Tag: නිම් නැති නිම්නය
සැත්කම නිම වීමෙන් පස්සේ කාශ්‍යප ට සෞභාග්‍යා ව බලා ගන්නට සිදු වූයේ බබෙකු වාගේ ය. ඇයට සියල්ල ඔහු අතට පයට සිදු කොට දිය යුතු විය. ඕ දෙපයට බර දී ඇවිද්දේ වුව නැති තරම ය. සිය සැත්කම කාශ්‍යප ගේ වරදකින් සිදු වූවක් සේ ය ඇතැම් විට ඇය හැසිරුණේ. ඇය ඉන්නා...
උසාවි භූමිය මීයට පිම්බා සේ නිහඬ ව තිබිණ. නමුත් ආරාධනා ගේ හදවත මැද දෙබරක් ඇවිස්සුණා වන් කලබලකාරී බවක් විය. ආසන පෙළෙහි ඇය දෙපසින් මධුරි හා රාජිකා මැණිකේ යන මව්වරු දෙදෙන ද ඔවුන් ට දෙපසින් සේනාසිංහ හා ගජධීර යන පියවරු දෙදෙන ද අසුන් ගෙන සිටියහ. ශාලාවේ පිටුපස සෙනග අතරේ කවීශ්වර...
කාශ්‍යප වැතිර සිටියේ ගිනි ගත් යහනක ය. කවීශ්වර ගේ දුරකතන ඇමතුම පැමිණෙත්දී "මල්ලි" කියමින් ඔහු යහනෙන් බැස්සේ සෞභාග්‍යා ට ඒ බව දැනුම් දීමක් වශයෙනි. ඇය යටැසින් බැලුවා ය. දුරකතන ඇමතුමෙන් පසු ඔහු ඇවිත් වැතිර ගත්දී බඩ පපුව දැවෙමින්, වරදකාර හැඟීමක් ද පසු තැවීමක් ද බුර බුරා නැගෙන්නට විය.
"ඇයි..."
ඒ තනි...
හීන් නිළි වැස්සක් වැටෙනා හඬ ඇසෙමින් තිබිණ. ඒ අතරින් ආරාධනා ගේ කාමරය දෙසින් නැන්දම්මා හා ලේලිය රහස් ස්වරයෙන් කතා කරන හඬ ද සිනහ වෙන හඬ ද ඇසුණේ ය. තාත්තා ඇස් පියාන නින්දකට අවතීර්ණ වීමට සූදානම් වනු දැක, කවීශ්වර ජංගම දුරකතනය ද ගෙන කාමරයෙන් පිට වූයේ ය.
ප්‍රධාන දෙපලු දොර විවර...
ආරාධනා ඉකි ලමින් හැඬුවා ය. ඇගේ ඇස් වලින් ඇද හැළුණ කඳුළු, මුරුගසං වැස්සකට සම කළ හැකි ය. ඒ කඳුඵ වල එපමණට සන්තාපයක් විය. සංවේගයක් විය. සංවේදනයක් විය. කාශ්‍යප සැනසුම් පාය හැර ගිය දිනයේ සිට වරින් වර ඇද හැළුණු වල මුළු පරිමාවවත් දැන් මේ මොහොතේ වට කඳුළු වලට සම කළ...
ආරාධනා කෑම මේසය සූදානම් කළේ කවීශ්වර බිඟු ට පීසා ගන්න ගියා කී වෙලාවේ ය. වෙනදාට ඇය එසේ කරන්නේ රිය ගෙමිදුලට හැරවෙත්දී කුස්සියට දිව ගොස් ය. කල් ඇතිව මේසයට කෑම යවා තිබුණොත් සීතල වෙන නිසා, මේසයට ඉඳ ගන්න ඔන්න මෙන්න තිබියදී ඇය එසේ කරන්නී ය. කවීශ්වර ට ආපසු සාප්පුවට යන්නට...
දරුවෙකු බිහි කළ අලුත ස්ත්‍රියක සැලකිය යුතු තරම් කායික මානසික විචල්‍යතා පෙළකට ගොදුරු වේ. ඒවා, හෝමනමය වෙනස්කම් වල සිට සංකීර්ණ මනෝ භාවයන් දක්වා විහිද යන්නේ ය. ඉන් සාර්ථක ලෙස ගොඩ ඒමට නම් පවුලේ අයගේ හා සමීප ව අසුරු කරන්නන් ගේ වටහා ගැනීම ද සහයෝගය ද අත්‍යවශ්‍ය වන්නේ ය.
එහෙව් තත්වයක්...
අලාම් එකේ හඬින් ආරාධනා අවදි වන විටත් බිනර වැස්ස සිරි සිරි ගා ඇද හැලෙමින් තිබිණ. ඇය ඒ දුක් ගීතයක් වන් වැසි නද ට කන් දී ගෙන තවත් මොහොතක් ඇස් පියා ගෙන සිටියා ය. නමුත් යළි නින්දකට එළඹෙන්නට එක තත්පයරයක පමාවක් ඇති ය. ඇය වහා යහනෙන් නැගී සිටියා ය. එතකොට...
දික්කසාදය සඳහා සිතාසි අත පත් මොහොතේ කාශ්‍යප ගේ ආත්මය දෙදරා, පුපුරා, කැබලි වී, සුණු විසුණු වී, අළු දුහුවිලි වී ගියේ ය. එය වූ කලී බෝ වෙලාවක් කම්පන තරංග වල තීව්‍රතාව පහ ව නො ගිය විදාරණයකි. දික්කසාදය! එය මුහුණ දීමට ඒ තරම් අසීරු සිදුවීමක් වෙතැයි විවාහය හැර ආ ගමනේ දී...
සඳයුරු නින්දට වැටිණ. ඔහු ව සුව පහසු ලෙස යහනේ සතපවා, සුදු මුදු පුළුන් කොට්ට වලින් වට කොට, ආරාධනා ඒ මොළකැටි මුහුණට එබී ගෙන සිටියා ය. බිළිඳෙකු කියන්නේ සිහින පොදියකි. ඔහු රත් දෙතොල් පොපියමින් සිනහවකට අරඇන්දේ ය. සුරංගනාවක ඔහු ට ආදරේ ගැන කතාවක් කියන්නට ඇත. මේ ළපටි මුහුණු දෙක දෙස...