බිම්මල්

මෙහි රැගෙන පැමිණ තිබූ ඇඳුම් අතරින් ඉදිරිපස රතු පැහැති මල් එම්බ්‍රොයිඩර් කර තිබූ සුදු  කුර්තාව මා තෝරා ගත්තේ එම ඇඳුම මගේප්‍රියතම ඇඳුමක් වූ හෙයිනි. රෝහලට ගෙන යායුතු ඇඳුම් තෝරා ගනිද්දී වජිරා සූදානම් කළ ඇඳුම් අතරට මා එය ද එක් කළේ යළිත් කිසිදිනෙක එය අඳින්නට අවස්ථාවක් උදා වෙතැයි කිසිදු බලාපොරොත්තුවක්...
කෙනෙකුගේ ජීවිතය යනු මෙතරම් ආශ්චර්යජනක සිදුවීම් වලින් පිරුණුදෙයක් දැයි මම කල්පනා කරමි. ජීවිතයට එළඹෙන දුක් කම්කටොලු හා බාධා ඇතුළත අපූර්වත්වයෙන් පිරී ගිය  සිදුවීම් රැසක් ඇති  බව බොහෝ දෙනෙකු නොදැන සිටියි. මම ද කලක් එසේ සිතුවෙමි. දුක හා කඳුලට උරුමකම් කියමින් ඒ හා බද්ධ වී සිට ජීවිතයෙන් නික්ම යාම නොව...
Bimmal
ජ්‍යෝති විසින් තල්ලු කරගෙන පැමිණි රෝද පුටුව කුඩා ශාලාව තුළට ඇතුලු වන විටම මල් වෙඩිල්ලක් පුපුරා ගියේ මා තිගැස්මට ලක් කරමිනි. මට මගේ දෙනෙත් අදහා ගත නොහැකි විය. ශාලාව තුළ හිඳගෙන සිටින්නන් කවරෙක්දැයි හඳුනා ගැනීමටත් පෙරම රෝස මල් කළඹක් රැගෙන මා ඉදිරියට පැමිණියේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං ය. මගේ හදවත...
Bimmal
ක්‍රම ක්‍රමයෙන් සුවය ලබමින් මම ජීවිතය උගනිමින් සිටිමි. ජීවිතය බොහෝ සුන්දර බවත්, ධනාත්මක සිතිවිලි කෙනෙකුගේ ජීවිතය පිච්ච මල් මාලාවක් මෙන් හැඩ කරන බවත්, සුවඳවත් කරන බවත් වෛද්‍ය කුෂ්වාන්ත් සිංගෙන් සහ වෛද්‍ය පීහු ෂර්මාගෙන් මම උගනිමින් සිටිමි. මෙවන් සතුටක් සහ සැනසීමක් මගේ මුලු ජීවිත කාලය පුරාම මා අත් විඳ නැතැයි...
Bimmal
වෛද්‍ය කුෂ්වාන්ත් සිං මට කෘතිම ශ්වසනය ලබා නොදෙන බවත්, ඔහු මගේ මුවට උඩින් පහත් වී කිසිවක් සෙමෙන් පවසන බවත් මගේ යහන අසළට පාවෙමින් ගිය මම දුටුවෙමි. ඔහු බොහෝ සෙමෙන් පවසන වදන් කිසිවක් මට නොඇසිණ. ඇතැම් විට එය ඔවුන්ගේ අදහන ආගම අනුව මරණාසන්න රෝගියකු වෙනුවෙන් ගායනා කරන්නක් විය යුතුය. මම...
Bimmal
මගේ ගතට ඉමහත් සැහැල්ලුවක් දැනෙමින් තිබිණ. පුලුන් පෙඳක් සේ සිතෙන දිශාවකට පා වී යන්නට තරම් ඒ සැහැල්ලුව බලවත්ය. ඇතැම්විට වෛද්‍යවරුන් විසින් මට ලබා දෙන නිද්‍රා ජනක ඖෂධ නිසා මා දීර්ඝ නිද්‍රාවකට පත් වන්නට ඇතත් යටි සිත නිද්‍රාවකට පත් නොවී අවදිව සිටින්නට ඇත. මුහුදෙහි රළ නැගෙන්නාක් මෙන් එකක් පසුපස එකක්...
Bimmal
කිසිවකු මගේ උරහිසින් අල්ලා සොලවනු දැනුනෙන් මම දෑස් හැරියෙමි. ජ්‍යෝතිගේ දෑස මා ඉදිරියෙහි පෙනි පෙනීත් මට දැනුන බිය කිසිසේත්ම පහ නොවීය. යහන මත හිඳගත් මම කෑගසා හැඬුවෙමි.  “ඇයි එහෙම කළේ?” යි මම යළි කෑගැසුවෙමි.  ජ්‍යෝති මා ඇගේ ලයට තුරුලු කරගත්තාය. “මැඩම්... මැඩම් හීනයක් දැකලා.” ඇය තරයේ පැවසුවාය. මට එය කිසිසේත්ම විශ්වාස කළ නොහැකි...
දහස් පෙතියා මල් යාය මැදින් ඇවිද යද්දී මට දැනුනේ මා වෙනස්ම ලොවකට පිවිසී ඇති සෙයකි. ජාන්සි යන නමේ අකුරු වල හැඩයන්ට සකස් කර තිබූ මල් පාත්ති වල මැදින් ඇති වතුර මල් වලින් විසිරෙන ජල බිංදු මත සැන්දෑ හිරු රැස් පතිත වෙද්දී දිස් වන අලංකාරය මම දෙනෙත් පුරා විඳ ගත්තෙමි....
අම්මා වෙහෙසට පත් ලෙසින් පුටුව යහන වෙතට ළං කරගෙන හිඳ ගත්තාය. ඇය කුමක් පවසන්නට සැරසෙන්නේද යන්න මට සිතා ගත නොහැකි විය. අම්මා වසරේ විශිෂ්ඨතම ව්‍යවසායිකාව වශයෙන් සම්මානයට පාත්‍ර වීමට නියමිතව තිබූ බව අපහසුවෙන් සහ වේදනාවෙන් ගෙවී ගිය පසු ගිය කාලය තුළ මට අමතකව තිබිණ. ඇතැම් විට සම්මාන උළෙල පවත්වන්නට...
Bimmal
හේෂාන් සහ අරුණෝදි නික්ම ගියේ රිදුනු සිතින් යුතුව වන්නට ඇතත් මම කඳුලකුදු නොසලා සියල්ල දරා සිටියෙමි. පිටතින් සන්සුන්ව සිටියද, මගේ හදවත වේදනාවෙන් රිදුම් දෙමින් තිබිණ. පිටත්ව යාමට පෙර නැවත කාමරයට පැමිණි හේෂාන්ගේ දෙනෙත් රතු වී තිබුනේ ඔහු ඉවතට ගොස් කාටත් රහසේ හඬන්නට ඇති බැවින් විය යුතුය. අප ආදරයෙන් බැඳුනු...