Novels

මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා වඩවඩාත් ඇය තුළ ගිලෙන්නට පටන් ගත්තේ තනිකම මිස වෙන ඔසුවක් තමාට නැතැයි සිතමිනි.කිකිණි සිනා විසිරවන්නට තැනක් නොතැනක් නොවූ ඈ සිනාව ඈ තුළම සිර කර ගත්තා ය.නවතම විලාසිතා ගැන විශාල උනන්දුවක් තිබූ ඇය ක්‍රමයෙන් අතට අසුවන ඇඳුමක් හඳින්නියක බවට පත් වූවා ය.කාලයකින් සැකසීමට අමතකව ගිය හිස කෙස් ද අපිළිවෙලට...
මුතු බෙලි හදවත
වැස්සක් වහිමින් තිබිණි. ආදිත්‍යා මින්දුල ව වඩා ගෙන සඳැල්ලට වී වැස්ස දෙස බලාන සිටියා ය. දුමාල් ගේ කාමරයේ දොර වැසී තිබුණේ ය. ඔහු උදේ රැකියාවට යනු පිණිස පිය ගැට පෙළ බහිනවා ආදිත්‍යා කාමරයේ වීදුරු ජනේලයෙන් දුටුවා ය. කාර්යාල ඇඳුමට ඔහු බෙහෙවින් කඩවසම් යයි ඇය ට සිතිණි. රැකියාවක් කළා නම් හොඳ...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
හදිසියේ විවාහය ගැන භාවනාගේ අම්මා උනන්දු වීම සම්බන්ධයෙන් සකුණට වූයේ කුකුසකි;තිගැස්මකි.විවාහය කියන්නේ ලෙහෙසි පහසු බැඳීමකට නොවන බව ඔහු දනියි.වඩාත්ම පුදුමය වන්නේ එවගක් දැන දැනම භාවනා විවාහයට එකඟ වීම ය. "ජීවිතයේ සුන්දරතම සිහිනයට සැරසෙමි." භාවනා ඇගේත් සකුණගේත් සෙල්ෆි ඡායාරූපයක් ෆේස්බුක් අවකාශයට මුදාහැර තිබුණේ එවැනි සටහනක් සහිතව ය.සුබ පැතුම් වැසි වසිමින් තිබිණ. "වෙඩින් එක...
මුතු බෙලි හදවත
විකුම් කාමරයේ ඒ මේ අත සක්මන් කරන්නට වූයේ ය. ඔහු ට අමුත්තක් දැනෙමින් තිබිණි. හැන්දෑවේ වූ සිද්ධිය වරින් වර ඔහු ගේ මනසේ මැවේ. ආදිත්‍යා- සිය බිරිඳ මින් පෙර කිසි දාක එවැනි බැල්මකින් ඔහු දෙස බලා නැත. ඒ තරම් ශක්තියක් ඈ වෙත ළඟා වූයේ කොතැනක සිට දැයි ඔහු ට සිතා ගත...
"සේරම කලබල අස්සේ කෞෂිත් මැරි කරනව." කාර්යාලීය හිතවතියක එසේ කියද්දී කාව්‍යා පුදුමයෙන් නෙතු අයා ගත්තා ය.නංගිගේ විවාහය ගැන දුලාරි ගැන කතාබහ කරමින් සිටියදී කෞෂිගේ විවාහය ගැනද දැන ගන්නට ලැබීම ඇයට පුදුමයක් විය. "අපි දන්නෙත් නෑනෙ.." දුලාරි කියන්නේ පුදුමයෙනි.නමුත් එහි පුදුමයකට කාරණාවක් ද නොවේ.අතීතයේ නෑ හිත මිතුරන් සිය ගණනක් හා එක්ව කළ...
මුතු බෙලි හදවත
දුමාල් ව දුටු ආදිත්‍යා ගේ හැඬුම මඳකට සමනය වූයේ ය. පිටස්තර පිරිමියෙකු ට පේන්නට විවාහක ගැහැනියක මෙසේ හඬා වැටෙනා එක හොඳ නැති බව, සියල් මනස්තාපයන් අතරේ ම ඇය ට කල්පනා වූයේ ය. දුමාල් මුහුණේ හා ඇස් වල ඉරියව් වලින් ඇයි කියන ප්‍රශ්නය නැගුවේ ය. ආදිත්‍යා අතැඟිලි වලින් දෑසේත් කොපුල් වලත්...
"පුතේ,මට ටිකක් කතා කරන්න ඕන..ඇවිත් යනවද?" මාලිකාගේ ඉල්ලීම මත සන්ධ්‍යාවක සකුණ කාව්‍යාගේ නිවසට පැමිණියේ ය.කාව්‍යාගේ රෝගී තත්ත්වය ගැන හෝ ඇගේ ඉදිරි අනාගතය ගැන මාලිකාට පවසන්නට දේ ඇතැයි සකුණට සිතිණ. "මං පුතා එක්ක මේ ගැන ටිකක් නිදහසේ කතා කරන්නමයි හිටියෙ.." මාලිකා පැවසුවේ සකුණට කිරි කෝපි කෝප්පයක් පිළි ගන්වන අතර ය.සකුණ නැන්දණිය දෙස බැලුවේ...
"අම්ම ඉන්නව ආදිත්‍යා" දුමාල් ඒ වචන ටික කීවේ සුසුමකිනි. ඒ සුසුම තුළ තැවරී තියෙන්නේ ශෝකයක් ද සතුටක් ද සැනසීමක් ද කියා වෙන් කොට හැඳින ගන්නට ආදිත්‍යා ගේ හිතේ නිරවුල් බවක් වූයේ නැත. "අම්ම කඩේ වැඩ කරන්න පටං ගත්තට පස්සෙ අපේ ජීවිත ටික ටික වෙනස් වෙන්න පටං ගත්ත. අපේමයි කියල අටෝගත්ත පැල්...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
සෙනුරගේ අම්මාත් තාත්තාත් කාව්‍යා දකින්නට ආවේ සෙනුරගේ වියෝවට අට මසක් ගෙවෙන දිනකදී ය.සන්සුන්ව ගලා යමින් තිබූ ජීවිත අතර කාව්‍යා පැමිණීම සෙනුරගේ අම්මාට එකල්හි ඉතා සන්තෝසජනක කාරණාවක් විණි.කාව්‍යා තරම් සෙනුරට ගැළපෙන යුවතියක නැතැයි ඇය අනේක වාරයක් උදම් ඇනුවේ එනිසා ය.දිගුකාලීන ප්‍රේම කතාවකට පසු කාව්‍යා සෙනුරගේ මනාලිය වූ දා සෙනුරගේ අම්මා...
මග එමින් සිටි ත්‍රීරෝද රථයකට අත දමා ආදිත්‍යා එය නවතා ගත්තා ය. දුමාල් සන්සුන් දෑසකින් බලා සිටියේ ය. අනතුරුව ත්‍රීරෝද රිය පිටුපස සිය කළු පාට ස්විෆ්ට් රිය පදවා ගෙන ගියේ ය. ඔහු ඇය හඹා ඒවියි ආදිත්‍යා සිහිනෙනුදු සිතුවේ නැත. ඈ රිය නතර කරවූයේ පෙර දාක ආමන්තා හා දුමාල් සමගින්...