පතිදම්වැල් 29

මේ ඉන්නෙ කවුද පුතා?”

උශාලි එසේ ඇසුවේ පෙර පාසලේ පාඩම් අතරතුර තම පවුල ගැන අඳින්නට යැයි කියූ චිත්‍රයක දුලන්‍යා විසින් ඈතට කර ඇඳ තිබූ කාන්තා රූපයක් පෙන්වමිනි.

මුල් කාලයේ හිඳම දුලන්‍යා බොහෝ නිහඬ නිශ්ශබ්ද චරිතයක් රඟපෑවද සම වයස් කුඩා වුන් සමග එක්වීමෙන් පසු ඒ නිහඬතාවය බොහෝ දුරට මැකී යන අයුරු උශාලි බලා උන්නේ සතුටිනි. දුලන්‍යා පවසා තිබෙන අන්දමට ඇයට වැඩිමල් හෝ බාල සහෝදර සහෝදරියන් කිසිත් නැත. ඉතින් නිවසේ තනිවම සමවයස් පහසක් නොමැතිව හැදෙද්දී වැඩෙද්දී දරුවකු තනිකමට ළං වීම සාදාරණ බව උශාලි නොදන්නවා නොවේ.

වසරක් කලියෙන් පෙර පාසල් පැමිණිමෙන් පසු හෝ ඇගේ ඒ කුඩා සිතට ඇතුලු වී තිබෙන තනිකමේත්, නිහඬතාවයේත් අංකුර මුලිනුපුටා දමන්නට හැකීවිම ගැන උශාලි සතුටු වෙමින් උන්නාය.

එහෙත් මෑත දිනයක සිට ඇය නැවතත් කුමක් හෝ නිහඬතාවයක හිඳින බව උශාලිගේ ඇසට හසුවූයේ අනෙක් දරුවන් තරමටම දුලන්‍යා ගැනත් සිත සොයන බැවිනි. උශාලි දරුවන්ට හදවතින්ම ආදරේය.අනෙක් අතට දුලන්‍යා වනාහී තම දිවියේ විශේෂ අයෙකුට සම්බන්ධ දරුවෙකි. ඉතින් ඇයගේ නිහඬතාවයට හේතුව සොයා ගන්නට අවශ්‍යතාවයක් සිත අස්සෙන් මතුව එන බව උශාලිට හැඟේ.

“ඒ අම්මා”

දුලන්‍යා මුමුණන්නේ මී පැටවෙකුගේ හඬිනි. ඉඳහිට තමා සමග තනිවන මොහොතක කිචි බිචි ගගා කියෙව්වද නොසිතූ මොහොතක නොස්තූ ඉක්මනින් ඇය අරුම පුදුම නිහඬතාවයකට යන බව උශාලි දින කිහිපයක සිට නිරීක්ෂණය කල දෙයයි.

සිනහවෙන් සහ නිමක් නැති කතා බහෙන් පිරුණු ලෝකයක, අප නොදත් තැනක දරුවන් සිර වී හිඳින්නට හැකි බව උශාලි ඉගෙන ගත්තේ ළමා මනෝ විද්‍යාව පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාව හදාරද්දීය. මේ නිහඬතාවයන් ඇතුලේ වචන වලින් විස්තර කරන්නට කුඩා දරුවන්ට නොතේරුන විශාල වේදනාකාරී හැඟුම් දහරාවන් සිත අස්සේ හංගා ගනිමින් නිහඬව හිඳින දරුවන් උස් මහත් වන්නේ බිඳුණු දරුවන් ලෙසිනි.

ශීත ඍතුවේ රාත්රියක ආදරය සුවපහසු බ්ලැන්කට්ටුවක් මෙන් උණුසුම් විය යුතු නිවසේදී, සමහර දරුවන්ට උණුසුම අහිමි වී යයි. වලාකුළු පිටුපස සැඟවී සිටින තරු මෙන්, ඔවුන්ගේ ආලෝකය නොපෙනී යයි.

උශාලි උන්නේ දුලන්‍යාගේ දෑසින් ඒ වේදනාව හඳුනාගනිමිනි. එහෙත් වෙනත් අයෙකුගේ නිවසක ඇති ගැටලුවක් සොයා බැලීමේ සදාචාරාත්මක අයිතියක් ඇයට නොමැති බව උශාලි හනී. එහෙත් දුලන්‍යාගේ ඇස්වලින් කියන්නට තනන ඒ වචන නොමැති නිසාවෙන් සැඟවී තිබෙන කතාවේ අවසානයේ ඇය බිඳෙනු ඇතැයි යන බය ඒ සියලුම සදාචාරාත්මක බැමි බිඳ හෙලමින් යන්නට අවශ්‍ය ශක්තිය උශාලි වෙත ළංකරයි.

“ඉතින් ඇයි අම්මාව ඈතින් ඇන්දෙ?”

