මීදුම් මාරුත -20

කාව්‍යා සිහිනයක් දුටුවා ය.

ඇය දිගු මාවතක් ඔස්සේ ඇවිදිමින් සිටියා ය.එය මලින් බර වූ උද්‍යාන මාවතකි.කවරදාකවත් නොදැනුණු සැහැල්ලුවක් ද සැනසීමක් ද දැනෙද්දී ඇයට ඉහළින් නීල අහස හිරු බබළවමින් තැබුවේ ය.නමුත්, එක්තරා මොහොතක මීදුම මාරුතයක්ව ඈ වෙළා ගත් අතර ඇයට දරා ගත නොහැකි සීතලක් දැනෙන්නට විය.නමුත් කාව්‍යා ආපසු හැරෙන්නට නොසිතුවා ය.සෙනුර මේ මාවත කෙළවර තැනක ඇති බව ඇයට දැනෙන්නට විණ.ඈ කටුක සීතල අතරින් ඉදිරියට පිය මැන්නා ය.අම්මා කුඩා කාලයේ කියා දුන් රුසියානු සුරංගනා කතාවක හිඳින නම අමතක කුමරියක මෙන් ඈ ඉදිරියට පිය මැන්නා ය.

සෙනුර, ඔහු සැබෑවටම ඒ මාවතේ බලා සිටියේ ය.මීදුම් අතරින් ඔහුගේ සිනාව පෙරී ආයේ ය.මේ සිහිනයක්දැයි නොදැන කාව්‍යා ඔහු ඇමතී ය.

“මගේ අතින් අල්ලා ගන්න සෙනූ.මට පාලුයි..”

එහෙත් සෙනුර ජීවිතයේ ප්‍රථම වතාවට ඒ ඉල්ලීම නැසුණා සේ හුන්නේ ය.සීතල බවත් අතින් අල්ලා තුරුළට ගෙන උණුසුම ලබා දෙන ලෙසත් කාව්‍යා කරන සෑම ඉල්ලීමටම මඳහසක් දුන් ඔහු ඈ දෙස බලා සිටියේ ය.

“ආපහු හැරෙන්න මැණිකේ.මේ පාරේ එන්න එපා.”

ඔහු එසේ කියද්දී කාව්‍යා මුරණ්ඩු වූවා ය.

“බෑ මට තනියි..”

නමුත් සෙනුර දෑත් විදා ඈ පිළි නොගත්තේ ය.

“මටත් තනියි.ඔයා ආපහු හැරුණේ නැත්නම් මටත් මේ තනිකමට පුරුදු වෙන්න වෙයි.ආපහු හැරෙන්න.ඔයා හැරුණොත් මටත් ආවැකි..හැරෙන්න..”

ඔහු අයැදුවේ ය.කාව්‍යා අන්දමන්ද වූවා ය.

“මට තනියම ඉන්න බෑ..”

තනිකම නින්දේ සිහින අතර පවා දැනෙද්දී ඇය සිහිනයෙන් හඬන්නට වූවා ය.ඇය හාත්පස විමසිලිමත්ව බලන්නේ නම් ඈ තනි නැතිබව වටහා ගන්නට අසීරු නැතැයි කී සෙනුර මීදුම් මාරුතයේ සැඟවී ගියේ ය.කාව්‍යාට ඔහුට අමතන්නට සිතිණ.තමන්ට නොනවත්වා හැඬෙන බව දැනිණ. මේ සිහිනයක් බව නින්දෙන්ම වටහා ගත් ඇයට අවදි වන්නට ඕනෑ විණ.ඒ සියළු හැඟීම් අතර ඇගේ දුරකථනය නාද වන හඬක් ඇයට ඈතින් ඇසිණ.

කාව්‍යා මීදුමෙන් වැසී ගත් සිහිනයෙන් මිදී යහන මත හිඳ ගත්තා ය.කොට්ටය කඳුළින් පෙඟී තිබේ.ඇය කම්මුල් අත ගා බැලුවා ය.එහි කඳුළු ය;සීතල කඳුළු ය.
නොනවත්වා නාද වන දුරකථනය අතට ගත් ඇය එහි මුහුණතේ වූ නම දෙස බැලී ය.

“සකුණ?”

වෙලාව මැදියම ඉකුත්ව පැයක් ගෙවී ඇති බවට ඔරලෝසුව පවසයි.මේ අමතන්නේ සකුණ හන්දාම කාව්‍යා දුරකථනයට ඇමතුවා ය.

