Tag: සඳක් කළ සක්මන්
ආකාශ් සඳයුරු ගුරුගේ මේසය වෙතට ඇවිත් දෑත් එහි තබා ගෙන මවෙතට බර වූයේ ය. හිරු දුටු හිම පියල්ලක් සේ, මට දැනුණේ මා දිය ව යන්නට පටන් ගෙන ඇති බවකි.
"ඔහොම එන්නැතුව ඉන්නෙපා පූජා...මං කොහොමද ඔයාව දකින්නැතුව ඉන්නෙ..."
තව දුරටත් මා කියා කෙනෙක් නැති තරමට මා දිය ව ගිය සෙයක් දැනෙන්නට වූයේ...
මම ඒ සිනහ වත දෙස ඇස් පිය නො හෙලා මොහොතක් දෙකක් බලා සිටියෙමි. ආකාශ් ට තියෙන්නේ බටහිර නළුවෙකු ගේ පෙනුම යයි මගේ පන්තියේ යෙහෙළියෝ පැවසූහ. එකී නළුවා ගේ නම දැන් මට මතක නැතත්, ආකාශ් වූ කලී කෙතරම් කඩවසම් තරුණයෙකු දැයි ඉන් සිතා ගත හැකි ය.
ඔහු දෙස බලා සිටියා වැඩි...
මගේ හදවත ගැස්ම කෙතරම් වේගවත් වී තිබුණාද යත් මා හුස්ම ගත්තේ වේගවත් ව ය. ඒ හඬ ආකාශ් සඳයුරු ගුරුගේ ට අසේවියි ඒ අතරේ ම මම බිය වීමි. සමහර දේවල් නො කියා ම ඉන්නා එක හොඳ ය. සිදු නොවී ම පවත්නා එක හොඳ ය. එතකොට බලාපොරොත්තුවක මිහිරියාවක් එක්ක හුස්ම ගන්නට...
ඉස්සරහා ට ඇවිත් මගේ අතින් අල්ලා ගත් නෙරංජලා ගුරුගේ මා කැටිව ගියේ ඔවුන් ගේ නවීන පන්නයේ මුළුතැන්ගෙය වෙතට ය. බිත්ති වට කොට තැනූ තේක්ක පැන්ට්‍රි කබඩ් මැද වන විශාල තේක්ක මේසයෙහි කෙළවර පටුවක ආකාශ් සඳයුරු ගුරුගේ අසුන් ගෙන සිටියේ ය.
"තේ එකක් බොමු පූජා. ඉඳගන්න"
නෙරංජලා පුටුවක් ඇද බලයෙන් ම වාගේ...
සමහරක් වෙලාවට හඬන්නට උරහිසක් ඕන වෙන අවස්ථා අපේ ජීවිත වලට උදා වන්නේ ය. ආකාශ් ළඟ හැඬීම මටත් මහත් සැනසිල්ලක් සේ විය. ඔහු හෙමිහිට රිය පැදවූයේ ය. මම ඇති තරම් හැඬුවෙමි. ආකාශ් හඬන්නට එපා කීවේ නැත. මට එසේ කොට හිත නිදහස් කර ගන්නට හැර, මා පසෙකින් ඔහු හිඳිනා බව පමණක්...
ටික වෙලාවකට පස්සේ මම හිතා මතා ම මගේ ඇස් නිදහස් කර ගත්තෙමි. නමුත් හදවත ගැස්ම වැඩි වී තිබුණේ ය. ආකාශ් ට මේ වගේ තත්වයකින් මූණ දෙන්නට මට කිසිදු උවමනාවක් නොවේ. ඔහු වූ කලී මගේ හිතේ ගෞරවනීය චරිතයකි. ඒ ගෞරවයට එහා ගිය ගැස්මක්, ඔහු නමින් මා තුළ ඇති වන බව...
ඇතැම් දිනෙක ආකාශ් සඳයුරු ගුරුගේ මඳක් වේලාසන ගෙදර ආවේ ය. උපකාරක පන්ති නො පැවැත්වෙන සෑම හැන්දෑවක ම මම ඔවුන් ගේ නිවසට පාඩම් කරන්නට ගියෙමි. මා ව අල්ලා ගන්නට ලැබුණොත් ආකාශ් පාඩමක ගැටළු සහගත තැනක් කියා දුන්නේ ය. ප්‍රශ්න පත්තර වල ට පිළිතුරු ලිවීමේදී ඔහු ගෙන් විශාල සහයෝගයක් ලැබිණි. නමුත්...
"ඉන්න ඉන්න. මං වොෂ් එකක් දාගෙන එන්නං"
කියමින් ආකාශ් පිය ගැට පෙළ දිගේ දිව ගෙන වාගේ ගියේ ය. මම එහෙම ම පාෂාණිභූත වූයෙමි. ඔවුන් කරන්නට හදන්නේ මට උදව්වකි. මගේ තත්වය ගැන ඔවුන් ට හංගන්නට දෙයක් වන්නේ නැත. එහෙම එකේ උදව් කරන්නට එන මිනිසා ට ආඩම්බර පෑ නො හැකි ය.
"ඔයා ටේබල්...
පාන්දර හිරු එළිය හොඳින් වැටී තිබුණේ ත් නැත. රාත්‍රිය දිගු වන එහෙව් ඍතු තිබේ. ඒවා අපට සංවේදී වන්නේ හරි අඩුවෙනි. මම පොත් බෑගය පිටේ එල්ලා ගෙන පාරට බැස්සෙමි. හයිලෙවල් පාර තෙක් කෙටි දුරක් බසයක යා යුතු ය. එතැන් සිට පාසල් බස් රියෙහි ගමන් කිරීම සාමාන්‍යයෙන් මා පාසල් යන ක්‍රමයයි....
ඉනික්බිති ඔහු සඳැල්ලෙහි සිටිනවා මා දුටුවේ ම නැත. වැසිකිලිය පාවිච්චි කිරීමට මා පිටතට ගියේ ඉතා හොඳින් විපරම් කිරිමෙන් අනතුරුව ය. ඒ මුළු කාලය පුරා හදවත විසින් දරා ගත් සංවේදනයන් හි තිගැස්සුම් සර මට කිසි දා පැහැදිලි කොට කිව නො හැකි ය!
"පූජාව හුඟක් දවසකින් දැක්කෙ නෑ"
දවසක් අපේ ගේ දොරකඩට ම...