Novels

ළදරු සංකල්ප ගේ ඡායාරූපය දැකීමෙන් පස්සේ, කාලයේ වැලි තලාව අස්සේ හැංගී තිබුණ යම් සිදුවීම්, සිහිනයක දුටු සේයා සේ මගේ මනස තුළ එහෙ මෙහෙ වන්නට වූයේ ය. පාසල් සේවා වෑන් රථයෙහි දී, කුඩා පිරිමි ළමයෙක් මගේ කොණ්ඩයෙන් ඇද ඉවත බලා ගනු යන්තමින් මට සිහ් විය. මම හැරී බලා රවමින් ඔහු...
"මෙච්චර දෙයක් වෙලා අම්මා ඩිනර් ගන්නව" ලංකා නිවසට ගොඩ වූයේ එසේ කියන අතර ය.සිරිමා නෑසුනු කන්ව ඉඳි ආප්ප කිහිපයක් පිඟානට බෙදා ගත්තා ය. "ලීලෝ..මේ ලංකා මැඩම්ට පිඟානක් ගේන්න.." ඇය අනතුරුව කීවා ය. "අම්මට මේවා ගාණක් නැද්ද අම්මා..මට මෙවන්ව එතන තියන්නත් බයයි." ලංකා පවසන්නේ හැඬුම්බර හඬකිනි.මිනිසුන් ගැන අධ්‍යනය කරන්නට හොඳින් දන්නා සිරිමාට ලේලියගේ විප්‍රකාර එතරම්...
"දුක්බරම කවියක් ලියාඑහි පද පෙලක් අඩුවෙන් තියාඅරුත පසිදින්නට කියාඅවසානයට පෙර ඈ ගියා" සීතල තවරා ගනිමින් උන් පිනි බර ලා අඳුරේ සංකල්ප ගේ බරැති හඬ මගේ හදවත් බිත්ති මත හැපී මා කම්පිත කරවූයේ ය. ඔහු අලුත් යමක් කීවා නොවේ. මා හොඳට ම දැන උන් වචන, මා ඉඳුරා දැන උන් තනුවක් ප්‍රතිරාව...
සිරිමා බමුණුසිංහගේ නිවස පිහිටා තිබුණේ වෙල් යායකට ඉදිරියෙනි.ඒ වෙල් යායෙන් එහා අතුරුගිරිය නගරය පිහිටියේ ය.ජනාකීර්ණ බව අඩුවැඩි වන කුඩා නගරයේ රාත්‍රිය වෙනුවෙන් දැල්වුණු දහසක් නියොන් එළි දෙස මන්දාරා බොහෝ වෙලාවක් බලා සිටියා ය.ගෙතුළ නිහඬ ය;නිස්කලංක ය.ලීලාගේ සේසේ පැමිණ මන්දාරාගේ දෙපා අතර දැවටෙන්නට පටන් ගත්තේ ය.මන්දාරා සේසේ ඔසවා උකුල මතට...
"එදා ඉඳල අවුරුදු විස්සක්...මං තාමත් ඒ තනි කමත් එක්ක පොර බදනව...විඳවනව..." ඒ තරං දුක් බර කතාවක්, සංකල්ප කීවේ සිහින් කර ගත් දෑස් මත වන මඳ සිනහවකිනි. සිනහවෙන් දුකත් විඳ ගන්නා මිනිස්සු සිටිති! "මට හිතා ගන්න පුළුවන්. අප්පච්චි නැති වෙච්ච එක්ක දරා ගන්න විදිහක් තේරෙන්නෙ නැතුව තමයි මං හැම දේම අත් ඇරල...
"මන්දි, අපි කොහොමද දැන්ම මැරි කරන්නේ?" තේජන ඇසුවේ අසරණව ය.උපාධිය නිම වන්නට තව වසරකට අඩු කාලයක් තිබේ.පුහුණු රැකියාවක නිරත වෙමින් හිඳින තමන්ට සරි කරගන්නට තව කොපමණ සිහින තිබේදැයි ඔහු සිතී ය. "ලබන අවුරුද්දෙ අපි මැරි කරල ඇමරිකා යනවනෙ.මං තාත්තට කියන්නං.අපි දැන්ම යං." මන්දාරා අයදින්නට වූවා ය.යමක් කමක් ඇති පවුලක තරුණයන්ට වැළඳෙන සුලබම...
සංකල්ප අපේ ගේ දොරකඩ පෝටිකෝව යටට ම කහ පාට මොරිස් මයිනර් රියකින් පැමිණියේ ය. මට තනිව ලූනා ඔසවා ගත නො හැකි වූ නිසා ඔහු වහා රියෙන් බැස ලූනා ව ඊට දමා ගන්නට මට උදව් කළේ ය. "අනේ ඉක්මනට යං" මම පින්සෙණ්ඩු වුණෙමි. සංකල්ප පවනට බඳු වේගයෙන්, කඳු හා පල්ලම් සහිත පාරේ...
ලංකා මායාදුන්න ඇගේ නිමි ඇඳූම් ප්‍රදර්ශනාගාරයේ සිට රූපලාවණ්‍යගාරය වෙත යන්නට විදුලි සෝපානයට ගොඩ වූවා ය.මේ පස්මහල් ගොඩනැගිල්ලකි. ඇගේ සම්පූර්ණ ආත්මාභිමානය සේම ආදායම ද පවතින්නේ මේ පස්මහල තුළ බව ලංකා දැන සිටියා ය. "සෙනුල්‍යාගේ එපොයිමන්ට් එක තියනව මැඩම්.." ඇය රූපලාවණ්‍යගාරයට පිවිසෙද්දීම පිළිගැනීමේ කවුළුවේ හිඳින යුවතිය ලංකාට සිහි කළා ය. "සෙනුල්‍යා ආවද?" ලංකා ඇසුවේ පිළිතුරු...
සංකල්ප ගේ මුහුණ මා වඩාත් හොඳින් දුටුවේ ඒ වෙලාවේ කියා සිතමි. ඔහු ගේ තළ එළළු මුහුණ මත, විකට හා කොපුල් වසා ගෙන රැවුලක් නඩත්තු කරමින් තිබිණි. ඒ අතරෙහි වූ දෙතොල් තැඹිලි පැහැයකට හුරු වූයේ ය. සිගරට් බොන්නේ නැති කොල්ලෙකු වන්නට ඇතැයි සිත මට කීවේ ය. ඒ ඇස් සිහින් ය. ඒවා...
"හෙලෝ අක්කා..කොහොමද?" රහල් විසින් නිවසට හැරලවා යාමෙන් පසු ආලින්දයේ මඳක් සක්මන් කරන්නට සිතා එළියට ආ හිමංගිගෙන් මෙවන් ඇසුවේ සුහදව ය.හිමංගි නෙතු නගා ඔහු සමඟ හිනැහුණා ය.නෙත් විසල් වූයේ ඒ ආසන්නයේ හිඳිමින් ඕපාදූප ඇහිද ගන්නට වෙර දැරූ ගෘහ සේවිකා ජයන්තිගේ ය.හිමංගි ගැන සම්පූර්ණ වාර්තාවක් සකසා ලංකාටත් මන්දාරාටත් ලබා දීම තමන්ගේ එකම...