"මොකක්! කවුද ඔය විකාර කිව්වෙ…"
අවිශ්ක අසන්නේ සසැලෙන අතර ය.අමන්දී හඬ නඟා හිනැහුණා ය. අවිශ්ක කාලයක් තිස්සේ හිත පෑරූ යමක් ගැන බියට පත් විය.
"අර දෙකේ ඇලේ සුමනා මාර කතා කියන්නේ අප්පා.ඔයාලගෙ අම්මා එකපාරක් සීනි මතුරලා සුරේකට පිස්සු වැට්ටුවලු..ඊට පස්සෙ ආයේ පාරක් මට දුන්නලු..මාව වශී කළාලු.අනේ මොනවද අවිශ්ක මේ කතා?"
එහෙත් ඔහු...
ඉනික්බිති ඔහු සඳැල්ලෙහි සිටිනවා මා දුටුවේ ම නැත. වැසිකිලිය පාවිච්චි කිරීමට මා පිටතට ගියේ ඉතා හොඳින් විපරම් කිරිමෙන් අනතුරුව ය. ඒ මුළු කාලය පුරා හදවත විසින් දරා ගත් සංවේදනයන් හි තිගැස්සුම් සර මට කිසි දා පැහැදිලි කොට කිව නො හැකි ය!
"පූජාව හුඟක් දවසකින් දැක්කෙ නෑ"
දවසක් අපේ ගේ දොරකඩට ම...
"එහෙ ඉන්නව මෙහෙ පුතාගෙ කලින් ගෑනු ළමයා.."
ගැහැනිය වඩා සමීප වන්නේ විස බඳුන දෝතින්ම රැගෙන ය.අමන්දී බලා හුන්නේ අකම්පිත සිනාවකිනි.
"ඒ සම්බන්දෙ කඩන්න මෙහෙ මහාමණ්ඩි නොකරපු දෙයක් නෑ..දුවට කියන්න මාත් එක්කම ගලේ දේවාලෙට කී ගමනක් ගියාද? ටැට්ටරයක් ගන්න තරමේ සල්ලියක් නාස්ති කොර ගත්තා.."
අමන්දීට දැන් දැනෙන්නේ විනෝදයකි.ඊයේ තමන්ගේ උකුල මත හරිබරි ගැසී...
තේ බී යන්නයි නෙරංජලා ගුරුගේ මට පෙරැත්ත කළා ය. වරක් මා ප්රතික්ෂේප කළත් ඇගේ ඇවිටිල්ලෙහි නිමක් නොවූ නිසා කර බා ගන්නට මට සිදු විය. ඈ තේ පිළියෙල කරන තෙක් පොත් බලන්නයි කී ඕ තොමෝ මා එහි තනි කොට දමා පහළ මාළයට ගියේ මා පිළිබඳව කිසිදු අවිශ්වාසයකින් හෝ සැක බියකින්...
"ඇත්තටම විඳවන්නේ අපි.."
අවිශ්ක ශෝකි ස්වරයෙන් එසේ පැවසී ය.
"ඔයාලා තමන්ගේ ජීවිතෙන් පලි ගන්න නරකම දේවල් තෝරා ගත්තා.ඒ අනිත් කෙනාට රිද්දන්නනෙ..මං හිතන්නෙ ඔයාලා සාර්ථකයි.සුරේකා ඉන්න හැටි දැක්කම මටනම් රිදෙනව.."
අමන්දී සුසුමක් සමඟ ඔහු වැලඳ ගත්තේ ය.අතීතයේ සිදු වූ වරදක් ගැන තැවෙන්නට හැමෝටම නොහැක.නමුත් ඔහු තැවෙයි.ඒ අතින් ඔහු උතුම් බව අමන්දී සිතුවා ය.
"අවිශ්ක…ඔයාට...
තෙමහල් නිවසේ හිමිකාරිය තව දුරටත් හිටියේ මගේ අත අල්ලා ගත් වන ය. මීට පෙර මා හා ඇය අතරේ එක වචනයකුදු හුවමාරු වී තිබුණේ නැත. ඕනේ නම් සිනහ මල් දෙක තුනක් හුවමාරු වී තිබෙන්නට ඇත. ඒත් මේ හැටි ළෙංගතු කමකින් අතින් ද අල්ලා ගෙන කතා කරන්නට එය හේතුවක් ද?
මතු මහලේ...
"අනේ මට සුරේකා අක්කා ගැන අවිශ්ක කියලත් තියනවා.."
අමන්දී අනාරාධිතවම කුඩා දරුවා ඔසවා ඇගේ උකුල මතට ගත්තා ය.උණ රෝගයෙන් පීඩිතව ගොස් සිටි කුඩා කොලුවා හිස ඔසවා අමන්දී දෙස බැලුවා ය.
"අනේ හොඳටම උණනෙ අප්පා..බෙහෙත් ගත්තා නේද අක්කේ?"
සුරංගනා රුවැත්තිය අසයි.සුරේකා යන්ත්රයක් මෙන් හිස වැනුවා ය.දිගු කොණ්ඩයක් සහිත ජනප්රිය තරුණ නිලියකට සමාන රුවක්...
දහසක් බුදුවරුන් බුදු වෙන පිනි බර හිමිදිරි පාන්දර නංගී දිය නෑවා ය. ඇය සීතලෙන් වෙව්ලත්දී අම්මා අලුත් පැන් කළය නංගි ගේ හිස මත්තේ වත් කොට එය බිඳ දැමුවා ය. මල්වර නැකතින් දිය නාන්නට ආච්චම්මා ගේ පරණ ජෝජට් සාරියක් වට කොට තැනූ, අපේ ළමා වියේ සෙල්ලම් ගෙයක් සිහිපත් කරන නාන...
"අක්කා එනවද ගමනක් යන්න.."
නැන්දම්මා නිවසේ නැති දවස් උදාවීම නිසා අතිශය කාර්යබහුලව හුන් අමන්දීගෙන් සඳුනි ඇසුවා ය.අමන්දී සිටියේ හති වැටී ය.මේ තරම් විශාල නිවාස සහ ඉඩකඩම් මිනිසුන්ට කුමකටදැයි ඈ සිතන්නට ගත්තා ය.
"කොහෙ යන්නත් කලින් මං ගේ අස් කරල ඉන්නෝනෙ.."
අමන්දී කියද්දී සඳුනි වහා කොස්සක් අතට ගත්තා ය.අම්මා යන්නට පෙර ගෙදර වැඩකටයුතු...
තත්පර දෙක තුනක් දුරකතන තිරය දෙස බලා උන් නිකිනි, අනතුරුව දුරකතනය ගුවනි දෙසට හැරවූවා ය. ඉංග්රීසි අකුරෙන් ලියැවුණු මංජුල යන නම කියැවූ ගුවනි, හරියට මංජුල ට ඈ කියනනක් ඇසේවියි වාගේ රහසිගත ස්වරයකින් හා අභිනයෙන් යුතු ව මිමිණුවා ය.
"රෙකෝඩ් කරමු"
දුරකතනය නිකිනි වෙතින් ගෙන, සංවාදය දුරකතනයෙහි ගබඩා කර ගන්නට යුහුසුළු ව...