ටික වෙලාවකට පස්සේ මම හිතා මතා ම මගේ ඇස් නිදහස් කර ගත්තෙමි. නමුත් හදවත ගැස්ම වැඩි වී තිබුණේ ය. ආකාශ් ට මේ වගේ තත්වයකින් මූණ දෙන්නට මට කිසිදු උවමනාවක් නොවේ. ඔහු වූ කලී මගේ හිතේ ගෞරවනීය චරිතයකි. ඒ ගෞරවයට එහා ගිය ගැස්මක්, ඔහු නමින් මා තුළ ඇති වන බව...
"මං හිතන්නේ ෂෙරිල්ගෙ ඊළඟ උගුල තමයි උඹ.."
පෙරදා රාත්‍රියේ ෂෙරිල්ගෙන් ලද ඇමතුම ගැන කියද්දී සිතිජ පැවසුවේ හිනැහෙමිනි.ෂෙරිල්ගේ තාවකාලික සහකාරයෙකු වීම අවස්ථා හිමි කරගැනීමක් ද අහිමි කරගැනීමක් දැයි ඉඳුවර සිතන්නට ගත්තේ ය.ඇය පැමිණෙන පොට ඔහුට නොවැටහුණා නොවේ.
"ෂෙරිල්ගෙ උගුලෙ වැටුණොත් ඔක්කොම ඉවරයි පුතේ.අර ඇමති පුතා පවා නැත්තටම නැති වුණා.පංකජගෙ ක්‍රිකට් ගැහිල්ල ඉවරෙටම...
ඇතැම් දිනෙක ආකාශ් සඳයුරු ගුරුගේ මඳක් වේලාසන ගෙදර ආවේ ය. උපකාරක පන්ති නො පැවැත්වෙන සෑම හැන්දෑවක ම මම ඔවුන් ගේ නිවසට පාඩම් කරන්නට ගියෙමි. මා ව අල්ලා ගන්නට ලැබුණොත් ආකාශ් පාඩමක ගැටළු සහගත තැනක් කියා දුන්නේ ය. ප්‍රශ්න පත්තර වල ට පිළිතුරු ලිවීමේදී ඔහු ගෙන් විශාල සහයෝගයක් ලැබිණි. නමුත්...
"මොකක්ද ඉඳුවර අර කරපු ජරා වැඩේ.."
සනුරි ඇසුවේ කෝපයෙනි.ඇගේ ඇමතුම් බොහෝ ප්‍රමාණයක් මඟ හැරගත් ඉඳුවර මේ ඇමතුම පිළිගත්තේම බැනුමක අපේක්ෂාවෙනි.ඔහුට මඳහසක් නැගිණ.
"මගෙ අතින් එච්චර හොඳ වැඩ වෙන්නෙ නැති තරම් සනූ.ඔයා මොකක් ගැනද කියන්නේ?"
ඔහු අසන්නේ උස් හඬින් හිනැහෙන අතර ය.එදවස තමන්ට හිසේ කැක්කුමක් ඇති වූවත් අදීෂට කලින් පැනඩෝල් පෙත්තක් ද රැගෙන...
"ඉන්න ඉන්න. මං වොෂ් එකක් දාගෙන එන්නං"
කියමින් ආකාශ් පිය ගැට පෙළ දිගේ දිව ගෙන වාගේ ගියේ ය. මම එහෙම ම පාෂාණිභූත වූයෙමි. ඔවුන් කරන්නට හදන්නේ මට උදව්වකි. මගේ තත්වය ගැන ඔවුන් ට හංගන්නට දෙයක් වන්නේ නැත. එහෙම එකේ උදව් කරන්නට එන මිනිසා ට ආඩම්බර පෑ නො හැකි ය.
"ඔයා ටේබල්...
ඉඳුවර සිටියේ ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙන ය.රූපවාහිනී වැඩසටහනක් ඇරඹෙන තුරු ක්‍රීඩාවක නිරතව සිටි ඔහුගේ දැහැන බිඳී ගියේ පිටට ලැබුණු මෘදු තට්ටු කිරීමකිනි.
"හරී…බිසී නේද?"
තරිඳි දැන් කතා කරන්නේ ඕනෑවට වඩා ඇදපැද බව ඉඳුවර සිතී ය.ඇය නිළියක වූ පසු පැවැත්ම ඉතා වෙනස් වී ගොස් ය.
"ගේම් එකක් ගැහුවා.." ඉඳුවර ඇයට පැවසුවේ සැහැල්ලුවෙනි.තරිඳි හඬනගා...
පාන්දර හිරු එළිය හොඳින් වැටී තිබුණේ ත් නැත. රාත්‍රිය දිගු වන එහෙව් ඍතු තිබේ. ඒවා අපට සංවේදී වන්නේ හරි අඩුවෙනි. මම පොත් බෑගය පිටේ එල්ලා ගෙන පාරට බැස්සෙමි. හයිලෙවල් පාර තෙක් කෙටි දුරක් බසයක යා යුතු ය. එතැන් සිට පාසල් බස් රියෙහි ගමන් කිරීම සාමාන්‍යයෙන් මා පාසල් යන ක්‍රමයයි....
"මොකක්! කවුද ඔය විකාර කිව්වෙ…"
අවිශ්ක අසන්නේ සසැලෙන අතර ය.අමන්දී හඬ නඟා හිනැහුණා ය. අවිශ්ක කාලයක් තිස්සේ හිත පෑරූ යමක් ගැන බියට පත් විය.
"අර දෙකේ ඇලේ සුමනා මාර කතා කියන්නේ අප්පා.ඔයාලගෙ අම්මා එකපාරක් සීනි මතුරලා සුරේකට පිස්සු වැට්ටුවලු..ඊට පස්සෙ ආයේ පාරක් මට දුන්නලු..මාව වශී කළාලු.අනේ මොනවද අවිශ්ක මේ කතා?"
එහෙත් ඔහු...
ඉනික්බිති ඔහු සඳැල්ලෙහි සිටිනවා මා දුටුවේ ම නැත. වැසිකිලිය පාවිච්චි කිරීමට මා පිටතට ගියේ ඉතා හොඳින් විපරම් කිරිමෙන් අනතුරුව ය. ඒ මුළු කාලය පුරා හදවත විසින් දරා ගත් සංවේදනයන් හි තිගැස්සුම් සර මට කිසි දා පැහැදිලි කොට කිව නො හැකි ය!
"පූජාව හුඟක් දවසකින් දැක්කෙ නෑ"
දවසක් අපේ ගේ දොරකඩට ම...
"එහෙ ඉන්නව මෙහෙ පුතාගෙ කලින් ගෑනු ළමයා.."
ගැහැනිය වඩා සමීප වන්නේ විස බඳුන දෝතින්ම රැගෙන ය.අමන්දී බලා හුන්නේ අකම්පිත සිනාවකිනි.
"ඒ සම්බන්දෙ කඩන්න මෙහෙ මහාමණ්ඩි නොකරපු දෙයක් නෑ..දුවට කියන්න මාත් එක්කම ගලේ දේවාලෙට කී ගමනක් ගියාද? ටැට්ටරයක් ගන්න තරමේ සල්ලියක් නාස්ති කොර ගත්තා.."
අමන්දීට දැන් දැනෙන්නේ විනෝදයකි.ඊයේ තමන්ගේ උකුල මත හරිබරි ගැසී...