දෙව්රම් සන්දනායක සමගින් කතා බහ කළාට පස්සේ නිශ්ශංක ගේ හිතට හොඳයි වාගේ දැනිණ. දෙව්රම් සිය කාලය වැය වීම ගැන කිසිදු කලබලයක් පෙන්වූයේ නැත. නිශ්ශංක ට හිත නිදහස් කරගැනීම සඳහා ඕනෑ තරම් කාලය දෙන්නට නිර්ලෝභී ව ඉදිරිපත් වී සිටියේ ය. එනිසා ම නිශ්ශංක ට ද පහසුවක් දැනිණ. නමුත් ඔහු කිහිප...
ධනංජය උන්නේ නාන කාමරයේ සිට පිටතට පැමිණෙමින්ය.ඒ වනවිටත් හසාරා අවසර නොගෙනම ඔහුගේ කාමරයට පැමිණ අවසන්ය.ඇය විසින් දිගු කළ තේ කෝප්පය ධනංජය සිය දකුණතට ගත්තේ කිසිවක් නොකියමින්ය.ඒ නිහඬකම පවා ඇගේ සිතෙහි බලාපොරොත්තු දහසක් දල්වන්නට විය.පසුගිය දිනවල ඔහු සිටියේ ඇය හැරුණත් වැරැද්දක් පවසන්නට බලාගෙනය.හසරා කාමරයේ වූ ඇඳ මතින් අසුන් ගද්දී ධනංජය...
උදේ පාන්දරම ඇහැරී කාරෙක පදවගෙන හයි වේ එකේ යද්දී,පායාගෙන එන ඉරේ රත්තරන් පාට රැස් කදම්බයන් මූණට වැටෙද්දී මේධාවිණී උන්නේ තනියෙම සිනාසීගෙනය. මෙච්චර නිදහසක් මෙච්චර සැනසීමක් හිතට දැනෙන්නේ බොහෝ කාලයකට පස්සේය.
තාත්තා විසින් අවුරුදු ගණනාවකට පෙර කුඩා කඩයකින් ආරම්භ කරන ලද රෙදි පිලි සන්නාමය දැන් දිවයින පුරා ශාඛා කිහිපයකම හිමිකාරිත්වය දැරුවත්...
සමහර වෙලාවට මිනිස්සු කූඩැල්ලන් වාගේ කාගේ හෝ ඇඟේ එල්ලී ලේ උරා බොන්නට බලා සිටිති. දිනේශ් හැසිරුණේ ද එසේ ය. ඔහු ගේ හිතේ කැකෑරෙන යමක් තිබිණ. ඒ පිට කරගන්නට ඔහු තැනක් වෙලාවක් බලමින් සිටියේ ය. අනවශ්‍ය දේටත් සාරධා ට කෑගැසුවේ ය.
අළු යට ගිනි පුපුරු වන බව ආදියා ගේ හදවතට දැනෙමින්...
හදිසියේ නිවසින් පිටව ගිය ධනංජය යළි නිවසට පැමිණියේ දෙදවසකට පසුවය.ඒ වන විට හසාරා උන්නේ පිටරට ගමනට සූදානම්වය. බලාපොරොත්තුවක් නොවූවත් ඈ සෑම සවසකම ඔහුට කෙටි පණිවිඩයක් යවා කෑමට පැමිණෙන්නේදැයි විමසුවාය.දින කිහිපයකට පසුව ඇයට “ ඔව් “ යැයි පිළිතුරු ලැබී තිබිණ.සිතේ වේදනාවත් ඉතිරි දින කිහිපයේ කාර්යාලයේ නොමැති බැවින් නිම කළ යුතු...
මේධාවිණී තාත්තගේ ව්‍යාපාරයේ රාජකාරි කටයුතු සමග කාර්යබහුල වෙද්දී චිරත් උන්නේ මේධාවිණී තරම් ඉක්මනට හිත හදාගන්න පුලුවන් තැනක නොවේ. මොන දේ උනත් මේධාවිණීගෙන් තොර පෙත්මලීගෙන් තොර ලෝකයක් ගැන හිතන්න පුලුවන්කමක් චිරත්ට දික්කසාදයෙන් පස්සේ ගෙවුණ මාස කිහිපය පුරාවටා තිබුණේ නැත. රාජකාරි වැඩ ද බිස්නස් එකේ වැඩ ද අතරමග නතර කර දමා...
හැන්දෑවට නගරය වියළි ය. වායු ගෝලය දුහුවිලි හා වෙනත් විෂ වායු ද බැර ලෝහ අංශු වලින් ද දූෂිත ය. සුළඟ උණුහුම් ය. පරිසරයේ වියළි කටුක බව වැඩ ඇරී යන ගැහැනු මිනිසුන්ට ද ආරෝපණය වනුයේ නිරායාසයෙනි. ඔවුන් ගේ මුහුණු විඩාපත් පාට ය. අඩියක් තියා අඩියක් ගන්නට බැරි තරමට සිරුරු කෙඩෙත්තු...
ලෝකයා වෙත මවපානා ජීවිතයක් ගත කිරීමට හසාරා කිසි දිනෙක අපේක්ෂා නොකළාය.එහෙත් වර්තමානයේ ඇයට සිදුව ඇත්තේ තමාවත් රවටා ගනිමින් තමා අවට සිටින්නා වූ අයත් රවටන්නටය. කාර්යාලීය වැඩ නිවැරදිව කර ගැනීම සඳහා සිතෙහි වන සන්සුන්බව රැකගැනීමට හසාරාට බොහෝ වෙහෙස වන්නට සිදුව තිබේ.ඒ වෙනුවෙන් සටන් කරන්නට සිදුව තිබේ.දැන් හසාරා භාවිතා කරන්නේ කාර්යාලයෙන්...
ඒ උදයේ මේධාවිණී උන්නේ කාමරයේ පැත්තක තබා තිබුණ කණ්ණාඩියෙන් පෙනෙන තමන්ගේම රූපය දිහා බලාගෙන කල්පනා කරමිනි. මෙයට මාස කිහිපයකට පෙර ලබාගත්ත දික්කසාදයෙන් පස්සේ තමන්ට ආයෙ මෙහෙම හිනාවෙන්න දවසක් එනු ඇතැයි මේධාවිණී ඇත්තටම හිතුවේ නැත. වසර කිහිපයක් පෙම්වතුන් වී හිඳ අවසානයේ වසර කිහිපයක් අඹු සැමියන් වශයෙන් ජීවත් වූ දෙදෙනෙක් උසාවියක්...
දැන් දැන් උදේ කාලයේ දී සුළු වේලාවක් හෝ ගෝල්ඩන් ලීව්ස් හි රැඳී, ඉන් අනතුරුව රූගත කිරීම් සඳහා කාලය ලබා දෙන්නට දෙව්රම් උත්සාහ කරයි. ඒ, උදෑසන කාර්යාලයට පැමිණීම තුළ දවස පුරා පවතින කිසියම් නැවුම් බවක් ඔහු අත්විඳිමින් සිටි නිසාවෙනි. ඊට හේතුව ආදියා කියා සිතන්නට හෝ ඊට බලපාන වෙනත් හේතුවක් තිබේ...