මීදුම් මාරුත

මීදුම් මාරුත by Nibandhika Wanninayake
එතරම් වේගයකින් රිය ධාවනය කරන්නට තමාට හැකියාවක් ඇතැයි සකුණ සිහිනයකිනිදු සිතා තිබුණේ නැත.කාව්‍යා හිඳින්නේ අනතුරක බව සිතුණු ඔහු රිය ධාවනය කළේ වේගයෙනි.කාව්‍යාගේ නිවසට යන්නට ඔහුට එතරම් වෙලාවක් වැය නොවූයේ එනිසා ය. "කවී,දොර අරින්න.මං ආවා." සකුණ ගෙමිදුල පරීක්ෂා කරන අතර දැන්වී ය.මිදුලේ අඩි සලකුණු කිහිපයකි.නමුත් සුළු ඉඩක් ඇති ගෙඋයනේ කිසිවෙකු නොසිටියේ ය. "කාව්‍යා..මං...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
ජීවිත ගමන එක්ව යන්නට අත අත නෑර අල්ලා ගත යුත්තේ සමාන හැඟීම් සහ සිහින ඇති කෙනෙකු වග සකුණ නොදැන සිටියා නොවේ.නමුත් භාවනා එකම සිතුවිල්ලකින්වත් ඔහුට නොගැළපෙන බව සකුණට වැටහෙමින් තිබිණ.ඈ හිඳින ලෝකය තමන්ගේ ලෝකයට එපිටින් ඇති බව වැටහෙද්දී විවාහය ගැන සකුණට ඇති වූයේ තිගැස්මකි. "අම්ම අපේ මැරේජ් එක ඉක්මන් කරන්නෙ...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"කාව්‍යා අකමැති නම් දැන්ම එයාට මැරි කරන්නයි අරවටයි මේවටයි බල කරන එකෙන් වෙන්නෙ එයා තව අවුල් වෙන එක.." සකුණ මිතුරෙකු වූ කලන සමඟ පැවසුවේ භාවනා ගෙන ආ මංගල යෝජනාවක් නිසා කාව්‍යා හිඳින්නේ වේදනාවෙන් බව මාලිකාගෙන් දැන ගත් පසුව ය. "අනිත් එක කාව්‍යා හොඳ රස්සාවක් තියන කෙල්ලෙක්නෙ.ජීවිත කාලෙම තනියම ඉන්නවනම් ඒකත් බැරි...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා වඩවඩාත් ඇය තුළ ගිලෙන්නට පටන් ගත්තේ තනිකම මිස වෙන ඔසුවක් තමාට නැතැයි සිතමිනි.කිකිණි සිනා විසිරවන්නට තැනක් නොතැනක් නොවූ ඈ සිනාව ඈ තුළම සිර කර ගත්තා ය.නවතම විලාසිතා ගැන විශාල උනන්දුවක් තිබූ ඇය ක්‍රමයෙන් අතට අසුවන ඇඳුමක් හඳින්නියක බවට පත් වූවා ය.කාලයකින් සැකසීමට අමතකව ගිය හිස කෙස් ද අපිළිවෙලට...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
හදිසියේ විවාහය ගැන භාවනාගේ අම්මා උනන්දු වීම සම්බන්ධයෙන් සකුණට වූයේ කුකුසකි;තිගැස්මකි.විවාහය කියන්නේ ලෙහෙසි පහසු බැඳීමකට නොවන බව ඔහු දනියි.වඩාත්ම පුදුමය වන්නේ එවගක් දැන දැනම භාවනා විවාහයට එකඟ වීම ය. "ජීවිතයේ සුන්දරතම සිහිනයට සැරසෙමි." භාවනා ඇගේත් සකුණගේත් සෙල්ෆි ඡායාරූපයක් ෆේස්බුක් අවකාශයට මුදාහැර තිබුණේ එවැනි සටහනක් සහිතව ය.සුබ පැතුම් වැසි වසිමින් තිබිණ. "වෙඩින් එක...
