හේෂාන්... හේෂාන්, මව සහ පියා සමග උත්සව ශාලාවට පිවිසෙන අයුරු මා බලා සිටියේ විස්මයට පත් දෑසින් යුතුවය. ඔහු ද අපගේ විවාහ මංගල්‍යයේ පිටත්වීම සඳහා පිළියෙල කරන ලද ඇඳුම් කට්ටලයෙන් සැරසී සිටියේය. හේෂාන් දැකීමෙන් පසු මුලු ශාලාව තුළම සිටි අන් කිසිවෙක් මට දර්ශනය නොවීය. ඇසිපිය නොසලා මා බලා සිටියේ ඔහු...
නැවුම් පැතුම් පිරි ලස්සන දවසක
සියොතුන්ගේ කිචිබිචි නාදේ
ආදරයෙන් පිරි දෙහදක ලස්සන
මුලු ලොවටම දැනිලා වාගේ...
මම මනාලියක වී සිටිමි. සුදු සාරියකින් සැරසී මල් කළඹක් දෝතින් දරාගෙන සිටින මා පසෙකින් සිටගෙන සිටින්නේ හේෂාන් ය. අම්මා, සුදු නංගී, වජිරා මෙන්ම හේෂාන්ගේ මව සහ පියාගේ ද ඥාති හිතමිතුරන්ගේ ද දෙනෙත් යොමුව ඇත්තේ අප දෙදෙනා දෙසටය....
අම්මා නිවසට පැමිණෙන තුරුම සුදු නංගී හා මා අතර කතා බහක් ඇති නොවීය. මා සමීපයේ සිට පරිගණකයේ යම් කාර්යයක නිරතව සිටින බවක් පෙන්වීමට උත්සාහ කළද, ඇය කිසිවක් නොකළ බව මම දැන සිටියෙමි. සුදු නංගී පහසුවෙන් කැළඹෙන අයෙකු නොවේ. එවන් කැළඹීමක් ඇති වු විටෙක ඇයට සන්සුන් වීමට ද බොහෝ වේලාවක්...
පසුගිය රාත්‍රිය මුලුල්ලේම නොකඩවා ඇද හැලුනු වර්ෂාව ඒ වනවිට තුරල් වී තිබිණ. වැහි වලාකුළු වලින් බරවූ අහස හඬන්නට සැරසෙන ගැහැනියක සිහිපත් කරයි. මුලු පරිසරයම ශෝකී අන්ධකාරයකින් වැසී ඇතැයි සඳලුතලයේ රැඳී සිටි මට සිතිණ. වර්ෂාව නිසාම අම්මා ද කේක් සාප්පුවට ගියේ වෙනදාට වඩා හෝරාවක් පමණ ප්‍රමාදවය. සුදු නංගී සිය කාමරය...
දිනෙන් දින බොහෝ සෙමෙන් ගතව යමින් තිබිණ. හේෂාන් රෝහලේ සිට නිවසට ගොස් දින ගණනාවක්ම ගත වුව ද මේ දක්වාම ඔහු දුරකතන ඇමතුමක් හෝ නොදුන් බැවින් මා කාලය ගත කළේ මහත් වූ මානසික පීඩනයෙනි. එහෙත් මගේ මානසික පීඩාවන් අම්මා සහ සුදු නංගී කෙරෙන් වසන් කරගෙන මා ආයාසයෙන් ඔවුන් සමග කතා...
අම්මා ආරාධනා පත්‍රය අතට නොගෙන අරුණෝදි දෙස බලා සිටියේ විමතියෙන් යුතුවය. අරුණෝදි හදිසියේම විවාහ වන්නට සැරසෙතැයි අම්මා සිතන්නට ඇති අතර මටද එසේ සිතිණ. අම්මා ගේ පමණක් නොව වජිරාගේ ද, සුදු නංගීගේ ද විස්මයට පත් දෙනෙත් අරුණෝදි දෙසට සෘජුවම යොමු වී තිබෙන අයුරු මම දුටුවෙමි.
“ඇයි මේ පුදුම වෙලා? මැරි කරන්නෙ...
හේෂාන් දැක ගැනීමට මට උවමනා වුව ද, අම්මා මා රෝහලට කැඳවාගෙන නොගියද, ඇය ඔහු දකින්නට දිනපතා රෝහලට ගියාය. ඒ යන ගමන් වල දී තමාට චාන්දනී හමු වුව ද, ඇය කතා බහ කිරීමෙන් වැළකී පසෙකට වී සිටින බව ද පැවසුවේ අම්මා ය.
“කරපු දේවල් වලට චාන්දනීට මට මූණ දෙන්න බැරිව ඇති.”
එවන්...
අම්මාත්, සුදු නංගීත් නිවසින් පිටව ගොස් කෙමෙන් කෙමෙන් කාලය ගත වෙද්දී මම බෙහෙවින් නොසන්සුන් වූයෙමි. කිසියම් දෙයක් සිදුව ඇති බව වැටහුණද, එය කුමක්දැයි අනුමානයෙන්වත් සිතා ගත නොහැකි තරම්ය. මම ආලින්දයේ ඒ මේ අත ඇවිද්දේ නොසන්සුන් සිතිනි. දැඩි වෙහෙසක් මෙන්ම දෙපා වේදනාව අධික ලෙස දැනෙන්නට වූයෙන් මම පුටුවක් මත හිඳගතිමි.
“ඇයි...
පසුගිය රාත්‍රියේ නිසි නින්දක් නොලද්දෙන් මා අවදි වූයේ අම්මා මගේ උරහිසින් අල්ලා සොලවද්දීය. ඒවනවිට උදෑසන හිරු එළිය ජනෙල් කවුලු තුළින් කාමරයට තුළට පිවිස මගේ යහන මත රටා මවමින් තිබිණ.
“ඩිනාලි... අවදි කරන්නත් ලෝබයි. සැපට නිදාගෙන ඉන්න විදියට. දැන් නැගිටිමු නේද පුතේ?”
මගේ නළලතට හාදුවක් දුන් අම්මා පැවසුවාය. මම යහන මත හිඳගෙන...
මේ මැදියම් රාත්‍රිය විය යුතු යයි මට සිතුණේ බොහෝ සෙමෙන් අහස් ගඟ තරණය කරමින් සිටින මහලු අවසඳ විවෘත ජනෙල් කවුළු අතරින් දිස් වෙද්දීය. අප නින්දට පැමිණෙන මොහොතේ සඳවතක සේයාවක් හෝ අහසේ දිස් නොවූ බව මට මතකය. මට අද රාත්‍රිය බොහෝ දිගු එකක් සේ දැනේ. නොකඩවා සිතට පිවිසෙන සිතිවිලි සුව...