Tag: පමා වී පිපුනු මල්
"හැමෝම හැම තිස්සෙම ප්‍රශ්න කියන්නෙ නෑනෙ මිසිස් ආරියරත්න. දරුවෙක්ගෙ වෙනස් වීමක් අපි දෙමව්පියන් විදියට අඳුරගන්න ඕන. මේ ප්‍රශ්නෙ අපිට නොපෙනුනාට අරුණලීට සෑහෙන දරුණුවට බලපාලා තියෙනව. ඇඬුවෙ නැති උනාට නිතර නිතර කල්පනා කරන එක, හැම තිස්සෙම නිදාගන්න එක, කෑම අරුචිය වගේ දේවල් වලින් එයා අපිට එයාගෙ මානසික පීඩනග ගැන පෙන්නුම්...
සුභා උන්නේ දියණිය ගැන පුදුමාකාර භීතියකිනි. අවුරුදු විසි පහක් විසි හයක් තිස්සේ උස් මහත් කල දරුවා ජීවිතයේ කිසිම දිනෙක මෙතරම්ම බියපත්ව ඉන්නවා සුභා දැක තිබුනේ නැත.
තමා සමාජයේ මිනිසුන් මේ ගැන මොනවා කියාවිද කියා බිය වී හිඳිද්දී තමන්ගේ නිවස තුලම තමා කුලුඳුලේ උපත දුන් දරුවා බියපත්ව මානසික ඇද වැටී හිඳීම...
“ඇයි උඹ දැන් ආවෙ?”
මෙනුක ඇසුවේ නිවසේ දොරකඩ ඉදිරියේ සිටගෙන උන් රමිත් දෙස බලාගෙනය. තමා ඔස්ට්‍රේලියාව බලා ආ දවසේ හිඳ අදවන තුරු එනම් සතියක් ගෙවෙන තුරු තමා හමුවන්නට නොඑන්නට රමිත්ට තිබූ හේතුව සිත පෙලූ වරදක් කිරීමේ බය සහ සැකය විය හැකි බව මෙනුක දනී.
එහෙත් ඒ කුමක් කලද ඔහු සමග රණ්ඩු...
මෙනුක ආපසු ඔස්ට්‍රේලියාව බලා ආවේය.
ඒ අරුණලීට ආපහු තමා කරා එන්නට හෝ තමා සමග කතා කරන්නට හෝ අදහසක් නැති බව දැනගෙනය. එහෙත් මෙනුක උන්නේ අරුණලීව අමතක කරන අදහසකින් නොවේ. කෙසේ හෝ අරුණලීව හිමි කර ගත යුතු යැයි අදහසකිනි.
ලංකාවේ සිට මෙල්බර්න් බලා ගුවන් යානය ගුවන් ගත කල මොහොතේ පටන් මෙල්බර්න් ගුවන්...
"නංගි" කියාගෙන කුමිල පියවරක් ඉදිරියට තැබුවේය.. ඒ හඬ ඔස්සේ හැරී බැලූ මෙනුක හනි හනික පියවර තබා විසිත්ත කාමරය හරහා අරුණලී වෙත එන්නට කටයුතු කරේය.
"එන්න එපා" අරුණලීගේ හඬ සිහින්ව නමුත් වඩා ශක්තිමත්ව විසිත්ත කාමරය සිසාරා ගියාය. ඒ මොහොතකට එහි කුණාටුවකට පස් ඇතිවන අන්දමේ මහා නිහඬ බවක් මවාලමිනි. ආරියරත්න යුවලත් පීරිස්...
"අරුණිට නම් හොඳයි, කැම්පස් එකෙන් අවුට් වෙද්දිම හොඳ ජොබ් එකක් තියෙන මහත්තයෙක් ඉන්නවනෙ"
විශ්ව විද්‍යාලයේ අවසන් වසර විභාගයට මසකට පමණ පෙර සිට සූදානම් වෙද්දි තව මාස දෙකකින් පමණ තමන් සියල්ලන්ම මේ වසර කිහිපයක් සෙවණ දුන් නිවහන හැර යන බව සිහිපත් කරමින් කතාව ඇරඹුවේ තිසුරිය. ඒ වනවිට විශ්ව විද්‍යාල බෝඩිමේ කාමරයේ...
අරුණලී උන්නේ හඬාගන්නටවත් පණක් නැතුවය. හෝටලයේ සිට නිවස බලා එන්නට වාහනයට නගිද්දි අරුනලී දෙනෙත් බිමට බර කරගෙනම ආවේ මිනිසුන්ට මුහුණ දෙන්නට බැරිකමටත් වඩා තමන් විසින් ආදරයෙන් සොයා බලා ඇණවුම් කල විවාහ මංගල සැරසිලි දෙස බලන්නට බැරිකම නිසාවෙනි.
මේ සියල්ල මෙසේ ආදරයෙන් ගොඩ නැගුවේත්, විය හියදම් ගැන නොසිතා ඇණවුම් කලේත් මෙවන්...
සිනා කතා රැසකුත් වෙහෙස මහන්සියෙන් ගෙවූ වරු රැසකටත් පස්සේ එළඹුනේ අරුණලීත් මෙනුකත් බොහෝ බලාපොරොත්තු තබාගෙන උන් ඒ ආදරණීය දවසයි.
සුන්දර මැයි මාසයේ මැද දවසක මධ්‍යම රාත්‍රියේ දොලහට පමණ අරුණලී තමන්ගේ දෙමව්පියන්ගේ නිවසින් නික්මුනේ පතිනියක් ලෙස සැරසෙනු පිණිස රූපලාවන්යාගාරයටය. සිතූ අන්දමටම ඉල්ලූ පරිද්දෙන්ම ඉතාම චාම් ඩල් ගෝල්ඩ් පැහැති සාරියකින් සැරසී හුන්...
දෙවන ගමන අවසන්ව ගෙවෙන දින කිහිපය පුරා අරුණලීටත් මෙනුකටත් විවාහයවෙනුවෙන් වැය කල වෙහෙස මහන්සිය නිවා ගැනීම පසෙක තබා ඔස්ට්‍රේලියාව බලා.පිටත්ව යන්නට අවශ්‍ය කටයුතු ද එයට පෙර කල යුතු කටයුතු ද අවසන් කරන්නට කාලය වැය කරන්නට වන බව දන්නා නිසාම අරුණලී සහ මෙනුක උන්නේ ඉතාම කාර්යබහුල කාලයක් පසුකරමිනි. මෙනුක විවාහය...
"මල් නම් සර් මම කියන්නෙ ෆ්‍රෙශ් ෆ්ලවර්ස් විතරක්ම දාන එක පාඩුයි. ෆ්‍රෙශ් ෆ්ලවර්ස් එක්ක මික්ස් එකෙ ආටිෆිශල් ලීවස් ඇන්ඩ් ෆ්ලවර්ස් දාන එක ලාබයි. ෆොටෝස් වලට එහෙම කිසිම වෙනසක් පේන්නෙ නෑ සර්"
අරුණලීත් මෙනුකත් විවාහ මංගල උත්සවයේ මල් සැරසිලි කිරිම සඳහාත් තෝරගත්තේ අඩු වියදමින් සුන්දර මල් සැරසිලි කරන බවට ප්‍රසිද්ධ කුශී...