“ඔයා අඬනවද කවී, ඔයා හොඳින්ද?”

ඔහුට මේ මැදියමේ එවගක් අසන්නට හිතුණේ ඇයිදැයි නොඅසා කාව්‍යා අසා හුන්නා ය.

“මං සෙනුරව හීනෙන් දැක්කා.මේ දැන්.ඔයාට කෝල් කරන්න හිතුණා.ඔයාට පුලුවන්ද ගිහින් අම්මා ගාවින් නිදා ගන්න..”

සකුණ අසයි.කාව්‍යා තිගැස්සිණ.ඔහු නරක හීනයක් දකින්නට ඇත.

“ලියෝ ඉන්නව සකුණ මං ගාව..”

ඇය මිමිණුවා ය.

“කමක් නෑ.අම්මා ගාවට යන්නකො.මං උදෙන් එන්නං..”

නරක හීනයකට හදවත බොහෝ සසල කරන්නට හැකි බව කාව්‍යා දැන සිටියා ය.සකුණට ද සිදු වන්නට ඇත්තේ එයයි.යෞවන වයසේ දඟකාරයන් කාලයේ අනෙකාගේ මලගම පවා මවා ගනිමින් එකිනෙකාට සරදම් කළ ආකාරය ඇය සිහි කළා ය.ඒ සැහැල්ලු අතීතයේ දී මෙතරම් බරැති වර්තමානයක් දරා ගන්නට සිදු වෙතැයි ඇය සිහිනයකිනිදු සිතා තිබුණේ නැත.

“මාත් දැන් සෙනුරව හීනෙන් දැක්කා සකුණ..”

කාව්‍යා ඒ මීදුම් පිරුණු සිහිනය ඔහුට විස්තර කළා ය.නමුත් සකුණ ඔහුගේ සිහිනය කියන්නට සතුටු වූයේ නැත.

“එහෙනං හෙට උදේ දෙහි ගහකටවත් කියන්න.බය වෙන්න එපා.මාත් මැරෙන එකක් නෑ..”

සකුණ බනින්නට සැරසෙද්දී කාව්‍යා දුරකථනය විසන්ධි කළා ය.සෙනුර ආපසු හැරෙන්නැයි අයැදූ අන්දම ඇයට සිහි වේ.ඈ අසල හිඳින බවට ඔහු පවසන්නේ සකුණ ගැනදැයි කාව්‍යා සිතුවා ය.

“ඒ ඔයාගෙ හොඳම යාලුවා සෙනූ.මගෙ නංගිගෙ එක්ස්.එහෙම දෙයක් වෙන්න ඇරියොත් රටේ මිනිස්සු මට ගල් ගහයි..”

කාව්‍යා මිමිණූයේ දුරකථන මුහුණතේ හිඳින සෙනුර ය.අනෙක් කාරණාව තමන්ට දැනෙන්නේ තනිකමකි.ආදරයක් නොවේ.හදවත සෙනුරගෙන් පිරී තිබියදී හිතේ තනිකම මකාගන්නට සකුණට ළං වීම මහත් වරදක් බව සිතූ ඇය යහනේ ඇල වූවා ය.

“අම්මා ගාවට ගියාද?”

සකුණ අසා එවා තිබිණ.ඔහුගේ සිහිනයටත් හේතුවක් තිබෙන්නට නොහැකිදැයි සිතූ කාව්‍යා කොට්ටයත් පොරෝනයත් රැගෙන අම්මා වෙත ගියා ය.තද නින්දකට නොවැටෙන පැයකට වතාවක්වත් කාව්‍යාගේ කාමරයට එබී බලන මාලිකා ඈ තුරුලට ආ කාව්‍යා හන්දා කැළඹුණා ය.

“ඇයි රත්තරං..”

මාලිකා අසද්දී කාව්‍යා හිනැහුණා ය.තමන් ශෝකයෙන් අම්මා වෙත නොආ බව කියන්නට ඇයට ඕනෑ විය.

“ඇහැරුණා අම්මා.නින්ද යන් නෑ.ඒකයි ආවේ..”

අම්මාගේ ළමැදේ හිස ගසා ගත් කාව්‍යා ඇගේ හිසකෙස් අතරින් අම්මාගේ ඇඟිලි තුඩු යැවෙන සුවය ව්ඳ ගත්තා ය.

සැනසිලිදායක නින්ද දුර වූයේ නැත.

