Novels

කුසල් කතා කරතැයි බියෙන් පෙර දා සැඳෑවේ සිට ම මා සිටියේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ගෙන ය. ඔහු ගේ යෝජනාව ට එකඟ නොවී බස් එකක එල්ලුණ එක ගැන ඔහු දක්වන්නට නියමිත ප්‍රතිචාරය සුබ නොවන බව මම දැන සිටියෙමි. බලාපොරොත්තු වූවා සේ ම හෙතෙම දුරකතනය ක්‍රියාත්මක වී විනාඩි කිහිපයක්...
"ඔයාලා මොකක්ද ඔය කියන්න හදන්නේ" බලා හිඳීම ගැටළු විසඳන්නේ නැති බව තේරුම් ගත් මා ඇසුවේ බලා හිඳීම ඇති වූ තැන ය. "පිනීගේ අම්මාගෙන් ඇහුව ද?" දිනුක වඩා මෘදු ස්වරයකින් ඊෂාගෙන් විමසී ය. ඊෂාගේ සිනාව පිපී ආවේ හැඩට ය. අනතුරුව ඈ ජයග්‍රාහී බැල්මකින් මදෙස බැලුවා ය. "ආන්ටි කැමති අනේ..අපෙ අම්මි නම් උඩින්ම කැමතියි.." "එහෙනං ඉතිං...
මහරගම බෝ ගහ අවට පරිශ්‍රය අතුරු සිදුරු නැති ව ජනී ජනයා ගෙන් පිරීතිරී ගොස් තිබුණේ ය. තද බදය අස්සේ ඉතා හෙමිහිට ඉදිරියට ඇදෙන රිය, පෙළක් තනා තිබුණේ ය. කුසල් ට වැඩි වෙලා මෙතැන යතුරු පැදිය නවතා ගෙන සිටිය නො හැකි ය. පිටුපස වන රිය සමූහය අතොරක් නැති ව නලා...
ඊෂා දිනුක සමඟ කතාබහ කළ දේ මට පැවසුවේ ම නැත. එදා දවසම ඒ ගැන අසන්නට වැය කළ මට අන්තිමේ දී ඊෂාගේ ගණන් ඉස්සීම ඇති වී එය අමතක කර දමන්නට සිත් විණි. ඉතින් ඊයේ හවස් යාමයේ ගමේ සිට කොළඹට එද්දී වත් මම නිකමටවත් ඇගෙන් ඒ ගැන නොවිමසුවෙමි. අම්මා ද නංගී ද...
මම දිග ම දිග සුසුමක් බැහැර කළෙමි. ඒ සුසුම ට ඈත පේන බැලුම් ගලත් සසැලී ගියා විය යුතු ය. තුෂී ගේ ඇස් වල එතෙක් තැවරී තිබූ භීතිය වඩාත් තීව්‍ර වූවා කියා මම සිතමි. "ගයා…" ඇගේ ස්වරයත් වෙව්ලා ගියේ ය. මම ලොකු හුස්මකින් පපුව පුරවා ගතිමි. "නෑ නෑ. මං හිතන්නෙ ඔයා ඔය හිතනව...
"මොනවද මලිඳු කියන්න තියෙන්නේ.." නිහඬතාවය උසුලා ගන්නට ම නොහැකි තැන හඬ මතු වූයේ මවෙතිනි. මලිඳු කිසිවක් නොකියාම ලීක්ස් පාත්තියකට පොහොර ඉසිමින් සිටි සේවකයෙකුට නෙත් අලවාගෙන හුන්නේ ය. මගේ හදවත ගැහෙන හඬ ඔහුට ඇසේදැයි බියකින් පෙළෙමින් මම මෝඩියක සේ බලා සිටියෙමි. "කෙල්ලක් ගැන.." අහස හිස මත කඩා වැටෙන්නට එන බවක් දැනේ. ඒ කෙල්ල...
අත්තම්මා ගේ ගෙදර ට ආ මුල් දිනයේ පටන් ම යුගාන්ත ව මට මුණ ගැසී තිබිණි ද ඔහු හා මා අතර ලොකු ඇයි හොඳයියක් ඇති වූයේ නැත. වචන දෙක තුනකට වඩා අප අතර හුවමාරු වී තිබුණේත් නැත. කොහොමටත් මා ඉක්මනින් කිසිවෙකු හා හිතවත් ව ඇසුරක් ගොඩ නගා ගන්නා විදිහේ කෙනෙක්...
සිහිනයෙන් තාත්තා හමු වීමත් රෑ වෙන තුරු ඉකි බිඳීමත් නිසා නින්ද බොහෝ දිගු විය. කඳුකරය උදෑසන කාලයට සීතලෙන් වැඩි නිසා ම පාන්දර නින්ද කොහොමටත් සැර ය. නින්දට වැටෙන දූලා ඇහැරවීම අපේ අම්මා කිසිම දිනක කරන්නක් නොවේ. "පාඩම් වැඩ එක්ක මහන්සි වෙන ළමයින්ට නින්දක් ඕන..තමන්ගෙ ගෙදර තමන් හැටියට ඉන්නේ නැත්නම් ඒ...
කෑම මේසයෙහි වන්නේ මා හා අම්මා පමණක් නොවේ. අත්තම්මා හා සීයා ත්, අම්මා ගේ අලුත් සැමියා වන අසංක ත්, මගේ යෙහෙළිය තුෂී ත් මෙහි වෙති. ඒ සියල්ලන් ඉදිරියේ අම්මා ගේ වචන නො සලකා, ඇයට හිතුවක්කාර වී, ඇය එපා කියන දෙයක් කිරීම මොන තරම් සදාචාර සම්පන්න ද කියා මම මොහොතකට...
රාත්‍රියේ නිදන්නට පෙර දොර ජනෙල් අගුල් දැමුවේ මා ය. අම්මා ට හෝ නංගීට ඒවා කරන්නට ඉඩ දිය යුතු නැති බවත් තාත්තා තරමට ම නොවුණා ට හැකි උපරිමයෙන් ඒ දෙදෙනා බලා ගැනීම මගේ වගකීම බවත් මට හැඟෙමින් තිබිණි. නිවසට පිටින් ඇති සේවක කාමරයේ අපේ ව්‍යාපාර වල ද තාත්තාගේ ගොවිපොළ කටයුතු...