ඉඳුදුන්න -20

“මොකක්ද ඉඳුවර අර කරපු ජරා වැඩේ..”

සනුරි ඇසුවේ කෝපයෙනි.ඇගේ ඇමතුම් බොහෝ ප්‍රමාණයක් මඟ හැරගත් ඉඳුවර මේ ඇමතුම පිළිගත්තේම බැනුමක අපේක්ෂාවෙනි.ඔහුට මඳහසක් නැගිණ.

“මගෙ අතින් එච්චර හොඳ වැඩ වෙන්නෙ නැති තරම් සනූ.ඔයා මොකක් ගැනද කියන්නේ?”

ඔහු අසන්නේ උස් හඬින් හිනැහෙන අතර ය.එදවස තමන්ට හිසේ කැක්කුමක් ඇති වූවත් අදීෂට කලින් පැනඩෝල් පෙත්තක් ද රැගෙන වහා සැපදුක පිණිස පැමිණි මිතුරා වෙනස් වී හිඳින අන්දම සනුරිට ශෝකයක් ගෙන ආවේ ය.ඇය සුසුමක් හෙළුවා ය.

“ඇත්තටම ඔයා ඔච්චර නරක් වුණේ ඇයි ඉඳුවර…”

ඇය ඇසුවේ ශෝකී ස්වරයකිනි.

“ඇත්තනෙ ඉතින් කීවෙ සනූ..මගෙ ෆස්ට් ලව් එක කසාද බැඳලනෙ..”

සනුරි දුරකථනය සවනේ රුවාගෙන නොසන්සුන්ව එහෙමෙහෙ ඇවිද්දා ය.ඇයට ඉඳුවර ළඟ හුන්නා නම් මුහුණට අනින්නට තරමට තරහක් උපදී.

“ඔයා කවද්ද එයාට ආදරේ කළේ..”

ඇය ඇසුවේ අපහාසාත්මක කටහඬකිනි.ඉඳුවර එයට සිනාවක් පළ කළේ ය.

“මං එයාගෙ ඇත්ත මූණ දැනගන්නකම් එයාට ආදරේ කරානෙ සනූ.එයාට මාත් එක්ක ලස්සනට එන්න තිබ්බ ගමනක් මේක..එයාට මාත් එක්ක අත් අල්ලන් යන්න තිබ්බ ගමනක් මේක.රූකාන්ත චන්ද්‍රලේඛා, අතුල සමිතා වගේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න තිබ්බා.ඒත් එයාගෙ හණමිටි අදහස් ඒවට හරස් කැපුවා.රටේ තියන ඉහළම ලේඩීස් කොලේජ් එකට ගිය කෙල්ලක්..ඒත් හිතේ තිබුණු අයිඩියාස් බලන්නකො..”

ප්‍රේමය කියන්නේ ගනුදෙනුවක් වග සිතන මේ තාරකාවගේ ඇස් ඇරෙන්නට දෙකක් කියන්නට ඕනෑ බව සනුරි සිතුවා ය.

“ඉඳුවර මෙහෙමයි, එකට ගමනක් යන්න තමන්ගෙ ෆීල්ඩ් එකේම කෙනෙක් ඕනෑ.එක ගාණට හම්බ කරන්න ඕනෑ කියලා හිතන ගොඩක් මිනිස්සුන්ට ජීවිතේ හරි කැත විදියට වරදිනවා.ඔයාට ඕනෑ වුණේ බ්‍රෑන්ඩ් එකක් වෙන්න වයිෆ් කෙනෙක් නම් මෙහෙම වෙච්ච එක හොඳයි.ඔයා බලන්නකෝ, බ්‍රෑන්ඩ් එකක් වෙන ජාතියේ වයිෆ් කෙනෙක් හොයා ගන්න..මම සුබ පතනවා ඒ වැඩේ සාර්ථක වෙන්න කියලා..”

