"කියන්න දෙයක් තියනවා"
රාත්‍රිය ගෙවෙනතුරු නිදි නැති ඇස් වලින් බලා සිටි දුලන්‍යා පසුදා උදෑසන මෝටර් රථයට ගොඩ වූ වහා සඳරැස්ට පැවසී ය. සඳරැස් සඳක් සේ හිනැහිණ.
"අද වයිවා එකක්. හරියට පාඩම් කරේ නෑ? එහෙමද?"
ඔහු ඇයට ඇති ප්‍රශ්න ලෙස දකින්නේ එහෙම ඒවා ය. අම්මාත් තාත්තාත් දුලාජ් සහ තාරුකාත් පමණක් නොව දැන් ඔහු...
හසිත් සුහර්ෂා නිවසේ ආලින්දයෙහි ඒ මේ අත ඇවිදින්නට වූයේ කල්පනාවෙනි. ආලින්දයේ එල්ලා ඇති මල් පෝච්චියක් කරා පියඹා ආ කොණ්ඩ කුරුල්ලාගේ තුඩග පොල් කෙන්දක් ඇති බව ඔහු දුටුවේය. හිස ඒ මේ අත හරවමින් වටපිට බැලූ කොණ්ඩ කුරුල්ලා මල් පෝච්චිය තුළට බැස ගත් අතර ඉන්පසු දර්ශනය වූයේ උගේ හිස පමණකි.
“කූඩුවක් හදනවා.”
හසිත්ට...
"ඔයා දන්නවද සත්සර කියන්නේ කවුද කියලා?"
සත්සර හමු වූයේ අද වුවත් දුලන්‍යා ඔහු ගැන බොහෝ දේ අසා තිබුණා ය. සඳරැස් සෑම මොහොතකම ඔහු ගැන කතා කළේ ආදරයෙනි. කාලයකට පසු තමන්ගේ තාලයට හරියටම ගැළපෙන මිතුරෙකු ලැබීමේ සතුට ඔහුට තිබිණ.
"පොඩි ඒජ් ගැප් එකක් තිබුණට මගෙ වයිබ් එකට මාර විදියට සෙට් වෙන කොල්ලා....
හසිත් ඔහුගේ කාර්යාලය දෙසට පිය නැගුවේ කල්පනාවෙන් බර සිතින් යුතුවය. උදෑසනින්ම ආයතනයේ මිදුල අමදින සේන තමාට සුබ උදෑසනක් පැතූ බව ඔහුට සිහිපත් වූයේ පියවර කිහිපයක් ඉදිරියට ගමන් කළ පසුවය. හසිත් නතර වී හැරී බැලුවේය. සේන තමා දෙස බලා සිටින අයුරු දුටු ඔහු ආපසු හැරී ඔහු වෙත පැමිණියේය.
“ගුඩ් මෝනින් සර්.”
සේන...
අපූර්වා උත්සව ශාලාවේ දොරෙන් ඇතුලු උනේ පුරුදු හිනාවෙන් සැරසිලාමයි. ඒ හිනාව නිසාම ඇගේ සුන්දරත්වය ඕනෑවටත් වඩා කැපිලා පෙනුනා.ඒ වෙනකොට ඇගේ මිතුරියන් හැම දෙනාම වගේ ඒ උපන්දින සාදයට ඇවිල්ලයි හිටියේ.
" හැපි බර්ත්ඩේ මීනූ "
අපූර්වා ඇය අරගෙන ආපු තෑග්ග මිතුරියට පිරිනමන ගමන් සුභ පැතුවා
" birthday girl වෙච්ච මට වඩා ඔයානෙ අනේ...
අම්මා සහ තාත්තා මේවනවිටත් කෑම මේසයට හිඳගෙන සිටින අයුරු ආරාධ්‍යා දුර සිටම දුටුවාය. ඔවුන් දෙදෙනා හිස් ළං කරගෙන පහත් හඬින් කතා බහක නිරතව සිටින්නේ හෙට දින යාමට සූදානමින් සිටින ගමන පිළිබඳව යයි ඇයට සිතිණ. මුද්‍රණ යන්ත්‍රයක් ගැනීමට ආයුෂ් සමග යන ගමනට අම්මාගෙන් කිසිසේත්ම විරෝධයක් එල්ල නොවන බව ඇගේ හැසිරීම්...
“පුතා, මට අයියවයි අක්කවයි ආපහු ඕනෑ. මං පනහත් පැන්න ගෑනියක්. ජීවිතේ තව කොච්චර කාලයක් තියද මං දන් නෑ. තාරකා දැන් අම්මෙක්. එයා මාව තේරුම් ගන්නවා. සඳරැස් මට කිට්ටු වෙන්න මට දුවගෙ උදව් ඕනෑ. මම සඳරැස්ව අත් ඇරිය එක ගැන දුලන්‍යා පුතා පවා කතා කරන්නේ හරිම අප්‍රසන්න හැඟීමෙන් කියලා මට...
ආරාධ්‍යා කුතුහලයෙන් යුතුව පියාගේ මුහුණ දෙස බලා සිටියාය. තාත්තා අසන්නට සැරසෙන කාරණාව කුමක්දැයි ඇයට අනුමානයෙන් හෝ සිතා ගත නොහැකි විය.
“ඇයි මේ බය වෙලා?”
ආරාධ්‍යාගේ මුහුණ දෙස බැලූ කවීන් සිනාසුනේය.
“නෑ තාත්තෙ... මං මේ කල්පනා කළේ...” යි ආරාධ්‍යා මුවට නැගි වදන් ගිල ගත්තාය.
“ඔයගොල්ලන්ට ප්‍රහ්නයක් වෙන දෙයක් මං කවදාවත් අහන්නෙ නෑ. ඔයා හෙට...
"මං හැමදාම කලු තාරාව වුණු කෙනෙක් අක්කා.ඇත්තටම ඔයාලව අම්මා මඟ ඇරපු තරමටම එයා මාවත් මඟ ඇරියා. සහස් වගේ කම්ප්ලීට් ළමයෙක් ළඟදි මං වගේ මෙලෝ රහක් නැති ළමයෙක් අම්මට මඟ ඇරෙන්න ඇති."
විහස් එහෙම කියන්නේ වේදනාවෙනි. නමුත් රිදීම් අතරින් පවා තාරුකාට කියන්නට දෙයක් තිබිණ.
"අම්මා ජීවිතේ හැමදේම අතරින් කමල් අංකල්ව තෝරා ගත්තා....
විහාරා, ආරාධ්‍යා පසුපස සිටගෙන සිටියේ වෙහෙසකාරී මුහුණින් යුතුවය. ආරාධ්‍යාගේ හදවත ඇවිලිණ. උදෑසන පිපුන මලක් මෙන් ප්‍රබෝධමත් මුහුණින් යුතුව නිවසින් පිටව ගිය විහාරාගේ මුහුණ දැන් දිස් වන්නේ පරව ගිය මලක් මෙනැයි ඇයට සිතිණ.
“නංගි...”
ආරාධ්‍යා, විහාරාගේ උරහිස මත අත තැබුවේ හද උපන් ශෝකයෙනි.
“මහන්සියි අක්කේ...”
විහාරා පැවසුවාය.
“කොහෙද අද ගියේ?”
“අහන්න එපා... අහන්න එපා... අහන්න එපා...”
විහාරා...