"සේරම කලබල අස්සේ කෞෂිත් මැරි කරනව." කාර්යාලීය හිතවතියක එසේ කියද්දී කාව්‍යා පුදුමයෙන් නෙතු අයා ගත්තා ය.නංගිගේ විවාහය ගැන දුලාරි ගැන කතාබහ කරමින් සිටියදී කෞෂිගේ විවාහය ගැනද දැන ගන්නට ලැබීම ඇයට පුදුමයක් විය. "අපි දන්නෙත් නෑනෙ.." දුලාරි කියන්නේ පුදුමයෙනි.නමුත් එහි පුදුමයකට කාරණාවක් ද නොවේ.අතීතයේ නෑ හිත මිතුරන් සිය ගණනක් හා එක්ව කළ...
"පුතේ,මට ටිකක් කතා කරන්න ඕන..ඇවිත් යනවද?" මාලිකාගේ ඉල්ලීම මත සන්ධ්‍යාවක සකුණ කාව්‍යාගේ නිවසට පැමිණියේ ය.කාව්‍යාගේ රෝගී තත්ත්වය ගැන හෝ ඇගේ ඉදිරි අනාගතය ගැන මාලිකාට පවසන්නට දේ ඇතැයි සකුණට සිතිණ. "මං පුතා එක්ක මේ ගැන ටිකක් නිදහසේ කතා කරන්නමයි හිටියෙ.." මාලිකා පැවසුවේ සකුණට කිරි කෝපි කෝප්පයක් පිළි ගන්වන අතර ය.සකුණ නැන්දණිය දෙස බැලුවේ...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
සෙනුරගේ අම්මාත් තාත්තාත් කාව්‍යා දකින්නට ආවේ සෙනුරගේ වියෝවට අට මසක් ගෙවෙන දිනකදී ය.සන්සුන්ව ගලා යමින් තිබූ ජීවිත අතර කාව්‍යා පැමිණීම සෙනුරගේ අම්මාට එකල්හි ඉතා සන්තෝසජනක කාරණාවක් විණි.කාව්‍යා තරම් සෙනුරට ගැළපෙන යුවතියක නැතැයි ඇය අනේක වාරයක් උදම් ඇනුවේ එනිසා ය.දිගුකාලීන ප්‍රේම කතාවකට පසු කාව්‍යා සෙනුරගේ මනාලිය වූ දා සෙනුරගේ අම්මා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
තනි වූ ගැහැනියකගේ ඇස අග කඳුළු ඇති බවත් ඒවා සීතල බවත් වටහා ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නොවේ.ඒ කඳුළු තමන්ගේ අභිමතයන් පහසුවෙන් ඉටු කරගන්නට පාරු පැදිය හැකි ගඟක්ව ගලන තුරු බලා සිටිනා වුන් ද අනන්ත ය.රූමත්කම පහව නොගිය වැන්දඹු තරුණිය කාර්යාලයේ දී රාජකාරි කරනවාට වඩා කල්පනා ලෝකයේ සැරිසරන බව වටහා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"දැන් මාස කීයක්ද? අක්කා රිකවර් වෙන්න ඕන දැන්.එයා පොඩ්ඩක්වත් ශක්තිමත් නෑ.ඒකයි මෙතන තියන අවුල.." භාවනා එසේ කියද්දී මාලිකා ඈ දෙස බැලුවේ ශෝකය සහ කෝපය අතරමැද තැනක තබමිනි. "ඔයාලා ඉස්කෝලෙත් ගිහිං ඉවර කාලේ තාත්තා නැති වුණේ.අනිත් එක ඒකත් කැන්සර් එකකින්.මම හොඳටම දැනගෙන හිටියා තාත්තා නැති වෙනවා කියලා.ඒත් මට තාමත් තාත්තා මතක් නොවෙන...