ඉඳුවර ඇමතුම විසන්ධි කළේ කිසිත් නොකියා ය.ඉනික්බිති ඔහු “බ්‍රෑන්ඩ් එකක්”වන්නට තමන්ටත් තරිඳිටත් හැකිදැයි සිතන්නට ගත්තේ ය.ඇය ආදරය කරන්නට හිතෙනා කෙල්ලකි.අමන්දී ගැන මතකය සහමුලින්ම අමතක කරන්නට තරිඳි උපකාරී වනු ඇතැයි ඔහු සිතන්නට ගත්තේ ය.

දුරකථනය නාද වූයේ ඒ අතර ය.

“ෂෙරිල්” ඒ නාලිකාවේ විධායක අධ්‍යක්ෂවරයාගේ වැඩිමහල් දියණිය බව ඔහුට සිහි විණි.ඈ තරගය නිමා වූ දා ඉඳුවර වැලඳගෙන සුබ පැතුම් එකතු කළා ය.

“ඔයා තමයි ෆස්ට් ප්ලේස් ගන්න තිබ්බෙ නම් ඉඳුවර.තාත්තිලා මේක ස්ක්‍රිප්ට් එකකට කරන්නේ නෑනෙ.ඇත්තටම වෝට්ස් වලින් විනර් ඩිසයිඩ් කරන්නෙ. ඒකයි අරයා ෆස්ට් වුණේ.දන් නැද්ද අපේ ශ්‍රී ලංකන් පීපල්ස්ලා.කටුමැටි ගේයි කුඹුරයි පෙන්නුවම හොටු පෙරාගෙන වෝට් කරන්නෙ..එයා ඔහොම ගේයි කාරෙකයි අරන් පැත්තක වුණාවෙ අනේ. තාත්තිලා අප් කරන්න ආස ඔයාව.”

ඇය එසේ කියා තමන්ව වැලඳගෙන මඳ වෙලාවක් හුන් බව ඉඳුවරට සිහි විණ.

“ඔය අර භූමි ඇමතියගෙ පුතාව බැඳලා ඩිවෝස් වෙච්ච කෙල්ල ඈ.උඹ පරිස්සමිං..”

වැඩසටහනේ සහය අධ්‍යක්ෂවරයෙකු ඉඳුවරට එදා පැවසුවේ ය.ඉඳහිට කෙටි පණිවිඩයක් තැබුවා විනා ෂෙරිල් නැවත ඔහු ඇමතුවේම නැත.

“කොහොමද කේසර…”

ඇය ඇමතුවේ ඔහුගේ තිරයේ නමින් ය.ඉඳුවර හිනැහුණේ ය.

“මොකක්ද අනේ ඔයාට දීලා තියන ඇක්ට්‍රස්.මං තාත්තිටත් බැන්නා.කැඳ බීලා වගේ මල හෝන්තුව.අයියෝ ඉඳුවර එයා බලන්නෙ නිකං ලූස් මෝෂන් හැදුණු මූණකින්.අප්‍රසන්නයි අයියෝ..මං මේ යුගාන්ත අයියටටත් හොඳ දෙකක් කියන්න යන්නෙ.එයාගෙ බූත ස්ක්‍රිප්ට් එකට..”

ෂෙරිල් කියවාගෙන ගියා ය.තරිඳිගේ ඔය කියනා තරමට ගැටලුවක් ඇත්දැයි ඔහු සිතුවේ ය.තරිඳි ආධුනික වූ නමුත් රඟපෑමට ප්‍රතිභාවක් ඇති බවට ක්ෂේත්‍රයේ බොහෝ අත්දැකීම් ඇති දේවකී පැවසුවා ය.ඒ දේවකී හා දර්ශනයක් රූගත කළ අවසන් වූ මොහොතක ය.දේවකී ලෙහෙසියෙන් බොරු වර්ණනා දෙන ගැහැනියක නොවන බව ඉඳුවර දනියි.නමුත් ෂෙරිල් පවසන්නේ වෙනත් කතාවකි.

