Stories

ශුභ කටයුත්තක දී කඳුළු ඉස්සර කරන එක හොඳ නැති බව දැන සිටියෙන් මම නාඬා සිටියෙමි. නමුත් මා මුළුමනින් ම හැඬුම්බර වූ බව තුෂී සේ ම යුගාන්තත් හොඳින් වටහා ගත් බව මම දනිමි. යුගාන්ත ඉදිරි කැඩපතින් කිහිප වරක් මදෙස බැලුවේ ය. ඒ බැල්මේ හිතෛශී බවක් මට ඉඳුරා දකිත හැකි විය. බණ්ඩාරවෙල...
ඉනික්බිති ඇරඹියේ කලබලකාරී දවසකි. ඊෂාට මා වහා කැටුව යාමට උවමනා වූ අතර ඇය අද පාන්දරම අපේ බෝඩිමට කඩා වදින විට මා අවදි ව සිටියේවත් නැත. යමක් සිතුණු විට එය හිතූ පමාවට කරන්නට සමතියක වූ ඊෂාට මගේ කලමනා පොදි ගසා ගැනීම මහ වැඩක් වූයේ නැත. "මෙහෙම යනවට අපේ නං කැමැත්තක් නෑ...
කුසල් කතා කරතැයි බියෙන් පෙර දා සැඳෑවේ සිට ම මා සිටියේ ජංගම දුරකතනය ක්‍රියා විරහිත කර ගෙන ය. ඔහු ගේ යෝජනාව ට එකඟ නොවී බස් එකක එල්ලුණ එක ගැන ඔහු දක්වන්නට නියමිත ප්‍රතිචාරය සුබ නොවන බව මම දැන සිටියෙමි. බලාපොරොත්තු වූවා සේ ම හෙතෙම දුරකතනය ක්‍රියාත්මක වී විනාඩි කිහිපයක්...
"ඔයාලා මොකක්ද ඔය කියන්න හදන්නේ" බලා හිඳීම ගැටළු විසඳන්නේ නැති බව තේරුම් ගත් මා ඇසුවේ බලා හිඳීම ඇති වූ තැන ය. "පිනීගේ අම්මාගෙන් ඇහුව ද?" දිනුක වඩා මෘදු ස්වරයකින් ඊෂාගෙන් විමසී ය. ඊෂාගේ සිනාව පිපී ආවේ හැඩට ය. අනතුරුව ඈ ජයග්‍රාහී බැල්මකින් මදෙස බැලුවා ය. "ආන්ටි කැමති අනේ..අපෙ අම්මි නම් උඩින්ම කැමතියි.." "එහෙනං ඉතිං...
මහරගම බෝ ගහ අවට පරිශ්‍රය අතුරු සිදුරු නැති ව ජනී ජනයා ගෙන් පිරීතිරී ගොස් තිබුණේ ය. තද බදය අස්සේ ඉතා හෙමිහිට ඉදිරියට ඇදෙන රිය, පෙළක් තනා තිබුණේ ය. කුසල් ට වැඩි වෙලා මෙතැන යතුරු පැදිය නවතා ගෙන සිටිය නො හැකි ය. පිටුපස වන රිය සමූහය අතොරක් නැති ව නලා...
ඩයනා, වේල්සයේ කුමරිය උපත ලැබුවේ 1961 වසරේ ජූලි මස පළවැනි දින එංගලන්තයේ දීයි. ඇගේ දෙමව්පියන් ඈ කුඩා කලම නීතියෙන් වෙන් වූ අතර දරුවන්ගේ භාරකාරීත්වය දිනා ගත්තේ ඩයනාගේ පියා යි. වයස අවුරුදු නවය වන තුරු ම ඩයනා අධ්‍යාපනය ලද්දේ නිවසේදී වූ අතර පසුව Riddlesworth Hall School සහ West Heath School වලට...
ඊෂා දිනුක සමඟ කතාබහ කළ දේ මට පැවසුවේ ම නැත. එදා දවසම ඒ ගැන අසන්නට වැය කළ මට අන්තිමේ දී ඊෂාගේ ගණන් ඉස්සීම ඇති වී එය අමතක කර දමන්නට සිත් විණි. ඉතින් ඊයේ හවස් යාමයේ ගමේ සිට කොළඹට එද්දී වත් මම නිකමටවත් ඇගෙන් ඒ ගැන නොවිමසුවෙමි. අම්මා ද නංගී ද...
මම දිග ම දිග සුසුමක් බැහැර කළෙමි. ඒ සුසුම ට ඈත පේන බැලුම් ගලත් සසැලී ගියා විය යුතු ය. තුෂී ගේ ඇස් වල එතෙක් තැවරී තිබූ භීතිය වඩාත් තීව්‍ර වූවා කියා මම සිතමි. "ගයා…" ඇගේ ස්වරයත් වෙව්ලා ගියේ ය. මම ලොකු හුස්මකින් පපුව පුරවා ගතිමි. "නෑ නෑ. මං හිතන්නෙ ඔයා ඔය හිතනව...
"මොනවද මලිඳු කියන්න තියෙන්නේ.." නිහඬතාවය උසුලා ගන්නට ම නොහැකි තැන හඬ මතු වූයේ මවෙතිනි. මලිඳු කිසිවක් නොකියාම ලීක්ස් පාත්තියකට පොහොර ඉසිමින් සිටි සේවකයෙකුට නෙත් අලවාගෙන හුන්නේ ය. මගේ හදවත ගැහෙන හඬ ඔහුට ඇසේදැයි බියකින් පෙළෙමින් මම මෝඩියක සේ බලා සිටියෙමි. "කෙල්ලක් ගැන.." අහස හිස මත කඩා වැටෙන්නට එන බවක් දැනේ. ඒ කෙල්ල...
අත්තම්මා ගේ ගෙදර ට ආ මුල් දිනයේ පටන් ම යුගාන්ත ව මට මුණ ගැසී තිබිණි ද ඔහු හා මා අතර ලොකු ඇයි හොඳයියක් ඇති වූයේ නැත. වචන දෙක තුනකට වඩා අප අතර හුවමාරු වී තිබුණේත් නැත. කොහොමටත් මා ඉක්මනින් කිසිවෙකු හා හිතවත් ව ඇසුරක් ගොඩ නගා ගන්නා විදිහේ කෙනෙක්...