Novels

තමාරා යළිත් අපූර්වාගේ  නිවසට යාමට තීරණය කළේ හදිසියේමය. ඔහු ඒ බැව් යුගාෂ්ට පැවසූයේ දුරකථනයෙන්ය.  “ඇයි අම්මා  හදිසියේ…” “සමහර දේවල් තියෙනවා පුතා ඒවා කරන්න ඕනවට වඩා කල් ගන්න හොඳ නෑ. මම තීරණය කළා පුතා ඒ මිනිස්සුන්ගේ ගේ හදල දෙන්න. ධම්මිකා ආන්ටි  ඒ ගමේ පන්සලේ හාමුදුරුවන්ව හොඳට අඳුනනවා. අද මමත් එක්ක ධම්මිකා ආන්ටිත්...
“ළමයගෙ අම්මා කියලා කෙනෙක් ඇවිල්ලා කියනවලු පැමිණිල්ල අයින්කරගන්න ඕන කියලා” දිලානි විසින් තමන් වෙත දමා ගැසුවේ එසේ මෙසේ බෝම්බයක් නොවන බව තේරුනද මේ කතාවට කිව යුත්තේ කුමක්ද කියන එක ගැන පැහැදිලි අදහසක් අරුණටවත් දෙව්නිටවත් තිබුණේ නැත. “ඒ දරුවට අම්මා කෙනෙක් නෑ කියල නේද කිව්වේ?” කියා දෙව්නි ඇසුවේ තමන්ට ලැබුණ විස්තරවල...
යුගාශ්  සමග මතුගමට ගොස් යළි කළුතරට පැමිණි ගමන නිමා වූයේ අපූර්වාගේ සිතෙහි ආගන්තුක මතකයක් ඉතිරි කරමින්ය. මේ ඈ තරුණයෙකු අබියස මෙතරම් විවෘත වූ ප්‍රථම වතාවය. ඔහුට වූයේ නොනවතින ප්‍රශ්න කිරීමකි. තමාගේ නිහඬ බවේ තරමටම ඔහු කතා කළේය. ඔහුට තිබුණේ පුදුමාකාර ප්‍රශ්නය. ඒවාට පිළිතුරු නොදී සිටින්නට හැකියාවක් අපූර්වාට වූයේත් නැත.  “මං...
විදුර වීරබද්ධන උන්නේ සමුධ්‍යාවත් ප්‍රභාත්වත් මරණ තරම් තරහකය. ලක්ෂිත උන්නේත් ඒ තරම්ම කේන්තියකය. ඒ කේන්තිය දෙගුණ තෙගුණ වුණේ සමුධ්‍යා අයියා එක්ක හාද වී ඇති බව එළියේ සිට ඇතුලට තමා සොයා ආ පණිවිඩයක රැඳවී තිබුණ එකය.  “ඕකි එහෙනම් මට ගණන් ඔච්චර ඉස්සුවෙ අරූට රෙද්ද උස්සන්න නේද?” කියා හිතමින් ලක්ෂිත බිත්තියට වැරෙන්...
විසිත්ත කාමරය මැදක තබා තිබූ තමාගේත් පුෂ්පානන්දගේත් මංගල සේයා රුව දෙස තමාරා බලා සිටියේ හිස් හැඟීමකින්ය. අදටත් ඈ මේ සේයාරුව මේ අයුරින් තබා තිබෙන්⁣නේ යුගාෂ් නිසාය. ජීවිතයේ බොහෝ දේ ඉවසූයේත් ඔහු නිසාය. ඉතිරිව ඇත්තේ මතක පමණි. තවමත් ඔහු තමාගේ සැමියාය. යුගාෂ්ගේ පියයාය. එනිසාම මේ සේයා රුවටද වටිනාකමක් විය.  දෙදෙනාගේ විවාහය...
පරමාකන්ද ගමේ පන්සල් භූමියට ඉහලින් පිහිටා ඇති ගල මුදුනට නැගි ඕනම අයෙකුට මුලු පරමාකන්ද ගමම බලන්නට හැකිය. සමුධ්‍යාත් අරුණත් උන්නේ ගල මුදුනේ හිඳගෙන ඈත ඉර බැස යන දසුන දෙස බලාගෙනය. සමුධ්‍යාගේ අත තිබුනේ අරුණගේ අතේ පැටලී අලුත් කතාවක් අරඹන්නට බලාපොරොත්තුවෙන්‍ ය.  “ඔයා ආයෙ කවද්ද කොළඹ යන්නේ?” කියා සමුධ්‍යා අහද්දී අරුණ...
 යුවතිය උන්නේ බත් පත අතගාමින්ය. යුගාෂ් කෑම කන අතරේම තම ජංගම දුරකථන තිරය මත ඇඟිලි තුඩු එහෙටත් මෙහෙටත් ගෙන ගියේ උවමනාවකටම නොවේ. ඉන් අපූර්වා පත්ව සිටින අපහසුතාවයෙන් මදකට ඇය නිදහස් වේයැයි ඔහු විශ්වාස කළේය..  “අපේ අපේ ජීවිතේ ගැන ගොඩක් දේවල් හිතනවා. ගොඩක් දේවල් ප්ලෑන් කරනවා ඒක ඔයත් මමත් අපි හැමෝමත්...
“ඔයාව පන්සලේදි හම්බුවෙයි කියල මම කීයටවත් හිතුවෙ නෑ” කියා සමුධ්‍යා කියද්දිත් අරුණ උන්නේ හිසට ඉහළින් සෙළවෙන බෝ පතක් වෙත නෙත් යොමාගෙනය. සමුධ්‍යා උන්නේ අඩි කිහිපයක් නුදුරින් උනත් පන්සල පුරා විහිදී තිබුන හඳුන්කූරු සුවඳට මුසුවුණ සමුධ්‍යා වෙතින් ඇදී ආ සුමුදු සුවඳක් තිබුනේ අරුණගේ නාසය ඔස්සේ දුව ගොස් හදවත පතුලේ තැවරෙමිනි.  “මං...
ගාලු පාර දිගේ මද දුරක් ඉදිරියට පැමිණි යුගාෂ්  වාහනය නවතා ගත්තේ සමුද්‍රාසන්නයේ තැනකය. සිය දකුණතේ දෑඟිලි වලින් නළලත මිරිකා ගත් තරුණයා ආසනයට හේතු වී දෑස් පියා ගත්තේ සිතට දැනෙන නොසන්සුන් හැඟීම නිසාය. අපූර්වා මේ සිතෙහි ඉඩ සොයමින් උන්නේ යුගාෂ්ටත් පාලනය කර ගත නොහැකි වේගයකින්ය. ඊයේ පෙරේදා සිට කුමක් හෝ...
“මගෙන් කාලා මටම කෙළවපු උඹ මගේ ළමේක් කියලා කියන්න පුලුවන්ද යකෝ?” කියාගෙන තාත්තා කඩාගෙන පනිද්දි ප්‍රභාත් තරුණ කාලයේ මෙන් මුහුණ සඟවා ගත්තේ නැත. තාත්තා පිය පදවිය පැත්තෙන් තමන්ගෙන් ගරු බුහුමන් ලැබිය යුත්තෙකු බව දන්නවා නමුත් තමන්ගේ තාත්තා වනාහී එයාකාර තාත්තෙක්ද කියන පැනය ජිවීතයේ පළමු වතාවට ප්‍රභාත්ගේ හිත අසන්නට පටන්...