“තාම කේසරගේ කෙල්ල වෙන්නෙ ස්නේහා ද දිව්‍යා ද කියල යුගාන්ත අයියා කියලත් නෑ..”

ඔහු ගැලවීමේ පිළිතුරක් දුන්නේ ය.නමුත් ශානු ඉතා ඉක්මනින් රූගත කිරීම් වලින් ඉවත් වන බව ඔහු දැන සිටියේ ය.

“ශානුවා මගෙ ක්ලාස් මේට්.ඒකි නම් හොඳ කෙල්ල.ඒත් ඔයාට වඩා චුට්ටක් වයස පේනවදත් මන්දා..”

ඉඳුවර කිසිත් නොකියා අසා හුන්නේ ය.ෂෙරිල් තමන්ගේ සිතේ වූ සැබෑ අදහස බෝම්බයක් කර දමා ගැසුවේ ඉනික්බිතිව ය.

“තරිඳි ඉන්නෙ ඔයාට ක්‍රෂ් එකේ.එයාගෙ ඇස් දෙකෙන් ඒක කියවෙනව.විකාර..
ඔහොම සමයමක් පටල ගන්නෝනෙ නෑ අනේ ඔයා.ඉන්නකො මං යුගාන්ත අයියට කියන්න අර කාව්‍යා ඔය ඩ්‍රාමා එකට අරන් ඔයාගෙ ගර්ල් කරන්න කියල.කාව්‍යා හරි ඩීසන්ට්.ප්‍රමෝද් මැරි කරලා ලස්සනට ඉන්නව.ඔයාව අල්ලගන්න ඕන වෙන එකක් නෑ..”

මේ පුදුමාකාර සැලසුම් සහ ගනුදෙනු ගැන සිතමින් ඉඳුවර මොහොතක් ගෙවා දැම්මේ ය.

“ඔයා ඔයාගෙ තත්වෙ තියාගන්න ඉඳුවර.ඔය ෆීල්ඩ් එකට ආව ගමන් කරේ එල්ලෙන්න හදන නැට්ටිච්යො ස්ටාස්ලා විනාසම කරනව.මං ඒක හොඳට දන්න දෙයක්..”

ෂෙරිල් බොහෝ වෙලාවක් තරිඳිට බැන වදිමින් හුන්නා ය.පෙම්වතුන් බොහෝ සංඛ්‍යාවක් ඇසුරු කර අවසානයේ ඇමති පුතෙකුට බිරිඳ වූ ඇය ඉතා ඉක්මනින් දික්කසාද වූවා ය.ඒ ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා තිබූ අනියම් සම්බන්ධතාවය සැමියාට අසු වූ හෙයිනි.ඇමති පුතෙකු වුවත් කල්ප ෂෙරිල්ට පාඩම් උගන්වන්නට ගියේ නැත.නාලිකා ප්‍රධානියෙකු හා ගැටෙන්නට යාම වස පානය කිරීමට සමාන බවට ඔහුගේ පියා කල්පට පැවසී ය.

“අනික ලොක්කා ඔය බන්දුල කාරයට මාරම හිතවත්.අපිව බලේට ගේන්නෙ ඕකුන්.බන්දුලය උදේට පත්තර කියවන්නයි,නිව්ස් කියන්නයි අර මදුරයව දාගෙන කරන කැම්පේන් එකෙන් තමයි අපි ගොඩ යන්නෙ.තමුසෙ ඕං ඕකි වැදගත් විදියට ඩිවෝස් කරනවා..” ඇමති භූමිපාල පුතුට පැවසුවේ එපමණකි.

දැන් ෂෙරිල් නිදහස් කිරිල්ලකි.ඇයට කූඩු තනන්නට උවමනා නැත.එහෙත් පියඹා යන්නට හැඩකාර කුරුල්ලෙකු අවැසි ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles