Tag: මීදුම් මාරුත

මීදුම් මාරුත by Nibandhika Wanninayake
"අම්මලා ආයේ යන්නේ කවද්ද?" කාලයකට පසු දකින්නට ලැබුණු හේමචන්ද්‍ර යුවළගෙන් කාව්‍යා විමසූයේ වෙනුර ඔවුන්ව තනිව මව්රට තුළ නොතබන බව දන්නා හෙයිනි.පද්මිනී හේමචන්ද්‍ර මහත්මිය කාව්‍යා දෙස බලා හුන්නේ ආදරය උතුරා යන බැල්මකිනි.ඇයට කාව්‍යා තවම ඇගේ දියණිය ය.බොහෝ දේ වෙනස් වූ පසු ද ඒ ඇගේ බාල දියණිය ය. "මාසයක් දෙකක් ඉඳලා යනවා පුතේ.අයියගෙ...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"ආත්මාර්ථකාමී තීරණ ගන්න එපා..ඔයා ඔය අරන් තියෙන්නේ හරි කැත තීරණයක්.." බොහෝ කාලයකට පසු නිවසට ආ භාවනා කාව්‍යාට පැවසුවේ කෝපයෙනි.කාව්‍යා මඳහසකින් පමණක් පිළිතුරු දෙන්නට වග බලා ගත්තා ය.නමුත් කාව්‍යාගේ කෝපය නොනවත්වා අක්කා වෙත එල්ල විණ. "ඔයා හිතනවද ඔය තීරණේට සකුණගෙ ගෙදරින් සතුටින් කැමැත්ත දෙයි කියල.ඔයා හස්බන්ඩ් මැරුණු මනුස්සයෙක්.ඒ මැරුණෙත් සකුණගෙම යාලුවා.ඒ වෙඩින්...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"මිනිස්සු හිතන්නේ තනිකම නැති වෙන්න කවුරුම හරි හිටියම හරි කියල.." කාව්‍යා කියන්නේ කලකිරීමෙනි.සකුණ එබසට මඳ සිනාවක් පා නිහඬ වූයේ ය.ඔහු ද ඇගේ තනිකම ගැන සිතී ය.මේ වචන තමන්ට ද කියන ඒවාදැයි සිතූ ඔහු කැළඹී ගියේ ය. "හොඳට වැහි වැටෙන කොළ පාටට ගස් පිරිච්ච කැලෑවක ඉන්න කුරුල්ලෙක්ට කූඩුව හදලා තිබ්බ ගහ දිරලා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"නැන්දා කියල ගිය ඒවට පුතා තරහ ගන්න ඕන නෑ..මිනිස්සු ඔහොම තමයි.හිතන විදිය වෙනස් වෙන්නේ නෑ." මාලිකා කාව්‍යාට පැවසුවේ ඥාතිවරිය නික්ම ගිය සැනින් ය.කාව්‍යා මානසික පීඩනයට ලක් කරන කතා ගැන මාලිකාට දැනෙන්නේ ඉතා වේදනාවකි.ඈ සිටියේ ඒ කෝපය මුසු වූ ශෝකයකිනි. "කනවැන්දුමියෙක් හින්දා අම්මට මං බරක් කියලයි එයාලගෙ හිතේ.අම්මා මට හොඳට ඉගැන්නුවෙ මටවත්...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
විවාහාපේක්ෂිත වයස පසු කරන දියණියන් සිටියදී සමහර මව්වරුන් හිඳින්නේ දැඩි බියකිනි.හොඳ රැකියාවක් කරමින් තමන්ගේ ජීවිතය තමන්ගේ ආකාරයට ගෙන යා හැකි යුවතියන්ට පවා කසාදය අහිමි වීමෙන් සියල්ල අහිම් වේයැයි සිතන අම්මලා බොහෝ ය.නමුත් මාලිකා ඒ කොට්ඨාසයට අයත් නොවේ.භාවනා දඩිබිඩි විවාහයකට සැරසෙද්දී පවා ඇයට ඒ කලබලය ගැන ගැටළු තිබිණ. "ඔයාට තාම කසාද...