ඒ සිදු වූයේ කුමක් දැයි සදාතන ට සිතා ගත නො හැකි ය. අහසින් පොළොවට වැටුණා සේ ඔහු කම්පිත ව සිටියේ ය. සිහින උපන් ගෙයි ම මිය ගොස් තිබේ!
අරුණ උදා වන්නට කල්පයක් කල් ඇත්තා සේ සදාතන ට දැනිණ. අඳුර විසින් ආත්මය අතුරු සිදුරු නැතිව වසා ගෙන තිබිණ. ඔහු ට යහන්...
සදාතන සැනසිලි සුවය අත්පත් කර ගනිමින් සිටියේ ය. ජීවිතය තුළ තමන් ගේ මාර්ගය තෝරා ගැනීම කියනා තීරණය ගැනීම තුළින් සමාදානයේ ශාන්තිය අත්පත් කර ගනිමින් සිටියේ ය. සදාතන කහවණුගොඩ, සියපත් සඳපිනි සූරියගොඩ ට පෙම් කරයි. සිරි පා ගිරි හිසට මත්තෙන් සූර්යෝදය සිදු වෙනවා සේ, ඔහු එය පැහැදිලි ලෙස වෙන් කොට...
ලැබුණත් නො ලැබුණත් ප්‍රේමයේ නිල අල්වා බලන්නට මිනිසුන්ට වන්නේ ආත්මගත ආශාවකි. ප්‍රේමයේ ස්වර සුසර කොට බලන්නට වන්නේ මරණීය ආශාවකි. ලෝකය බිහි වූ දා පටන් ස්ත්‍රී පුරුෂයන් අතරේ පැවතියා වූ ඒ සහජ තෘෂ්ණාව, පරම්පාර අසීමිත සංඛ්‍යාවක් ඔස්සේ මානව ජාන සංයුතියට කාවැදී, සුවිශේෂ මානව ලක්ෂණයක් වූවා විය යුතු ය. ප්‍රේමය නමින්...
දියවන්නා දිය කඳෙහි රැලිති නගනා රිදී පැහැය දෙස බලා හිඳියදී මදිරා ට හදිසි කැස්සක් ආවේ ය. වෙනදා සියපත් ගේ බෑග් එකේ තිබෙනා වතුර බෝතලය අද අමතක වී තිබිණ. ඒ කැස්ස ටික වෙලාවක් දිගට ම පැවති අතර සියපත් ඇගේ පිටට තට්ටු කළා ය. නමුත් කැස්ස නතර වෙන පාටක් පෙනෙන්නට තිබුණේ...
සදාතන කාර්යාලයේ වැඩි වේලා නොරැඳී ඉක්මනින් ගෙදර ආවේ ය. ඒ, රියදුරු නැති නිසාවෙන් සියපත් ගෙදර ඇරලීමේ බලාපොරොත්තුව ඇතිව ය. සියපත් කල් ඇතිව ම බස් එකේ ගෙදර යන්නට තීරණය කොට තිබුණා ය. ඔවුන් වාගේ පුංචි මිනිසුන් ලොකුවට හිත් රිදවා ගත නො යුතු බව ඇය සිතට අවධාරණය කළා ය. වැටෙන්නට තවත්...
මදිරා ගේ සුසුදු හා මටසිළිටි වූ අප්‍රාණික දෙපා වල සියපත් බෙහෙත් තෙල් ගෑවා ය. පිරිමැද්දා ය. සම්බාහනය කළා ය. ඒ දෙපා සීතල ය. අප්‍රාණික වූ ස්නායූ සෛල ප්‍රාණවත් කරන ජීවක වරයෙකැයි මේ වෙද මහතා ගැන ඔත්තුවක් දුන්නේ ශාන්ත ය. සියපත් ගේ ඉල්ලීම පරිදි සනාතන මදිරා ව ඒ වෙද මහතා...
සුජීවා කුස්සියෙහි වඩේ බදිමින් සිටියා ය. කුස්සියට පෙර තිබෙනා කුඩා සාලයේ ඉස්සරහාට ම වන්නට ආප්ප තාච්චි වලට ශාන්ත මාරුවෙන් මාරුවට ආප්ප වත් කළේ ය.
"බිත්තර ආප්පයක්"
"ප්ලේන්ටියක්"
"වඩේ සීයක"
"ආප්ප පහකුයි ලුණුමිරිසුයි ගේන්න"
ඉස්සරහා මිදුලේ ගැවසෙන පාරිභෝගිකයන්ගෙන් ඇණවුම් ලැබේ. සියපත් එහෙට මෙහෙට දුවමින් ද හැකි උපරිම වේගයෙන් ද සේවා සැපයූවා ය. ගණං කියූවා ය....
ළමා විය ගෙවා අහවර නව යොවුන් විය ඔස්සේ තුරුණුවෙකු ලෙස කෙනෙකු වැඩිහිටි සමාජයේ පුරවැසියෙකු වී සමාජගත වනුයේ පෙර උන් ළමයා සේ නොවේ. ළමයෙකු කාලයේ විඳ ගත් සුඛ දුක්ඛ දෝමනස්සයන් ඔස්සේ තමන් ට අවැසි පරිදි තමන් ගේ ලෝකය ගොඩ නගා ගැනීමේ සිහිනයක් දකිනා නව මිනිසෙකු ලෙස ය. උසස් පෙළ තරණය...
ඒ තරම් ප්‍රීතිමත් වූ ඉරිදාවක් සියපත් ගේ දිවියට ඉන් පෙර උදා නොවූ තරම ය. ඇය උදෙන් ම ගේ අස් කොට අතු ගා පිරිසිඳු කළා ය. කඩයප්පන් හදනා වැඩත් එක්ක සුජීවා ගෙන් ගෙදර ඒ වාගේ වැඩ අතපසු වන්නේ නිරායාසයෙනි. කොහොමත් ඇය ගේ දොර ලස්සනට තබා ගැනීම ගැන ඒ තරම් උනන්දු...
මදිරා කහවණුගොඩ ගේ හිතට බිඳ බිඳ සතුට කාන්දු වෙමින් තිබිණ. පෙම් කතා පාදක කොට ගත් විදෙස් රූපවාහිනී නාට්‍ය මාලා සහ නවකතා මගින් ආදරය ගැන ද ජීවිතය ගැන ද යම් බලාපොරොත්තුවක් ලියලන්නට වූයේ ය. කතා වල සිටිනා පෙම්වතුන් ගැන ඇය සියපත් සමග කතා කරමින් සිනහ වූවා ය. ඔවුන් කෙරේ රහස්...