Tag: ප්‍රේමයේ අභිමන්
තත්පර, විටෙක මීටර සියය දුවමින් ද තවත් විටෙක නැවතිල්ලේ හා ඉබි ගමනේ යෙදෙමින් ද ගෙවෙන්නට විය. මේ වසරේ වස්සානය හුඟක් දිග සේ දැනිණ. වැස්ස ද වරෙක මොරසූරන වැස්සක් ව වැටුණේ ය. තවත් වරෙක පිනි පොද ඉහිරවමින් උකටලී ව සිටියේ ය.
වැස්සා ය කියා නතර වෙන්නට විදිහක් ජීවිත වලට නැත්තේ ය....
සසංක ක්ලච් එක හා බ්‍රේක් පැඩලය මත දෙපා තැබුවේ මෘදු ලෙස ය. මේ මොහොත අභියෝගයක් වන බව ඔහු දැන සිටියේ ය. නමුත් ඒ අභියෝගය මගැර පලා යා නො හැකි ය.
හිරු මඬල ගිනි ගනිමින් තිබිණ. අනන්‍යා දිගු අඩි තැබුවේ හිරුගේ පෙළීමෙන් ඉක්මනට මිදී බස් නැවතුම තෙක් යන්නට ය. සසංක ගේ...
එ් බොජුන් හල මීගමුව පැත්තේ පිහිටි සුවිශේෂ එකකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් භෝජන හා යටිතල පහසුකම් ද වෙරලබඩ උද්‍යානයක් ද ඊට තිබේ. පසෙක අයිස්ක්‍රීම් අංගනයකි. එය වර්ණ හා රසයන් අති විශාල පරාසයක අයිස්ක්‍රීම් වලින් සමන්විත ය. ජීවිතයේ සතුට වෙනුවෙන් මිනිසුන් කෙතරම් ප්‍රණීත වූ දෑ සොයා ගෙන තිබෙනවා...
රාත්‍රිය උදා වූයේ හෙමිහිට ය. උඩු මහලේ භෝජන සංග්‍රහය උනුන් අවබෝධ කර ගැනීමේ කතා බස් වලින් සමන්විත ව ළයාන්විත ලෙස කෙරී ගෙන ගියේ ය. එහිදී සසංක වැඩිපුර උනන්දු වූයේ අපරාජිතා ගේ මව්වත් හද මඬල ගැන ය. ඇගේ දෑස් වල වන කරුණාබර ශාන්තිය සම කළ හැකි වන්නේ මහාමායාව ගේ හෝ...
අපරාජිතා රියෙන් බහින්නට පෙර ම සිය දෑස් සසංක වෙත පා කොට හැරියා ය. ඔහු ගේ එක අතක හෝස් එක ද අනිත් අතේ ස්පොන්ජ් එකක් ද තිබිණ. දිය පහර බීට්ල් එකට අල්ලා ගෙන ම ඔහු අපරාජිතා දෙස ද අනන්‍යා දෙස ද මාරුවෙන් මාරුවට බලමින් සිටියේ ය.
සසංක හැඳ සිටියේ සැහැල්ලු කොට...
අවන් හලේ මතු මහලට සාගරය රළ නගන හැටි මැනවින් පෙනේ. ඈත දියඹ සිට පෙරලි පෙරලී එන රළ, මෑත වෙරළේ දී බිඳී විනාශ වී යයි. රැල්ලක් ඒ තරම් දුර කතර ගෙවා ගෙන එන්නේ වෙරළේ හැපී මිය යන්න දැයි සිතෙත්දී හද තුළ ශේෂ වන්නේ හිස් හැඟීමකි. ඇතැම් විට ජීවිතය ද එසේ...
අපරාජිතා රත්මල්ගොඩ නිසංසලේ ඇස් හැරියා ය. කුරුලු කූජන ඈ වට කොට ඇසෙමින් තිබිණ. රාත්‍රිය ඉතා සාමකාමී ලෙස ගෙවී ගිය බවට, පෑදි දියක් සේ වූ ඇගේ හිත සාක්ෂි දැරුවේ ය. අපරාජිතා මූණ සෝදා ගෙන සඳැල්ලට ගියා ය. සීනියාස්, දහස් පෙති, රාජ පොහොට්ටු හා අට පෙති මල් ගාල් රාත්‍රියේ වට මඳ...
බත් කූරු සංදර්ශනය දිගට ම සිදු වූයේ අපරාජිතා ගේ හිත ඔවුන් වෙත යොමු කරවා ගෙන දුක් කල්පනා වලින් මුදවා ගන්නට මෙනි. බත් කූරන් ට එසේ හෝ කළ හැකි වී ද ඈ වෙනුවෙන් ඔහුට කළ හැකි යමක් නෑ නොවේ දැයි සිතෙත්දී සසංක තුළ හිස් හැඟීමක් ඇති විය. ඔහු දෑත් කලිසම් සාක්කු...
නිර්ණාමික ලියන්නී බ්ලොග් පිටුවට අලුතෙන් එක් ව තිබි කවියේ අකුරු පේළි දිග සසංක ගේ ඇස් කී වරක් ඉහළ පහළ ගියා දැයි නිශ්චිත නැත.
ඔබ ඉන්න ඔතන ඔහොම
වැහි වනාන්තරයක දලුලන ගුප්ත කැලෑ සුවඳත්,
කඳුකර කේතුදර වනයක සන්සුන් දේවදාර පුසුඹත්,
එකවර මහදවත දනවමින
ඔබ ඉන්න ඔතන ඔහොම...
මට ඉන්න දෙන්න මෙහෙම
අසෙණි වැස්සක් වඩා ගත් අළු පාට...
තවමත් අපරාජිතා ගේ සවන් තුළ අසේල ගේ සිනහ හඬ රැව් දේ.
"මචාං..දොඩවන්නැතුව හිටපාං"
සසංක ගේ ලැජ්ජාබරිත ඒ වදන් පෙළ ද ඒ වෙලාවේ ඔහු ගේ මුහුණේ වූ නො සතුට ද අමතක කළ නො හැකි ලෙස අපරාජිතා ගේ සිතේ සනිටුහන් ව තියේ. ඒ බෝම්බය ට හසු ව සුනු විසුනු වූ හදෙහි සුන් බුන්...