Tag: මීදුම් මාරුත

මීදුම් මාරුත by Nibandhika Wanninayake
සකුණ නිවසට ගියේ කෝපයෙනි.ඔහු මෝටර් රථය නවතා බිමට බසිද්දීම භාවනා නිවස තුළින් පිටතට ආවා ය.ගින්නක් ඇවිලිය හැකි බවත් ඒ ගින්න ඇවිලවූ භාවනා දෙස බලමින් සකුණ සිතී ය. "යන්නං.." භාවනා සකුණට පැවසුවේ සරදම් හඬකිනි. "තෑන්ක් යූ." සකුණ පැහැදිලි හඬකින් ඇයට සමු දුන්නේ ය.මේ අවස්ථාවාදී තරුණිය සමඟ වාද කරනවාට වඩා එය පහසුවකි.ඔහු ඇය යන දෙස...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"අම්ම එහෙම කිව්වට ඔයා අක්කට කතා කරන්නකො.කෝල් එකක් දීල බලන්න හෙමින්.." භාවනා එසේ කීවේ භාතිය තමන් ප්‍රතික්ෂේප වූ ආකාරය කියද්දී ය.අක්කා ගැන කියමින් අම්මා කඳුළු හැලූ වාර අපමණ ය.භාවනා සිතා සිටියේ ඈ කාට හෝ කරකාර බන්දා දීම අම්මාගේ නොමඳ සැනසීම බව ය.නමුත් අම්මා මනමාලයාට දෝස්මුර තබා පන්නාගෙන ය. "කෙල්ලෙක් ටෝක් කරගන්න...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"හෙලෝ ආන්ටි..කොහොමද?" දොරකඩ සිටියේ භාතිය ය.ඔහුගේ පැමිණීම ගැන කාව්‍යාගේ අම්මාට ඇති වූයේ කෝපයකි.භාවනාගේ මිතුරෙකු වුවත් ඔහු මෙහි පැමිණීම ඇයට නුරුස්නා හැඟීමක් ගෙන ආයේ ය. "භාවනා ගෙදර නෑනෙ." දරුවන්ගේ මිතුරන්ට කටපුරා දුව පුතා කියන අම්මා භාතිය ඇමතූයේ ආමන්ත්‍රණයක් රහිතව ය.භාතිය ඇගේ අවසරයකින් තොරවම බරාඳයේ අසුන් ගත්තේ ය. "මං ආවේ ආන්ටිව මුණ ගැහෙන්න.." ඔහු එසේ කියා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
මාලිකාගේ කල්පනාවට බාධා වූයේ දොර සීනුව වැදෙන හඬ ය.සකුණ හිනැහෙමින් දොරකඩ හුන්නේ ය.ඔහු හදිසියේ දැකීමම හදවතට සහනයක් වීම ගැන සිතමින් මාලිකා ඔහුව පිළි ගත්තා ය. "අම්මා තාම උදේට උයල නෑ නේද? මං මොනවහරි ගේන්නම්.." සකුණ අසයි.මාලිකා ඔහු දෙස බැලුවේ සෙනෙහසිනි.සෙනුර ද තමන් ගැන ඒ තරමට විමසිලිමත් වූ අන්දම ඇයට මතක ය. "මං...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා රැකියාවෙන් දීර්ඝ නිවාඩුවක් ගත් නිසා උදෑසනම අවදි නොවන්නී ය.ඇයට විශාදය වෙනුවෙන් ලැබෙන ඖෂධ කාව්‍යාව තද නින්දක ගිල්වන නිසා මාලිකා කරන්නේ දියණියට රිසි පරිදි නිදන්නට ඉඩ හැරීම ය.කාව්‍යාව ඕනෑවට වඩා හුරතල් කරන අම්මා සමඟ අමනාපව භාවනා නිවස අතැර යාම ගැන මාලිකාට වේදනාවක් නැතිවා නොවේ.නමුත් යමක් තේරුම් කරන්නට අසීරු භාවනා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා සිහිනයක් දුටුවා ය. ඇය දිගු මාවතක් ඔස්සේ ඇවිදිමින් සිටියා ය.එය මලින් බර වූ උද්‍යාන මාවතකි.කවරදාකවත් නොදැනුණු සැහැල්ලුවක් ද සැනසීමක් ද දැනෙද්දී ඇයට ඉහළින් නීල අහස හිරු බබළවමින් තැබුවේ ය.නමුත්, එක්තරා මොහොතක මීදුම මාරුතයක්ව ඈ වෙළා ගත් අතර ඇයට දරා ගත නොහැකි සීතලක් දැනෙන්නට විය.නමුත් කාව්‍යා ආපසු හැරෙන්නට නොසිතුවා ය.සෙනුර...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?" උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත් සකුණ විශ්ව විද්‍යාලයේ උගත් කාලයේ ප්‍රේමයක් හන්දා බොහෝ දුක් ගත් ආකාරය ඇය සිහි කළා ය. "තියෙන වැඩ ගොඩ එක්ක ඔයාට කෝල් එකක් දෙන්න තියෙන්නෙ පොඩි වෙලාවයි.ඒ වෙලාවත් දැන් සකුණයව නළවන්න වෙලා." එදවස සෙනුර...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"දඟම කාලේ නේද උදාරා දැන්.." මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ හුරතලය මොහොතක් වින්දා ය. "රසිකගෙ උදව් තියන හින්දා හොඳයි කවී..අනේ ඇත්තටම එයා ගෙදර ඉන්නවනම් කෙල්ලට මං ඕනත් නෑ.." යෝජනාවකින් විවාහ වන්නට වූ පසු උදාරා තමන් ඇතුළු පාසල් මිතුරන් සියල්ල හැර දැමූ අන්දම කාව්‍යාට...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"එතන ලෙඩ බලන්න දුවන්න කලින් ඔයා කියන්න මොකක්ද මේ වෙඩින් එක පරක්කු කරන කතාව?" භාවනගේ හඬ සකුණට ඇසුණේ ආවේගශීලිව ය. "අපි මේක ටිකක් පරක්කු කරමු භාවනා.මං කියන්නෙ කල් දාමු කියලනෙ.නොකර ඉමු කියල නෙවෙයි.." සකුණගේ සන්සුන් කටහඬ දරන්නට තරම් භාවනා සෞම්‍ය නොවී ය.ඇය ඔහු දෙස ගිනි පුපුරු විසි කරමින් බලා සිටියා ය. "මට පරක්කු...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"සකුණ කියනව පුතේ වෙඩින් එක ටිකක් පරක්කු කරමු කියල." මාලිකා ළතැවිල්ලේ එසේ පැවසුවේ කාව්‍යාට ය.ඇය ඒ අසා තිගැස්සුණා ය.හදිසියේ නංගිගේ විවාහය කල් දමන්නට හේතුවක් ඇයට සිතා ගන්නට නොහැක. "ඇයි අම්මේ ඒ." ඇය ඇසුවේ කුහුලෙනි.සකුණ එවගක් තමන්ට නිකමටවත් නොපැවසූ බව ද කාව්‍යා සිහි කළා ය. "මන්දා පුතේ.සකුණගේ අම්මා කේන්දර බලලත් තිබ්බ.ඒවගෙත් කිසිම ගැලපීමක් නෑ...