රණ්ඩු වෙමින්, බැන අඬා ගසමින් වරකද, බොහෝ බරසාර කතා බස් කියමින් තමා සමග ජීවිතයේ වසර දෙකකට පමණ ආසන්න කාලයක් ගෙවූ හුන් චරිත්‍රාට නීති ප්‍රකාරව සමුදෙන්නට වීම ගැන මිහිකගේ සිතේ දුකක් නොතිබුනා යැයි කිව නොහැක.
නීතිය ඉදිරියේ තමා ඇයව විවාකරගත්තේ නීතිය ඉදිරියෙ මෙසේ කෙදිනක හෝ අත හැර ගන්නට බලාපොරොත්තුවෙන් නොවේ.
පැමිණිල්ල ලෙස...
මෙතෙකැයි කියා කිව නොහැකි හැඟුම් දහරාවක් සහ කඳුලු ගංගාවක් වගුරුවා අවසානයේ අන්සතු වී තිබුණ තම මුහුණු පොතත්, ඊමේල් ලිපිනයත් තමා වෙත ගන්නට චරිත්‍රාට හැකි විය.
ඒ නයනතාරා ගේ නොමද උපකාරයත් ළහිරු සහ මිහිකගේ කැපවීමත් නිසාය.
මෙතෙක් ප්‍රභාත් විසින් තම හිතු මනාපයේ භාවිතා කරමින් උන් ඒ ගිණුම නැවත තමා වෙත ලබාගත්තද සිතෙන්...
චරිත්‍රාව ඇඳ මතින් නිදි කරවා ළහිරුත් සමග මිහික කාමරයෙන් එළියට ආවේ බර වූ හිසකිනි. ඒ හිත ඇතුලට වැගිරෙන කඳුලු බිඳු එහිම හිරකරගෙන ඉඳීම නිසා මතු වු වේදනාවක්ද? නැතිනම් චරිත්‍රා විසින්ම සිය ඇත්ත පහදා දීම නිසා ඇති වූ වේදනාවක් ද?
නැතිනම් ඒ හේතු දෙකම නිසා ඇති වූ වේදනාවක්ද?
නිහඬවම පැමිණ සෙටිය මාතින්...
“රන් කෙන්දෙන් බැද
අතැගිලි එක් කළ ආදරයයි
පෙම් රැහැනින් බැද
සිතුම් වසල කළ ආදරයයි
හිරු සදු එකවර දෙපස නැගේ
කලුවර ඇයි විජිතයම මගේ
කණාටු සුළගේ දුහුල් මලකි ඈ
වල්මත් වී පාවෙන්නේ”
දුහුල් මලක් චිත්‍රපටය වෙනුවෙන් නන්දා මාලිනිය ගැයු ඒ ගීතය තමාගේ ජීවන ගීතය බඳුයැයි චරිත්‍රාට සිතුනේ සැනසිල්ලේ නිදියන්න යැයි කියා මිහිකත් ළහිරුත් තමා ඇඳ මත හොවා ආපසු...
තමා දෙස දෑස් විසල් කරගෙන හිඳින ඒ තරුණයාත් ඔහුට එහයින් සිට තමා දෙස බලා සිටින චරිත්‍රා දෙසත් මාරුවෙන් මාරුවට දෑස් යා කල මිහික අනතුරුව එක එල්ලේම නම නොදත් තරුණයා දෙස බලා සිටින්නට විය.
මේ ඇයගේ පෙම්වතාය.
මුහුණු පොතේ හුවමාරු වූ ජායාරූපයේ හුන් සුන්දර කඩවසම් තරුණයාය.
ඔහුද තමා තරමට උස මහතය. එහෙත් තමාටත්...
කිසිවෙකුට මුහුණ දෙන්නට බියෙන් සිත ගුලි ගැසී උන් මොහොතක රාත්‍රියේ පෑයූ ඉරක් මෙන් තමාගේ නවාතැනේ දොරටුව අසල සිටගෙන සිටියේ ළහිරුය.
ඉරක තිබෙන්නේ රශ්මියකි.
එහෙත් මේ මොහොතේ ඒ ඉරෙන් නිකුත් වෙමින් තිබුනේ සිසිලසයි.
මෙතෙක් වේලේ හිත ඇතුලේ හිර කරගෙන හුන් කඳුලු ගංගාව ලහිරුගේ පපුව මත්තේ ගලා යන්නට ඉඩ හැර චරිත්‍රා ඉකි බිඳිමින් හැඬුවාය.
ළහිරුගේ...
මිහික උන්නේ බියෙනි.
චරිත්‍රා ජීවිතය නැති කරගෙන ඇතිද යන බියෙනි.
කොතෙක් අධිශ්ඨානශීලී වදන් මුහුණු පොත තුල ලිව්වද චරිත්‍රා යනු මිනිසුන් තමා ගැන සිතන දේ ගැන බොහෝ සේ සිතන අයෙකු බව මිහික හොඳින්ම දනී.
ඉතින් එවන් අයෙකුට මෙවන් දෙයාක් දරා ගැනීමේ කිසිදු හැකියාවක් නැත.
දෑස්වලින් කඳුලු කඩා වැටෙන්නේ ආදරය නිසාද බිය නිසාද යන්න මිහිකට...
නාන කාමරයේ වතුර මල යටට වි චරිත්‍රා උන්නේ සීතල වතුරෙන් පෙඟී යමිනි. ඇය උන්නේ කල්පනාවක් නැතිවය.
හඬන්නට කඳුලු බිඳක් හෝ ඇසේ වුවාදැයි යන්න පවා සැක සහිතය.
ඒතරම්ම කම්පාවක් මේ ජීවිතය තුල තමා විඳ දරාගෙන නැති බව චරිත්‍රා දනී.
කවිනිගේ ඒ ඇමතුමත් අනතරුව තමා විසින් නිර්මාණය කල ව්‍යාජ ගිණුමෙන් ගොස් තමාගේ ගිණුම පරීක්සා...
චරිත්‍රාගේ මුහුණු පොතේ පලවී තිබුන වීඩියෝව කවුරුන් හෝ ඇයගේ ගිණුම හැක් කල නිසාවෙන් පළ කල එකක් යැයි හිත හදාගන්නට තිබුණා නම් යැයි මීහිකට සියවන වතාවටත් සිතුනි.
එහෙත් එය ගිණුමක් හැක් කල නිසා පල වූවක්ද යන්නට වඩා මිනිසුන්ට වැදගත් වී තිබුනේ එහි පැහැදිලිව පෙනෙන්නට තිබුන චරිත්‍රාගේ මුහුණයි.
කොහේදෝ මන්දා හෝටලයක කාමරයක් යැයි...
නුවර සිට නික්මෙද්දී චරිත්‍රාගේ සිතේ තිබුනේ කියාගන්නට නොහැකි අන්දමේ මහා බරැති හැඟීමකි.
ඒ වූ කලී මිහිකව එහි තබා තමාට මෙහි එන්නට වූ නිසාද නොඑසේනම් මිහික අවසානයට පැවසූ දේ නිසාද?
“මම ලබන සතියේ කොළඹ එනවා. අපි හැමදෙයක් ගැනම කතාකරමු චරිත්‍රා”
එතුල වූයේ මහා බරසාර කතාවක අත්තිවාරමයි. ඒ වදන තුල තමා බලාපොරොත්තු වන නිදහසට...