මීදුම් මාරුත

මීදුම් මාරුත by Nibandhika Wanninayake
"රෑට කන්න මොනවාහරි අරන් යංද කාව්‍යා.." සකුණ ගමනේ අර්ධයක් පසු කරද්දී ඇසුවේ දැඩි නිහඬතාවය බිඳින්නට ය.කාව්‍යා කියන්නේ කිරිල්ලක බඳු යුවතියකි.ඇයට කියවන්නටත් හිනැහෙන්නටත් ඕනෑතරම් කාරණා තිබිණ.නමුත් දැන් ඇය අවශ්‍ය දෙයක්වත් කතා නොකරන තරම් ය. "අම්මා උයලත් ඇති.." කාව්‍යා කියන්නේ සිහින් හඬකිනි.අද භාවනාගේ උපන්දිනයට මහන්සියෙන් සහ ආදරයෙන් අම්මා පිසූ ආහාර දෙස භාවනා ඇහැක් ඇර...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
සකුණ භාවනාගේ නිවසේ දොරට සන් කළේ අක්කා නගෝ දෙදෙනාම නැති බව දැනගෙන ය.අම්මාට පෙර පිටතට ආවේ ලියෝ ය.ලියෝ දෙඅත් ඔසවා සකුණගේ ඇඟ මතට ගොඩ වන්නේ සන්තෝසයෙන් දෑස් නටවන අතර ය.සකුණ ලියෝගේ හිස පිරිමදිමින් බරාඳයේ පුටුවක අසුන් ගත්තේ ය. "චූටි ගෙදර නෑ පුතේ.." මාලිකා පිටතට ආවේ එසේ කියමිනි.සකුණ එන්නට ඇත්තේ භාවනාගේ උපන්දිනය...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
නොනවත්වාම නාද වෙන දුරකථනය දෙස භාවනා බැලුවේ නොපහන් නෙතකිනි.උදාසීන ලීලාවකින් මුළුතැන්ගෙයට වී තේ කෝප්පය හිස් කරමින් සිටි ඇය එයට ඔහේ නාද වන්නට ඉඩ හැරියා ය.කාව්‍යා නංගි දෙස බැලුවේ නෙත් කොනකිනි.අම්මා සලාදයකට එළවළු කපමින් කාර්යබහුල ය. "ඔය කෝල් එක ගන්නෙ නැත්තෙ ඇයි ළමයො?" අම්මා අසන්නේ කලබලය අතරිනි. "ඔෆිස්සෙකෙන්.මල විකාර.." නංගි එසේ කීවද එහි...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා සිටියේ අනන්තාපරිමාණ තාරකා පිපුණු අහසට නෙත් අලවාගෙන ය.ඒ සෑම තරුවකටම කතාවක් ඇති බව ඇයට සිතේ.අහසේ වඩා දීප්තිමත් තරුව කාව්‍යා දෙස බලා සිටින වගක් ඇයට හැඟේ.මේ නපුරු ලෝකයෙන් මිදී ඒ තරු අතර සැඟව ගන්නට තිබුණානම් හොඳ බව සිතමින් සිටි කාව්‍යාගේ සිතුවිලි විසිර ගියේ ගේට්ටුව අසල සිටින කුඩා පිරිස දුටු...