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"සකුණ මේ දවස්වල ෆෝන් ආන්සර් කරන්නේ නෑනෙ අම්මා.." කාව්‍යා අම්මාට පැවසුවේ උදාරාගේ සැලසුම අකුරටම ක්‍රියාත්මක කරන්නට සකුණ වග බලා ගත් පසුව ය. "මම ඊයේ කතා කළාම කතා කරානෙ පුතේ.." මාලිකා පැවසුවේ පුදුමයෙනි.ඈ සකුණට සුළු සුළු අත් උදව් ඉල්ලන්නට ඇමතූයේ අදක ඊයේක සිට නොවේ.කෙල්ලන් පමණක් හිඳින මිතුරියන්ගේ නිවෙස්වල අම්මලා තමන්ට වැඩියෙන් ආදරය කරන...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යා ඈත ආකාසය දෙස නෙත් යොමා ගත්තා ය.සකුණ පවසන්නේ කුමක්දැයි සිතමින් සන්සුන් වන්නට ඇයට උවමනා ය.නමුත් සැබෑවටම කැළඹෙන්නටත් හේතුවක් ඇතිදැයි කාව්‍යා සිතුවා ය. "මං කතා කළේ ඔයා ගැන කාව්‍යා." සකුණ සන්සුන් ස්වරයෙන් පැවසී ය.නිශ්චලව සිටි තාරකා පන්තියකින් තරුවක් කඩා වැටෙන අන්දම කාව්‍යා හදිසියේ දුටුවා ය. "මං ගැන.." ඇය සසැලෙන හඬකින් ඇසුවා ය. "ඔව් ඔයා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
ඔයා දන්නවද? මට හිතෙනව ඔයාට ඒ තරම්ම ආදරේ කෙනෙක් ඉන්නව කියල.." කාව්‍යා දෙස බලමින් උදාරා පැවසුවේ ප්‍රවේසමිනි.මේ නව යෞවනියන් කාලයේ එකිනෙකා ගැන උනන්දු වූ යෞවනයන් ගැන සරදම් කළ අන්දමේ පහසු අවස්ථාවක් නොවේ.දස වසරකටත් වැඩි ආදර කතාවක් අතිශය ඛේදනීයව අහිම් වූ දුකකින් කාව්‍යා ඔත්පලව හිඳින්නී ය.ඒ ඈත දවසේ තමන්ගේ ඒක පාර්ශවික...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
කාව්‍යාගේ ටියුෂන් පන්ති අසාර්ථක නොවී ය.ඈ බලාපොරොත්තු නොවූවාටත් වඩා දරුවන් පිරිසක් ඇගේ ඉගැන්වීම වටා රොක් විය.කාව්‍යා ඒ සම්බන්ධයෙන් සතුටු වූවා ය.ඇගේ හදවත වෙලාගත් පාළු මීදුම නව යෞවනයේ වෙසෙන දරු පිරිස ඈතට තල්ලු කරමින් සිටියහ. "මං වැඩිය පිළිවෙලකට අඳින්නෙ කරන්නේ නැතුව ක්ලාස් එකට ගියොත් පන්තියෙ ඉන්න පණ්ඩිත කෙල්ලො පාඩම අහකට දාලා...
මීදුම් මාරුත by Nibandhika Wanninayake
"මං ජොබ් එකෙන් අයින් වෙන්න හිතුවේ." බොහෝ දවසකට පසු රැකියාවට යන අතර කාව්‍යා සකුණට පැවසී ය.ඔහු ඇයට ඇරලවීමට පැමිණියේ කැමැත්තෙනි.සෙනුරට වඩා සරසවි කාලයේදී ද ඈ සමඟ පැමිණියේ සකුණ බව සිහි කරමින් ඔහු ඒ සඳහා අවස්ථා සොයා ගනියි. "කැම්පස් කාලේ සෙනුර හිටියා.අපි ඔක්කොම හොඳම යාලුවෝ කියල හැමෝමලා දන්නව.සෙනුර මෙඩිසින් එයා බිසී.එහෙම හේතු...