ධීර නිවසට ආවේ පැතූ ආදරය හිමි වීමේ සතුටිනි. ඒ බව ජයමිණි ද දුටුවේ ධීර ගෙට ගොඩවන විටම ය.
" පුතා "
ජයමිණි පුරුදු සන්සුන් බවින් ධීර ඇමතුවේ කියනා දෙයක් වසන්ත නිවසට පැමිණීමට පෙර කිව යුතු නිසාය.
" අම්මා "
ධීර ජයමිණි ට ඉදිරියෙන් සෝෆාවේ වාඩි වූයේ මේ කතාබහ අනිවාර්යයෙන්ම තාදී ගැන බව දැනගෙනම...
ඒ හැන්දෑව සෞම්‍ය වූයේ ය. අන්තරා, පාරින්දි හා යුගාත්ම බැඩ්මින්ටන් ගැසූහ. පාරින්දි ගේ වද කිරීමට එය පටන් ගත්ත ද ඒ හින්දා හිත බෙහෙවින් ම සැහැල්ලු වෙනු අන්තරා ට දැනිණ. ඔවුන් සිනහ වෙවී සෙල්ලම් කළේ පාසල් වියෙහි කෙළිදෙලෙන් හැසිරෙන බාලක බාලිකාවන් සේ ය.
"ඇත්තමයි අප්ප. ඉස්කෝලෙ ගිය කාලෙන් පස්සෙමයි මේ බැඩ්මින්ටන්...
සිකුරාදා දිනයේ ඉසිනි ඇරඹුවේ සැහැල්ලුවෙනි. සති අන්තය නුරාන් සමඟින් කොළඹ ගෙවා දමන බලාපොරොත්තුව එක්කය. එහෙත් උදෑසන එකොළහ පමණ වන විට ආයතනය තුළ යම් කලබලයක් ඇති වන්නට පටන් ගත්තේය. ඉසිනි කැබිනයේ වීදුරු තුලින් ඒ දෙස බලමින් උන්නේ එකිනෙකා වෙත එබෙමින්, විමතිය දනවමින් කුමක් කතා බහ කරන්නේද සිතා ගන්නට නොහැකිවය. මද...
“මං නම් කියන්නෙම අපි පොලිසියට ගිහිල්ලා මෙහෙම දරුව කතා කර විත්තිය කියමු. දරුවා කොච්චර අඟවන්න හැදුවත් එයාට කිසිම කරදරයක් ප්‍රශ්නයක් නෑ කියලා කවුද දන්නෙ කවුරුහරි අපේ දරුවව හිරකරගෙන ඉන්නවද? ඒ මනුස්සයගෙ බලපෑමට දරුව ඔහොම කතා කරලා අපිට කිව්වද කියලා” නන්දාගෙ වදේටම වගේ තමයි ජයබාහු සමුද්‍රටත් මේ විස්තරේ කියලා ඒ...
හඬා හෙම්බත් වූ දවසක් අවසානයේ වුවද තාදී උන්නේ සැනසිල්ලේ ය. ඒ සැනසිල්ල රැගෙන ඇය කෙලින්ම ගියේ " සෙවණ " ට ය. ඇයට වුවමනා වූයේ හිතේ වූ සියල්ල නැනෝ අම්මා සමග බෙදා හදා ගැනීමට ය.
" අසනීපෙන්ද නෝනේ ? "
නැනෝ අම්මා තාදීව දුටු දිගසින්ම ඇසුවේ තාදී ගේ මුහුණ හඬා ඉදිමි තිබුණු...
යුගාත්ම කාශ්මීර අමුණුගම ගේ හද සන්තානය සන්සුන් වෙරළක් සේ පැවතිණ. සිතිවිලි නමැති සුදු පෙණ පොකුරු විත් සිත් ඉවුරේ හැපී බිඳී යන අයුරු ඔහු නිසලව බලා සිටියේ ය. කුණාටු සුළි සුළං නැත. උදම් රළ හෝ වඩදිය නොමැත. අධික වර්ෂාපතනයක් ද නැත. සියල්ල සාමකාමී ය.
අන්තරා ගැන වන හැම මතක කැබලිත්තක් ම...
ඉසිනිට දිනයේ රාජකාරීමය බව වෙනදා තරම් වෙහෙසක් වූයේ නැත. ඕ උන්නේ සැහැල්ලුවෙනි. නුරාන්මය මිනිසෙක් කෙලෙසින්ද දැනෙන්නට, ඔහු හැර දා යලි ඔහු වෙත එන්නටම විය
ධනුක සහ පැහැසරා කාර්යාලයට නොපැමිණෙන බව දන්නා නිසා ඉසිනි ගේ සැහැල්ලුවට බාධා වූයේම නැත. ඕ විටින් විට ජංගම දුරකතනයේ ගබඩා කරගෙන තිබූ තමාගේ හා නුරාන්ගේ සේයා...
ඒ කෝල් එක එද්දි නන්දා උන්නේ දවල් වරුවෙ පොඩි ඇලර්ට් එකක් දාගෙන. නන්දා මුලින් හිතුවෙ ඔය සප්තමී රඟපාන එක ගැන අහන්න කවුරු හරි කෝල් කරනවා කියලා. ඒ හන්දා නන්දා ෆෝන් එක තියෙන දිහාවට ඇවිදගෙන ආවෙ නිකන් නිදිමතෙන්ම වගේ. ඒ උනාටඒ නිදිමත කොහෙද මන්දා ආයෙම ගෙන්න ගන්න බැරි දිහාවකට ගියේ...
" අඬන්නෙපා මිස් "
තාදී මේසයට හිස තබාගෙන හඬනු දැක ගයාත්‍රීගේ හදවත උණු වූයේ මින් පෙර කිසි දිනක ව්‍යාපාරයේ වූ ගැටලුවකට වත් තාදී මෙලෙස හඬා වැටෙනු දැක නැති නිසාය. තාදී හිස එසවූයේ බොහෝ වේලාවකට පසුව ය. හඬා ඉදිමුණු දෑස් බොහෝ දේ කියා පෑ අතර ගයාත්‍රී මේසය මත වූ තාදීගේ දෑත්...
මේ දවස් දිගු ය. වර්ණවත් නැත. දුඹුරු පැහැති ය. අන්තරා ට දැනෙන්නේ ඇය ජීවත් වන්නේ මේ යුගයේ ලෙසට නොවේ. මේ සියල් සිදුවීම් මීට පෙර කවදා හෝ අතීතයක සිදු වී ඇත්තා සේ ය. ඒ මතකය කොතැනකට අයිති එකක් ද කියා නිශ්චිතව නාභිගත කරගන්නට ඇයට නො හැකි ය. ඇතැම් විට ඒ...