකයක් තිබුනේවත් නැත.දෑස් වලින් ගලන කඳුලු වළක්වාගන්නට අපහසු වැයමක නිරත වෙමින් මහ පාරේ පිස්සියක මෙන් ඇවිද යද්දී තමා මේ හිඳින්නෙ කිසිවෙකුට නොපෙනෙන තැනක නොව දෙනෝ දාහක් සෙනග ගැවසෙන මහ මාර්ගයක බව උශාලිට මතක් වුණේ වැහි බිඳු එකින් එක...
“ඇයි ඔයා ආවේ?” සියල්ල සුන්දරව සිදුවන්නට නියමිතව තිබුන බවත්, කොහෙන්දෝ එකපාර කඩා පාත් වූ අඳුරු වලාකුලක් නිසාවෙන් ඒ සුන්දර වස්සානමය අපූර්වත්වය බොඳ වී ගිය බවත් අනුපට දැනුනි. රෝස පැහැ බාබි කේක් එක මේසය මත තැබුවේ අවසානයටය. එයට පෙර රෝසත් සුදුත් මුසු වූ බැලුම් එල්ලා, අනුප නිවස කලඑලි කරගත්තේ තාත්තාගේ උදව්වෙනි. අම්මා...
සියක් සියපත්
සියපත් ගේ ඇස් යුග කඳුළු පොකුණු යුග්මයක් වී පැවතිණ. ඇය හැඬුවා ය. හීල්ලුවා ය. පංකජී නො දැක්කා, නො ඇසුණා සේ සිටියා ය. මුරණ්ඩු කමට මුවෙහි අගුලු දමා ගෙන සිටියා ය. නැගණිය වැතිර සිටිනා යහන ළඟ බිම වැටී සියපත් පොළොවේ පස් නොකෑවා විතර ය. "ඔයා හොඳට ම දන්නව ඌ මොන තරං...
“දැන් මම හෙට එන එක ගැන අම්මල දන්නවද?” අම්මාත් අයියාත් සුව නින්දක සැතපෙද්දී ඇහැරී හිඳ හද පතුලෙන්ම ගිලී යන්නට රහසක් තිබීම සිත කිතිකවන හැඟීමකි. ඉස්සර නම් රාත්‍රී ආහරය අරගත් පසුව පොතක් කියවන්නට හෝ චිත්‍රපටයක් බලන්නට තිබෙනවා හැරෙන්නට කරන්නට දෙයක් තිබුනේ නැත. ඒ ජීවිතය කොපමණ කම්මැලි සහගත එකක්දැයි තේරුම් යන්නට පටන්...
“ෂෝබිතා මම ඉද්දි දමිත් එක්ක යාලු උනේ සමහරවිට එයා ඇත්තටම දමිත්ට ආදරේ කර නිසා වෙන්නැති. ඒ ඇරෙන්නෙ ඒ ප්‍රශ්නෙට දෙන්න වෙන උත්තරයක් මට හිතාගන්න බෑ” දිගු සුසුමක් හෙලා අනුප එසේ පැවසුවේ මේසයට අත තබාගෙන ඒ මත නිකට තබාගෙන තමා දෙසම බලා හුන් උශාලි දෙස බලාගෙනය. ඇයගේ ඇස් මත්තේ ලියවී තිබෙන්නෙ...
“මට හිතාගන්න බැරුව හිටියෙ මොකක්ද අරගන්නේ කියල” උශාලි සිනාසෙමින් තමන්ගේ දෑස දෙස බැලුවේ ඒ වචන වල එල්ලීය. “ඇයි? කලින් උපන්දින වලට කවුද පාටි එක එහෙම රෙඩි කරේ?” “ඉස්සර ඉතින් ෂෝබිතා තමයි ඔක්කොම රෙඩි කරේ. එයාගේ යාලුවො එහෙමත් ගොඩක් ඉස්සර ආවා” “ලොකු බර්ත් ඩේ පාටීස් ගන්නවද ගෙදර?” “ලොකු කියන්නෙ ඔය එක එක තිම්ස් වලට එහෙම...
“අයියා ඔයාට බැන්නද?” තමන් අනුප සමග ඔහුගේ වාහනයේ නැගී කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත යනු අයියා දැක තිබුණ බව කීමෙන් පසු අනුපගේ කටහඬ වෙනස් වූ ආකාරය නොදැනුනා නොවේ. ඒ භීතියම තමන්ගේ සිතද බියපත් කර ඇත.  ආදරය ගැන වදනක්වත් එකිනෙකා සමග හුවමාරු කරනොගත්තා වුවද තමන් දෙදෙනාගේ ලංවීමට හේතුව වූයේ හිත අස්සේ කොහේ හෝ...
“පුතා කන්ෆිඩන්ට් නම් ඔයා ගන්න ඕනම තීරණයක් ළඟ අම්මයි මමයි දෙන්නම ඉන්නවා” තාත්තා කතාව ඇරඹුවේ රාත්‍රී ආහරයෙන් පසුව සුපුරුදු කෝපි පරිච්ජේදය ඇරඹුන පසුවය. කෝපි සුවඳින් සාලය පිරී තිබිද්දී අනුපගේ සිත අන්ත දෙකකට බෙදී සිතුවිලි යාත්‍රාවන් දෙකක් මුහුදුබත් කරමින් උන්නේය. එක් සිතුවිලි යාත්‍රාවක නැගී උන්නේ ෂෝබිතාත් ඇය විසින් සිත තුළ වපුරනු...
ජීවිතයේ අවිනිශ්චිතතාවය තුළ චමත්කාරය සහ අභියෝගාත්මක බව යන හැඟීම් ද්විත්වයම ගැබ් වී ඇත. එය අපට වර්ධනය වීමට, අපව පුදුමයට පත් කිරීමට, අපගේම කතාවල කතුවරුන් බවට පත් වීමට අපට ඉඩකඩ සලසා දෙයි. අප නොදන්නා දේ වැලඳ ගැනීමට ඉගෙන ගත යුතුය, මන්ද අපගේ ශක්තිය, අපගේ නිර්මාණශීලිත්වය සහ අපගේ සැබෑ හැකියාවන් අප...
ග්‍රෝව් අවන්හලේ විසල් තුරු සෙවණ යට එවෙලේ උන්නේ තමාත් උශාලිත් පමණකි. සති අන්තයේ දිනයක දහවල් දෙකට පමණ වුවද එහි අව්වක් තිබුනේ නැත. මද වේලාවකට පෙර වැටුණු වැස්ස නිසා පොලොව මත කුඩා දිය පොකුණු සැඳී ඇති අතර ඉහල හිඳ අහස සිඹින තුරු මුදුන්වල සෙවනැල්ල ඒ වතුර පොකුණු මත ඇඳී තිබේ. ඇනවුම්...