Tag: නිම් නැති නිම්නය

නිම් නැති නිම්නය
ආරාධනා ට තේ ටික පිටි උගුරේ ගියේ ය. ඉඟුරු සැර නිසා ඉහ මොළ දැවිල්ල ගති. ඇය හොඳට ම කැස්සා ය. තාරා ඇගේ පිටට තට්ටු කරමින් ඒ අපහසුතාවෙන් මිදෙන්නට උදව් කළා ය. "මොනාද මන්දා මේකි කරන්නෙ...පොඩ්ඩක් කට වහං ඉන්නවකො. තාම ගෙට ගොඩ වුණා විතරයි. දික්කසාදෙ හරියට හම්බුණෙත් නැතුව කසාද ගැන කතා...
නිම් නැති නිම්නය
ආරාධනා සේනාසිංහ උසාවියේ සාක්ෂි කූඩුවට නැග ගත්තේ සංසාරයක් තරම් සිතිවිලි හදවත තුළ සරැළි නගත්දී ය. වසර අට නවයක් අතීතයට හිත දිව ගොස් නතර වූයේ ඇය පෝරුවට නැග ගත් මොහොත මත ය. එදා තැබූ පියවරත්, අද තැබූ පියවරත් අතර අහසට පොළොව තරම් වෙනසක් තිබේ. සාක්ෂි කූඩුවේ වැට අල්වා ගත් ගමන්...
නිම් නැති නිම්නය
හිරි පොද වැස්ස චිරි චිරි ගා වැටෙමින් තිබිණ. ආරාධනා හිඳ සිටියේ වැරැන්ඩාවෙන් මිදුලට පිවිසෙන දිග පඩි පෙළෙහි ගුලි ගැසී ය. එතැනටත් සුළඟ එක්ක හිරිකඩ වැස්ස හමයි. නමුත් ඕ නො නැගිට සිටියා ය. මේ වැහි සීතලේ ග්ලැසියරයක් ව මිදී යන්නට තිබුණා නම් කියා ඇයට සිතේ. සිද්ධ වෙන දේවල් ඒ තරමට...
නිම් නැති නිම්නය
තාප්පය පුරා වැවී තිබුණ බහුමානියා මල් වැල, රෝලර් ගේට්ටුවට මත්තෙන් ද කවාකාර ලෙස ඇදී ගොස් තැඹිලි පාට මල් පොකුරු වලින් ගහන ය. ඒ මල් පොකුරු බර වී බිම බලා ගෙන සිටියේ ලැජ්ජාවට රක්ත වර්ණ වූ කොපුල් වලින් යුතු යුවතියන් සමූහයක් සේ ය. ඒ මල් පොකුරු දිගේ ඇද ගෙන ආ...
කවීශ්වර ගේ ඇස් කෙවෙනි මුල ලා රත් පැහැති පැල්ලමක් ඇති වූයේ ය. හුස්ම වැටෙනා වේගය ක්ෂණික ව වැඩි වී තිබිණ. උගුර කට වියළී ගිය බවක් ඔහු අත්වින්දේ ය. කවීශ්වර ගේ අත් දෙක ම බර වී තිබුණේ ස්ටියරින් වීල් එකට ය. වැලමිට සන්ධිය තෙක් නැවූ කොටු කමිස අතින් නිරාවරණය වූ...
නිම් නැති නිම්නය
කණාමැදිරි තිත් ගොන්නක් සරි ව විදුලි පහන් දැල්වුණ නගරය දෙස, මහල් පහළවක් ඉහළ සිට සෞභාග්‍යා බලා සිටියා ය. පසෙකින් රළ නගනා මහා සාගරය දිස් වේ. වෙරළේ සිට බලත්දී සේ නොව මේ ඉහළ මහලේ සිට බලත්දී සාගරය වෙනස් ය. රළ නැගීම ද වර්ණය ද වෙනස් ය. කාමරය දෙසින් කාශ්‍යප ගේ...
නිම් නැති නිම්නය
කවීශ්වර ගජධීර සිටියේ සිතිවිලි ලෝකයක ය. ඔහු ගේ දෙතොල් මත්තේ ඔහු ට ම නො දැනුණු හසරැල් රේඛාවක් වූයේ ය. බිඟුනි ගේ පාසලේ දෙමාපිය රැස්වීමට ගිහින් එන ගමන් ආරාධනා කියූ ඇතැම් දේවල් තවමත් ඔහු ගේ මනස තුළ පිළිරැව් දේ. "කෙනෙක්ගෙන් තව කෙනෙක්ව දකින්න උත්සාහ කරන්න නරකයි කවීශ්වර. කෙනෙක්ගෙන් තව කෙනෙක්ව හොයන්නත්...
නිම් නැති නිම්නය
පෙර කිසි දා ක නො දැනුණ විදිහේ ආත්ම ශක්තියකින් ආරාධනා පිරීතිරී යමින් සිටියා ය. කාශ්‍යප ව යළි සිය ජීවිතයේ හතර මායිමට වද්දා නො ගන්නට ගත් තීරණය, ඇයට ඇය කවුරුන්දැයි හඳුන්වා දීමක් සරි විය. ආරාධනා සේනාසිංහ වූ කලී පිරිමියෙකු ගේ වාරුවක් නොමැතිව සිට ගත නො හැකි ගැහැනියක නොවන බව ඇය...
නිම් නැති නිම්නය
කවීශ්වර ඉදිරිය බලා ගෙන රිය පදවයි. තවමත් ඔහු එක වදනකුදු කතා කළේ නැත. ආරාධනා වරින් වර ඔහු දෙස හැරී බැලුවා ය. පෙර දා ඔහු ගෙනැවිත් දුන් බඩු වලට මුදල් ගෙවන්නට යාම නිසා කවීශ්වර තරහා ගත් බව ආරාධනා ට වැටහුණේ ඒ වෙලාවේ ම ය. ඔහු ගේ ඇස් වලින් ගින්දර පිට...
නිම් නැති නිම්නය
දියවන්නා ඔය පිස හමා ආ සුළඟ මේ තරම් ගිනියම් ඇයි දැයි කවීශ්වර ට සිතිණ. සූර්යයා දවසේ විඩා නිවමින් නිස්කාන්සු බැස යාමකට සූදානම් ව සිටියේ ය. දියවන්නා ජල තලය මත ලා රත් පැහැති සූර්ය කදම්බයක් මෘදු තරංග වල පැටලී තිබිණ. කොක් රෑනක් ඉංග්‍රීසි වී අකුරක හැඩයට අහස් තලාවේ රටාවක් අඳිමින්...