සඳ කත් මිණි ඇස්

එක උදයක චාන්දනී ලස්සනට හැඳ පැළඳ ගෙන සිය මිතුරිය ඉන්ද්‍රාණි සොයා ගියා ය. සමීප හිතවතියන් වශයෙන් ඔවුන් දෙදෙනා උනුන් ගැන නො දන්නා දෙයක් නැත. ඉන්ද්‍රාණි ඒ දින වල කොතෙක් කීව ද චාන්දනී සිය පුතු වෙනුවෙන් මංගල යෝජනා සොයා ඇවිදින්නට නැමති වූයේ නැත. "මං හොයල හරි යන්නෙ නෑනෙ ඉන්ද්‍රා. එයා හොයා...
රෝගය සුව වී ගෙදර ගියත් චාන්දනී ගේ හිත සුවපත් ව තිබුණේ නැත. ඇය ඇසුරු කළ වපසරිය තුළ සූර්යා වාගේ ගැහැනු චරිතයක් හමු වී නො තිබිණි. දුක් විඳිනා ගැහැනුන්, අසරණ ගැහැනුන්, සැමියා වෙනත් සම්බන්ධකම් වල පැටළුණ ගැහැනුන්, ස්වාමි පුරුෂයන් හිරේ විලංගුවේ වැටුණ ගැහැනුන්, පුරුෂයන් නිසා ගෘහස්ථ හිංසනයට ලක් වූ ගැහැනුන්...
sanda kath mini as
සූර්යා ගිලන් කුටියට එන විට චනේදනී සිටියේ නෙතු පියා ගෙන ය. එය තද නින්දක් නොවේ. කවුරුන් හෝ කාමරයට එන බවක් ඇයට නො දැනුණා ත් නොවේ. ඒ ආලෝක වන්නට ඇතැයි, නින්දත් නො නින්දත් අතරේ නෙතු පියා උන් ඒ සුව නිමේශයේ චාන්දනී තීරණය කළා ය. ඇය ට තිබුණේ ඒ සුවයෙන් මිදෙන්නට...
sanda kath mini as
පුද්ගලික රෝහලක සුවපහසු යහනාවක් සහිත සුඛෝපභෝගී කාමරයක නේවාසික වී ප්‍රතිකාර ලැබුවාට චාන්දනී ගේ හිතේ කිසිදු සුව පහසුවක් වූයේ නැත. ප්‍රවීන් ඇගේ හිත ගිනි තියා තිබුණේ ය. ආලෝක ජර්මනියේ ප්‍රදර්ශනයට ගියේ සූර්යා සමගින් ය යන පුවතත්, ඔවුන් එතැනින් ප්‍රංශයේ සංචාරයකට ගිය බවත් ප්‍රවීන් චාන්දනී ට කීවේ ඔහු ළඟ කොහොමටත් ඇති...
sanda kath mini as
දිව්‍ය විමානයක් සේ විදුලි එළියෙන් ආලෝකවත් වී ඇති බර්ලින් නුවර දෙස බලමින් සූර්යා කාමරයෙහි සක්මන් කළා ය. ඇගේ සිත් හි සියුම් පසුතැවීමක් විය. ප්‍රවීන් ට කම්මුල් පහරක් දෙන්නට තරම් ඉක්මන් නොවී ඉන්නට තිබිණි! ඔහු ගේ හැටියට කම්මුල් පහරක් නොතරම් ය. ඊට වඩා විසල් වූ දඬුවමක් ලැබිය යුතු ය. ඔහු ඒ...
sanda kath mini as
සඳ කිනිත්තක් පායා විත් තිබිණි. සඳැල්ලෙහි තිබූ යුගල අසුනේ හිඳ, සූර්යා ආලෝක ගේ උර මඬලෙහි හිස හොවා සිටියා ය. ඔවුන් ගේ අතිනත් තදින් පැටැලී තිබිණි. සූර්යා සන්සුන් ව හුස්ම ගත්තා ය. ආදරය තිබේ නම් සියල්ල ඇරඹෙන්නේත් අවසාන වන්නේත් එතැනිනි. "මං බය වුණා නටාෂා කෝල් කළහම...ඔයා කොහේ යයිද කියල" ආලෝක සිය ඇත්ත...
sanda kath mini as
සූර්යා රාත්‍රී ආහාරය පිළිගැන්වූයේ සඳැල්ලෙහි කුඩා මේසයක් තබා එතැන ය. නියොන් එළි දැල්වුණ නුගේගොඩ නගරය සාමකාමී බවට පත් වෙමින් තිබිණ. දහවල ගිනි ගත් හුළඟ පවා සෞම්‍ය සිහිලැල් බවකට අරාඳිමින් තිබිණ. තවමත් ඒ තරම් ප්‍රබල ව තරු බබළන්නට පටන් ගෙන නැත. පොළෝ තලයේ කෘතිම එළි නිසා තරු වල කාන්තිය ඒ තරමට...
sanda kath mini as
තේ පාණයක් සඳහා ප්‍රවීන් සූර්යා ට ඇරයුම් කොට සිටියේ ය. ඒ ඇරයුම ප්‍රතික්ෂේප කොට සතුරෙකු සාදා ගැනීම අනුවණ කමක් බව ඇය ට හැඟිණි. අනිත් අතට දැන් ඈ පොඩි ළමයෙකු නොවේ. ලෝකය පුරා කරක් ගසා, මානව වර්ගයාට හිමි පොදු හා දුර්වල ලක්ෂණ ගැන මනා අවබෝධයක් ලබා හිඳිනා පරිනත ගැහැනියකි. ඔහුත්...
sanda kath mini as
නටාෂා යනු ඉහළ මධ්‍යම පන්තිය නියෝජනය කරන පවුලකින් පැවත ආ තරුණියකි. ඇය ගේ මව බර්ගර් පරපුරක කාන්තාවක වූ අතර, සූර්යා ගේ දුර ඥාතියා වූයේ ඇගේ පියා ය. කොළඹ කන්‍යාරාමයක උගත් නටාෂා පාසල් ජීවිතයෙන් සමු ගත් පසු ඩග්ලස් ගෝමස් සමගින් විවාහ වූවා ය. ඊට පෙර ඇය තරුණයන් දෙතුන් දෙනෙකු ම ඇසුරු...
sanda kath mini as
ආලෝක එත්දැයි සූර්යා බලා සිටියා ය. ඔහු ගේ දවස දිග බව ඇය දැන සිටියා ය. කාර්යාල කටයුතු වලින් පස්සේ ඔහු ව්‍යාපාරික සගයන් හමු වෙන බව ද දැන් ඇය දනී. ඒ නිසා ළද බොළඳ පෙම්වතියක සේ ඔහු ට නිතර දෙවේලේ දුරකතන ඇමතුම් දෙන්නට ඕ නො පෙළඹුණා ය. රෑ කෑමට එන්න යයි...