ඒ ප්‍රශ්නයට පිළිතුරු නොදී දෑස් අත්වලින් වසාගෙන දුලන්‍යා කඳුලු වගුරන්නට පටන් ගත්තේ හිත කීරි ගස්සමිනි. මල් පෙති මතට උණු වතුර වක්කරන්නට අපට අවශ්‍ය නැත, අයිතියක්ද නැත. එහෙම මොහොතක දුලන්‍යා වන් සියුමැලි පොඩ්ඩියක මේ සා වේදනාවක සිර වී හිඳින බව දැක දැක නොදැක්කා සේ හිඳින්නට උශාලිට නොහැක.

පෙර පාසල් විදුහල්පය්හිනිය සමග මේ බව පැඅසීමට සිතා උශාලි උත්සාහ කරේ ඒ මොහොතේ වූ වේදනාව පලවා හරිනු පිණිසයි.

“අනේ ඉතින් අඬන්න එපා, අම්මා ඒවි. බලන් ඉන්නකො හොඳ බබා වගේ අම්මා එනකම්, අඬන්න එපා හොඳේ”

“අම්මා එන්නෙ නෑ”

“ඇයි එහෙම කියන්නේ”

“අම්මා ගියා”

“ගියාට එනවා පැටියෝ, ඔයාව දාලා අම්මා කොහේවත් යන්නෙ නෑ. ඒ නිසා අඬන්න එපා, අනේ මගෙ හොඳ රත්තරන් නේ”

එහෙත් කෙල්ල උන්නේ නොනවතින ඇඬුමක හිරවීය.

“අම්මේ එන්නෙ නැතුව ඉන්නෙ නෑ. ඔයා තාත්තිගෙන් අහන්නකො අම්මා එන්නෙ කවදද, තාත්තිට කියන්න ගිහින් අම්මිව එක්කන් එන්න කියල”

කම්මුල් දිගේ වැගිරෙන පුංචි කඳුලු බිංදු පිසදාලමින් උශාලි උත්සාහ කරේ දුලන්‍යාගේ සිත සනසනු පිණිසයි. ඉන්පසුව ආ කාල වේලාවේ චිත්‍ර ඇඳ අවසන් කර කුඩා කුඩා ක්‍රියාකාරකම් කරද්දි වුව දුලන්‍යා උන්නේ සිත සතුටෙන්  නොවන බව පමණක් උශාලි දුටුවාය. එහෙත් මේ එවන් ගැටලුවක් විසඳාලන්නට මොහොතක් නොවෙ.එ අනෙක් අතට තමන් එවන් ගැටලුවක් විසඳාලන්නට සුදුසු කම් ලැබු අයෙකුද නොවේ.

යම් ගැටලුවක් විසඳාලිය උත්තේ ඒ පිලිබඳ හසල දැනුමක් ඇති අයෙකු පමණකි. ඉතින් වඩාත්ම උචිත කාරණාව නම් මේ පිළිබඳව පෙර පාස්ල විදුහල්පතිනියට දැනුම් දීමයි.

ගැටලුවක් තිබේ නම් එය තිබෙන්නේ දුලන්‍යාගේ අම්මා සමග බව උශාලිට තේරුම් ගියේ ඇය සමග කල කුඩා කතාබහෙනි. ඇයගේ මව මියගොස් ඇතැයි සිතන්නට නොහැකි ඇයගේ මවගේ දුරකතන අංකය ද දුලන්‍යාගේ තොරතුරු ඇතුලත් පොතේ ලියා තිබෙන බැවිනි. මව මිය ගොසින් නම් ඇයව භාරකරුවෙකු ලෙස නම් කර නොතිබෙනු ඇත. අනෙක් අතට මව මියගියේ දුලන්‍යා පෙර පාසලට ආවයින් පසුව නම් එබව අනිවර්‍යෙන්ම කාර්‍ය මණ්ඩලය විසින් දැනගන්නා බවද උශාලිට නොරහසකි.

ඇතැම් විට ඇයගේ මව කුමක් හෝ සුව කල නොහැකි රෝගයක් නිසාවෙන් පීඩා විඳිමින් හිඳිනවා විය හැක. දුලන්‍යාගේ ඇස් වලින් වැටෙන කඳුලු වලත්, චිත්‍රවලිනුත් ඇයගේ තාත්තාගේ අන්දකාරා ගැඹුරු දෑසේ ඇඳී ඇති වේදනාවෙත්, එදා “අම්මා ආවෙ නැත්තෙ ඇයි කියා ඇසූ විට” ඔහු කලබල වී “එයා ටිකක් බිසී මේ දවස්වල” යැයී කියූ හේතුවෙත් සැඟවී ඇති රහස එය විය හැකි බවට සිතෙන් අනුමාන කරමින් උශාලි එසේ සිතුවාය.

පෙර පාසල අවසන් වී දරුවන් මව් දෙමව්පියන් වෙතටද ඇතැම් දරුවන් පාසල් වෑන් රිය වලින්ද ගෙන යන තුරු බලා හුන් සෙමෙන් ඇවිද ගියේ විදුහල්පතිනියගේ කාර්‍යාල කාමරය වෙතටයි.

මේ සිත අස්සෙ සිරකරගෙන හිඳින්නට හැකි ගැටලුවක් නොවේයැයි සිතෙන්නේ එකී ප්‍රශ්නයට මුහුණ දී හිඳින්නේ දුලන්‍යා නිසාවෙන්ද යන ගැටලුව සිත තුලම රඳවා ගනිමින් උශාලි කොරිඩෝව දිගේ ඇවිද ගියාය.

