Tag: පතිදම්වැල්

“අම්මා ඕන” කියමින් කෙඳිරිගාන දුලන්‍යා ඉන්නේ අඩ අසිහියකින් මෙනි. බෙහෙත් වේල්කීපයක් ලැබීමත් ගතට දැනෙන අප්‍රාණිකත්වයක් නිසා ඇද මත වියැලුණු පරඬැලක් මෙන් වැතිරී හිඳින දුලන්‍යා දෙස බලාගෙන හිඳින උශාලිගේ නෙතේ ඇත්තේ පුදුමාකාර වේදනාවකි. ඒ බැල්ම ජීවිතයේ කෙදිනක හෝ මෙයට පෙර ඇති බව අනුපට මතකය. ඒ තමන්ගේ අම්මාගේ නෙත්වලය. තමා අසනීප වූ...
ඉවසීම අපට උගන්වන්නේ ඉක්මන් නොවී බලා සිටීමටයි. හොඳ දේට කාලය ගතවන බවත්, සමහර අවස්ථාවලදී, සාමකාමී මනසකින් දුෂ්කරතා විඳදරාගත යුතු බවත් එය අපට මතක් කර දෙයි. එහෙත් ඒ ඉවසීම වුවද කල හැක්කේ සීමිත කාලයකට පමණක් බව උශාලිට රහසක් නොවේ. දුලන්‍යා අසනීප වීම නිසා පෙර පාසල් නොපැමිණෙන බව පවසා දැන් දින දෙකක්...
ජීවිතයට අහම්බයන් එන්නේ අහම්බයකිනි. ජීවිතයද අහම්බයකි. මනුෂ්‍ය පැවැත්ම තුළ, ප්‍රේමය අපගේ ජීවිතයේ සංකීර්ණ රටා හරහා ගමන් කරමින් වඩාත් ගැඹුරු අත්දැකීම් සහ නිමේෂයන් මවයි. අපගේ ගමන සහ අප ළඟා වීමට උත්සාහ කරන ගමනාන්තය යන දෙකම මෙහෙයවන්නේ මේ ආදරය යන දියරයෙන් පණ ගැහෙන හදවත නැමැති මාලිමා යන්ත්‍රයයි. අපි මේ ලෝකයට ඇතුළු වූ මොහොතේ...
දුලන්‍යාගේ ක්ලාස් ටීච මිස් උශාලි තමයි ඇත්තටම මුලින්ම මේ බව තේරුම් අරගෙන තිබුනෙ, විච් ඊස්  ගුඩ් තින්ග්, අපි ඒකයි හිතුවෙ මිස්ට කුලරත්න මේ ගැන මිස්ට කුලරත්න එක්ක කතාකරන්න ඕන කියල. අපි සාමාන්‍යයෙන් මොන දරුවෙක් උනත් මේ වගේ වෙනස් හැසිරීමක් පෙන්නද්දි ඒක ගැන කනිස්ඩර් කරනව. මිස්ට කුලරත්න දන්නව ඇතිනෙ අපේ ප්‍රී...
ප්‍රශ්න එන්නේ එක පිට එකය. කරදර කාලවල කරදර මෙසේ පේලියට මෙන් එන බව අනුප තේරුම් ගනිමින් උන්නේ ජීවිතේ පලවන වතාවටය. දෙවියන් විසින් පරීක්ශා කරමින් හිඳින්නේ තමන්ගේ කුමන අන්දමක ගුණාංගයක්ද කියා තේරුම් ගන්නට නොහැකි අන්දමේ ප්‍රශ්න රැසකට අනුප තනිවම මුහුණ දෙමින් උනේය. එක් අතකින් දික්කසාදය ඉල්ලමින් බැණ වදින ෂෝබිතාය. අනෙක් අතින්...
මේ ඉන්නෙ කවුද පුතා?” උශාලි එසේ ඇසුවේ පෙර පාසලේ පාඩම් අතරතුර තම පවුල ගැන අඳින්නට යැයි කියූ චිත්‍රයක දුලන්‍යා විසින් ඈතට කර ඇඳ තිබූ කාන්තා රූපයක් පෙන්වමිනි. මුල් කාලයේ හිඳම දුලන්‍යා බොහෝ නිහඬ නිශ්ශබ්ද චරිතයක් රඟපෑවද සම වයස් කුඩා වුන් සමග එක්වීමෙන් පසු ඒ නිහඬතාවය බොහෝ දුරට මැකී යන අයුරු උශාලි...
ඇතැම් ගැටලු ජීවිතයට එන්නේ නොහිතන වෙලාවකය. ෂෝබිතා නිවසට කතා කර අම්මාටත් තාත්තාටත් තර්ජනය කර තිබුනේ ඔවුන් විසින් දික්කසාදය නොදෙන ලෙසට තමන්ට බලපෑම් කරන බව පවසමිනි. කිසිදිනක ෂෝබිතාගේ සංකර දිවි පෙවෙතේ කිසිම තැනකට ඇඟිලි නොගැසූ අම්මාත් තාත්තාත් උන්නේ ෂෝබිතා විස්න් දුරකතනය ඔස්සේ කියන්නට යෙදුණ වදන් වලින් කම්පිත වීය. "මට හිතාගන්න බැරි උනා...
ආයෙමත් හමුවන බලාපොරොත්තුවක් සිත තුල නොතිබුණද දුලන්‍යා තම පෙර පාසලේ ඉගෙනුම ලබන තෙක් ඔහු හමුවන්නට සිදු වන බව උශාලි නොදැන උන්නා නොවේ. එහෙත් ඒ තමාට අයත් ඉඩක් නොවන බව තේරුම්ගෙන හිඳීම වඩා යහපත් ය. හමුවන වාරයන්හි වැඩිය කතා නොකර හිඳීම හොඳය. මක්නිසාද යත් කොතෙක් ඇත්ත තේරුම් ගන්නට උත්සාහ කලද සිත...
අනුප ෂෝබිතාට අමතන්නට කොතෙක් උත්සාහ කලද ඇය උන්නේ ඒ කිසිවකට සවන් දෙන්නට නොකමැත්තෙනි. අනෙක් අතට තමා ඔහුව හැරදා පැමිණියායින් පසුව හෝ ඔහු තමාව දික්කසාද කරනු ඇතැයි කියා සිතුවද ඒ ගැන කිසිදු කාරණාවක් ඔහුගෙන් අසන්නට නොලැබීම ගැන ෂෝබිතාට ඇත්තෙ පුදුමයකි. "මට හිතාගන්න බෑ ඇයි අනුප ඩිවෝස් එකක් ෆයිල් කරන්නෙ නැත්තෙ කියලා" රෑ...
ආදරය බොහෝ විට අප බලාපොරොත්තු නොවූ විලසින් සිත තුලටත් අනතුරුව ජීවිතය තුලටත් බලාපොරොත්තුවක්ව පැමිණේ. එය හරියට නිස්කලංක දිනයක හදිසියේ හමා එන සුළඟක් වැනිය. එය කාර්යබහුල වීදියක අහම්බෙන් හමුවීමක් වුවද, ආපන ශාලාවක අහඹු හමුවීමක් හෝ ආගන්තුකයෙකු සමඟ අහඹු සංවාදයක් වුවද, ආදරය අපව වඩාත් ප්‍රීතිමත් සහ අනපේක්ෂිත ආකාරවලින් පුදුමයට පත් කරන...