කාව්‍යා මන්දස්මිතයක් සහිතව නිදා ඉන්නා අන්දම උදෑසන දුටු මාලිකාට හදවත පුරවා දමන සන්තෝසයක් දැනිණ.ඇය ජීවිතය ගැන පවා අස්ථිරව හිතන්නට ඉඩ ඇති නිසා කාව්‍යා ගැන නිරන්තර විමසිලිමත් වන්නැයි ඇගේ වෛද්‍යවරිය මාලිකාට අනතුරු අඟවා තිබිණ.මාලිකා සිටියේ මවකට ඉසිලිය නොහැකි තරමේ ගින්නකිනි.කාව්‍යාගේ ජීවිතය කිසිම ගැටළුවක් නැති සුන්දර ලෝකයක් බව සන්තෝසයෙන් සිතා සිටි මාලිකා සෙනුරගේ වියෝව දරා ගත්තේ ගල් කර ගත් හදවතකිනි.දික්කසාද දුවක දරන්නට පවා බිය වන අම්මලා හිඳින රටක ඇය වැන්දඹු දියණිය මහමෙරක්ව දරා ගත්තේ එනිසා ය.

කාව්‍යාගේ දුරකථනය නාද වද්දී මාලිකා එදෙස බැලුවා ය.ඒ සකුණ ය.කාව්‍යාට නිදන්නට හැර මාලිකා එයට පිළිවදන් දුන්නා ය.

“අම්මා ගාවට ගිහින්ද නිදා ගත්තේ?”

සකුණ විමසද්දී මාලිකාගේ දෙතොල මැවුණේ සැනසිලිදායක සිනාවකි.ඇයට දැන් දින කිහිපයක පටන් අම්මා කෙනෙකුට පමණක් උරුම ඉවක් දැනේ.සකුණගේ කටහඬින් ඒ ඉව ගැන යම් සැකයේ වාසියක් ඇයට දැනෙන්නට විය.

“මං අම්මා පුතේ.ඊයේ මහ රෑ කාව්‍යා මං ගාවට ආවනෙ.තාම නිදි.බෙහෙත් සැරට වෙන්න ඇති..”

සකුණ මොහොතක් නිහඬව සිටියේ ය.

“මං ඊයේ නරක හීනයක් දැක්කා.මං රෑම කෝල් කරලා අම්මා ගාවට යන්න කීවා.ටිකක් ඇහැ ගහන් ඉන්න අම්මෙ.මං දවල් වෙලා එන්නං..”

නොබිඳුණු සෘජු හඬකින් එසේ කී සකුණ ඇමතුම නිමා කළේ ය.
.

SmartLady.lk ලිපියක් ඇසුරින් අසන මෙම සරල ප්‍රශ්ණයට නිවැරදිව පිළිතුරු දීමෙන් වටිනා තෑගි දිනා ගැනීමට දැන් ඔබටත් අවස්තාව. මේ මාසයේ Cooking Recipes ඇසුරින් පැනයක් ඔබට ලැබෙනවා.


Cooking Recipes මේ ලින්ක් එකෙන් මේ මාසයේ ප්‍රශ්නයට පිළිතුරු පහසුවෙන් සොයා ගන්න පුලුවන්.


ප්‍රශ්ණය - මුරුංගා තේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද?

අනෙක් කොටස්

More Stories

Don't Miss




Latest Articles

සැරිසරන්නී -16

මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ...

අතීත සුළඟ.

බිනරි බොහෝ වෙලාවක් තමන්ගේ ඔන්ලයින් බිස්නස් පේජ් එකට ආව මැසේජ් එකක් දිහා බලාගෙන හිටියා.ඒ පණිවිඩය නාවානම් කියලා ඇය දෙසිය වෙනි පාරටත් හිතන්න...

මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම්...

ගැබ් ගැනීමෙන් තොරව ලිංගිකව එක් වීමට සුදුසු දින යෝනි ශ්‍රාව ඇසුරෙන් හඳුනා ගනිමු.

ආර්ථව චක්‍රයේ එක් එක් කාලයේදී කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් විවිධ ශ්‍රාවයන් පිටවෙනවා. මෙම ශ්‍රාවයන් සරු දින ඇසුරෙන් හඳුනාගෙන, ඒවා මග හැර...

නිලැසි -24

" බබා එහෙනම් ලෑස්ති වෙන්න ගෙදර යන්න.."තිසරු එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගන්නා අතර ය.හදිසියේ හටගත් රණ්ඩුවක නිමාව එසේ...