“මැඩම් මේ අයි කමින් ඉන්?”

වසා තිබෙන දොරට ඇඟිල්ලකින් තට්ටු කල අවසර ගත් උශාලි ඇයගේ පිළිතුර හමුවේ කාර්‍යාල කාමරයට ඇතුලු වූයේ මද සිනහවක් මුව මත අලවාගෙනය.

“ඉයස් උශාලි? කම් ටේක් අ සීට්”

“තැන්ක්‍යු මැඩම්, මම ආවෙ මගෙ ක්ලාස් එකේ බබෙක් ගැන මට අයිඩෙන්ටිෆයි කරගන්න ලැබුන දෙයක් මැඩම් එක්ක කතාකරන්න”

“ඉයස් කියන්න උශාලි”

“මගේ ක්ලාස් එකේ ඉන්නව ගර්ල් කෙනෙක් දුලන්‍යා කුලරත්න. මොන්ටිසෝරි ආව මුල් කාලෙත් එයා ටිකක් සයිලන්ට් ළමේක් හැබැයි ටික ද්වසක් යද්දි නෝමල් විදියට සෙල්ලම් කර කර හිටියා. ඒත් ළඟදි ඉඳල මට ආයෙමත් එයා හරිම සයිලන්ට් වෙලාකියල තේරෙනව.

අද අපි පේන්ටින් ඇක්ටිවිටි එකක් කරද්දි අඳින්න දුන්න ටොපික් එක උනේ මයි ෆැමිලි. එයා ඒ පේන්ටින් එකේ කෙලවරක එක ලේඩි කෙනෙක්ව ඇඳල තිබුනා.

මම ඇහුවම ඒ කවුද කියල අම්මා කියල ඒ ළමය අඬන්න ගත්තා.

මම දන්නෙ නෑ මෙතන මම කන්සර් උනාට ලොකුවට හිතන්න දෙයක් තියෙනවද කියල? ඒ උනාට අයි තින්ක් ඉට්ස් බෙටර් ෆො හර් ඇන්ඩ් ෆොර් අස් ඕල්සෝ ටු ටේක් අ ලුක්”

පෙර පාස්ල විදුහල්පතිනිය උන්නේ මද වේලාවක් නිහඬව එක එල්ලේ උශාලිගේ දෙනෙත් දෙස බලමිනි. ඒ බැල්ම දරාහිඳින්නට අපහසු වුවද ඇයගේ බැල්ම මග හැර වෙනතක් බලන්නට හැකියාවක් උශාලිට තිබුනේ නැත.

අනෙක් අතට ඇය වෙත විත් මේ ගැටලුව ගැන මුලින්ම කියුවේ තමා විසිනි. ඉතින් ඇය විසින් කියන්නට නියමිත කිසිවක් මග හැර දා පිට වී යන්නට හැකියාව්ක තමාට නැති බව උශාලි දනී.

“ඔයා මට ඒක කිව්ව එක හොඳයි උශාලි. අපි දන්නෙ නැති එක ඇත්ත ප්‍රශ්නයක් කොහෙ හරි තියෙනවද කියලා. ඒඋනාට මේ වගේ දෙයක් ගැන දැනගන්න ලැබුනම ඒක අපි හොයල බලන එක හොඳ දෙයක්. වීක් ඩේස්වල ගොඩක්ම මේ දරුවො ඉන්නෙ අපිත් එක්ක නිසා ගෙදර ඉන්න අම්මල තාත්තාලට වඩා දෙයක් අපිට පේන පොසිබිලිටි එකක් තියෙනවනේ.

තැන්ක්‍යි වෙරි මච් ෆොර් දිස් ඉන්ෆොමේශන්. මම එයාගේ ගාඩියන්ට කෝල් කරලා මේ ගැන කතා කරන්නම්. අයිල් අප්ඩේට් යු ඔන් දැට් ඈස් වෙල්”

ඇය වෙත ගොඩ ප්‍රශ්නය කියුවද දුලන්‍යාගේ කඳුලු ගැන නොසිතා ඉන්නට හැකියාවක් උශාලිට තිබුනේ නැත. බසයේ නැගී නිවස බලා එද්දීත් උශාලි උන්නේ එකී කල්පනාවෙනි.

ඒ කල්පනාවට තුඩු දුන් හේතුවක කෙලවර ඒකපාර්ශ්වීය ආදරයක් නිසාවෙන් සිත හටගත් වේදනාවද ඇමිණී ඇති බව උශාලි දැන හුන්නාය. එහෙත් මේ වූ කලී ඒ මවගේ කිසිදු ගැටලුවක් නිසාවෙන් එතන හිඩැසක් ඇතිවන්නට කියා පතන පැතුමක් නොවේ.

ආදරණීය, සියුමැලි කුඩා දරුවෙකුගේ ලෝකය බිඳ නොහෙල්ලනයි දෙවියන්ගෙන් ඉල්ලන පැතුමකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles