Tag: ආතුරයන් මැද ආදරෙන්

"ඇයි ජාදු ආයුධ පාවිච්චි කරන්නේ...? මං දේශපාලනය කරන කෙනෙක් නෙවෙයි. මං සාමාන්‍ය කෙනෙක් ..මොකද ඔහොම එකක් අරගෙන මේ ගමන ආවේ...." වර්ණාසි ඇහුවේ ඇත්තම තරහක් හිතේ තියාගෙන .තමන්ට සුපුරුදු ඉංග්‍රීසියෙන්මයි." "බේබි  කේසර ලොකු සර්ගේ තරහකාරයෝ හැම තැනම. උන්ට ඕනේ අපේ සර්ව කොහොමහරි වට්ටන්න ..රිද්දන්න ..බේබිට මොනාහරි කළොත් වැඩිපුරම රිදෙන්නේ අපේ සර්ට...ඒක එහෙම...
එදා උපන්දින උත්සවය හරි ලස්සනට තිබුණා. මදුරි , ප්‍රියංවදා, ආලියා ට වඩා මොකක්දෝ හරි අමුතු හිත කීරි ගස්සන විදිහක් වර්ණාසිගේ තියෙනවා කියලා ජාදු ට තේරුනා. එතකොට වර්ණාසි  ඇවිල්ල සතියක් විතර ගතවෙලා තිබුණේ. ඊට පහුවෙනිදා තිබිච්ච නිවාඩු දවසේ වර්ණාසිට ඕනේ වෙලා තිබුණා කළුතර බෝධියට යන්න.එදා කේසරගේ දේශපාලන හිත මිතුරන් එක්ක...
නර්මදාගේ ජීවිත කතාව අහගෙන ඉන්නකොට වර්ණාසිට නොහිතුන දෙයක් නෑ. "ඇයි... ඇයි... ආන්ටි ඒ අන්කල් ගෙන් වෙන් වුණේ  නැත්තේ? ආන්ටි තරහෙන් හිටියේ නැද්ද? ෆයිට් කලේ නැද්ද?" " නෑ  දුව... අපි බැඳලා අවුරුදු දෙකකින් විතර.. අපි එක ගෙදර හිටියට වචනයක්වත් කතා නොකරපු දවසුත්  තිබුණා. ශාන්ත රටට ලෝකෙට පේන්න වෙහෙර විහාර හැදුවා. සිල් ගන්න...
දාසයන් එකේ වත්තේ කානුවකට ගෙනත් දාලා හිටපු පොඩි කොලු පැටියව පොලිසියට කියන්නේ නැතුව වත්තේ අසීම් ...කේසරට කතා කරලා දැනුම්  දුන්නා . " යකෝ ඕක මට කියලා වැඩක් තියෙනවද?.. කියපන් පොලිසියට..." කියලා කේසර හිනා වුණත් ... " යෙක පාරක් ඇවිත් පලන්න තමා ශර්... යේක මාරයි..." අසීන්ගේ වචන කේසරට තවමත්  ඇහෙනවා වගේ.. එච්චරම කියන හින්දා කේසර...
තමන් නවසීලන්තයට ගියායින් පස්සේ ආපහු ලංකාවට ආවෙම නැති වුණත්  තාත්තා  හැම අවුරුද්දකම තමන්ගේ උපන්දිනයට... හරියටම උපන්දිනය දාම තමාව බලන්න නවසීලන්තයට ආපු හැටි වර්ණාසිට මතක් උනා. තමන්ගේ හැම වැඩකටම ඕන කරන හැම රුපියලක්ම පුංචි අම්මට කිසිම අඩුපාඩුවක් නැතුව තාත්තා මේ වෙනකම්ම එවපු බවත් වර්ණාසි  හොඳින්ම දැනගෙන හිටියා. වතුර මල යට අම්මා...
එදා ප්‍රියංකර පිස්සෙක් වගේ කේසරගේ මිදුලේ කෑගහනකොට මිදුලේ හිටපු ආරක්ෂක නිලධාරීන් ප්‍රියංකරව ඇදගෙන එළියට ගෙනිච්චා.. " මම රටට විතරක් නෙමෙයි මම මුළු ලෝකෙටම කියනවා තමුසෙ තරම් ගසරත්තු බල්ලෙක් කොහේවත් නැති බව..." ප්‍රියංකර තමන්ගේ චූටි මෝටර් සයිකලය පනගන්න ගෙන යන්න හදන කොටත් කෑගහන සද්දේ කේසරට ඇහුන.එහෙම කෑ ගහලා මිදුලේ පස් කාල වැලපිලා...
"උඹ කෑවද පුතේ".. කියල අහන ගමන් කේසර වාහනයට නැග්ගේ ආරක්ෂක නිලධාරියා දුවගෙන  ඇවිල්ලා වාහනේ දොර ඇරපු පැත්තෙන් නෙමෙයි .ජාදු එක්ක හරි හරියට ඉදිරිපස ආසනයට. "ඔව් ලොකු සර් මම කෑවා.".. "කොතැනවත් නවත්තන්න බෑ ගෙදරටම යමං".. ජාදු ආරක්ෂක නිල පොලිස් නිලධාරීන්  ඉස්සරවෙලා පාර පැහැදිලි කරලා දෙනකම් බලාගෙන හිටියා.ඉක්මනින්  ජාදු වාහනය පාරට එකතු කළා.වෙනදට වඩා කේසරගේ...
"ලොකු සර් මම මේ නිකමට අහන්නේ.. නර්මදා මිස්ගේ ඔය වාත මහත්තයව අපිට ටක් ටික් කරන්න බැරිද.." ඇස් දෙක වහගෙන මේ වෙනකන් නිදි වගේ හිටපු කේසර ඇස් දෙක ඇරියේ හරියට නිකං රොබෝ කෙනෙක් වගේ. "උබට පිස්සුද. යකෝ පිස්සො පිහාට්ටො වගේ හිතන හිතන වෙලාවට මිනිස්සුන්ව මරන්න බෑ..මම පිස්තෝල කඩු කස්තාන ඇමති නෙමෙයි බං.." "කලබල...
කේසර රණබාහු දුරකථනය ආපහු තිබ්බේ තරහා වේදනාව දුක උහුලගන්න බැරිව වගේ..කේසරගේ මූණේ දුක කියන හෙවනැල්ලක්වත් වැටෙනවට අකමැති වුන ජාදු ජනේලයෙන් එහා පැත්තෙ ඉඳන් ඒ සේරම බලාගෙන උන්නා.දුරකථනයෙන් කවුද කතා කළේ මොනවද කිව්වේ කියලා ජාදුට ඇහුනෙ නැති උනත් තමන්ව කුණු කානුවෙන් අරගෙන හෙවන දීපු ඒ මනුස්සයාගේ ඇහිපිල්ලමත් අඳුනගන්න ජාදුට පුළුවන්...